Monday 18 November 2013

පස්යාලේ බස් අනතුරක් 21ක් රෝහලේ

කොළඹ මහනුවර මහා මාර්ගයේ පස්යාල කලල්පිටියේදී ඊයේ 18 පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ   රිය අනතුරකින් තුවාල ලැබූ මගීන්  21 දෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර එක් අයකු ගම්පහ මූලික රෝහලට මාරු කර යැවීමට නියමිතව තිබිනි.

 අනතුරට පත් පෞද්්ගලික බසයේ රියදුරා මුදා ගැනීමට වෙහෙසෙන පිරිස
බස් රථ දෙක ගැටී තිබූ අයුරු.
කොළඹ සිට මහනුවර බලා ගමන් කරමින් තිබූ යටිනුවර ඩිපෝවට අයත් ලංගම බස්රියක් හා වරකාපොල සිට නිට්ටඹුව බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රියක් මෙසේ අනතුරට පත්ව ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. පස්වරු 3.45 ට පමන මෙම අනතුර සිදුවිය. තුවාලකරුවන් අතර කුඩා දරුවන් නොවීය. පෞද්ගලික බසයේ රියදුරා හා කොන්දොස්තරවරයාද ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට ගෙනා පිරිස අතර වන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද ඔහු පැවසීය. ලංගම බසයේ රියදුරුගේ තත්ත්වය පිළිබදව තොරතුරු කිසිවක් අනාවරණය වී නොතිබිණීි. රිය අනතුරත් සමග මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවුනු අතර පොලිසිය ප්‍රදේශවාසීන් හා එක්ව තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබීය. පෞද්ගලික බසය අනතුරත් සමග පොඩි පට්ටම්ව තිබූ අතර හිරවී සිටි එහි රියදුරා ඉන් මුදා ගැනීමට මහත් වෙහෙසක් ගැනීමට සිදුවූ බව පොලිසිය කිීය නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි. 
එම්.පී. කුමාර

1 comment:

  1. කොළඹ සිට මහනුවර බලා ගමන් කරමින් තිබූ යටිනුවර ඩිපෝවට අයත් ලංගම බස්රියක් හා වරකාපොල සිට නිට්ටඹුව බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රියක් මෙසේ අනතුරට පත්ව ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි//////////// මේ රුඩ් දෙකේම බස් ඩරයිවර්ලට තියෙන්නේ පුදුම පිස්සුවක් ,, වේගෙන් යන්නේ ගොඩක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...