Sunday 8 December 2013

නව ලෝවට සරිලන විශ්ව විද්‍යාල පද්ධතියක් අපිට නෑ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. කියයි




මහින්ද රාජපක්ෂ යුගය තුල මෙරට විශ්ව විද්‍යාල සදහා සිසුසිසුවියන් ඇතුලත් කර ගන්නා ප්‍රමාණය සියට තුන්සියකින වැඩි කිරිමෙන් ශිෂ්‍යයින් 9000 සිට 27000 දක්වා පිරිසක් ඇතුලත් කර ගැනිමට හැකියාව ලැබි ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පෙන්වා දෙයි.
උසස් අධ්‍යපන අමත්‍ය එස්.බි. දිසානායක මහතා

දෙදහා වසරේ මුල් කාලය වන විට විශ්ව විද්‍යාල සිසුවෙකු සදහා වෙන් කරලා තිබුණේ රුපියල් හැටදහසක් හෑත්ත දහසක් පමණ මුදලක් අද ඒ තත්ත්වය වෙනස් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ යුගය වන විට එක් සිසුවෙක්  වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් වැයකරනු ලබනවා.ලබන වසරේ උසස් අධ්‍යාපනය සදහා රුපියල් බිලියන තිස්පහක මුදලක් වෙන්කර තිබෙනවා.මේ අනුව විශ්ව විද්‍යාල සදහා නව පීඨ එක් කිරිම නේවාසිකාගාර පහසුකම් සැපයිම වැනි වැඩසටහන් රාශියක් ඉලක්ක කර තිබෙනවා.මේ නිසා අද විශ්ව විද්‍යාල සිසුසිසුවියනට විශාල වගකිමක් තියෙනවා.
අලුත් දෙවල් හදන නව ලෝකයට අලුත් යමක් දෙන අයෙකු මේ විශ්ව විද්‍යාල වලින් බිහි වෙන්න ඕනෑ.අද වෙන කාලෙක වගේ නොවේ විශ්ව විද්‍යාල දරුවන්ටත් තරගයකට මුහුණ දෙන්න වෙනවා.මේ අය විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන කොට උසස් පෙළ සමතුන් තව එක්ලක්ෂ විසිපන්දහසක් පමණ පිටත ඉන්නවා ඒ අයගෙන් පහළොස් දහසක පමණ පිරිසක් පිටරටවල අධ්‍යපනය සදහා පිටත් වෙනවා .ඒ අය විශාල දුකක් විදිනවා විශාල වියදමක් දරණවා . අපි එම තත්ත්වය වෙනස් කරන්න තිරණය කරා විදේශිය විශ්ව විද්‍යාල වල ශාඛා ජාලයන් ඒ වගෙම පෞද්ගලික විශ්ව විද්‍යාල මේ රටට හදුන්වා දි තිබේනවා. ඒ අනුව මෙරට තුල ඉතා හොද ඉන්ජිනේරුවන් වෛද්‍යවරුන් තොරතුරු තාක්ෂන වේදින් නිර්මාණය විම ඉතා වැදගත් රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල හදුන්වා දිමෙන් මෙරට නිදහස් අධ්‍යපනය වහලා දාන්න කරන වැඩක් නොමේ අපි නිර්මාණය කරන්නේ .එයට තවත් වටිනා කමක් ඒ තුලින් නිර්මාණය  කරන්න තරග කාරිත්වයක් නිර්මාණය කරන්න. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුල ගුණාත්මක භාවය වැඩි කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් එළියට එන සිසුවාට හොද ඉල්ලුමක ඇතිකිරිමට අවස්ථාව උදාකිරිම මෙහි අරමුණ බව  උසස් අධ්‍යපන අමාත්‍ය වරයා පැවසිය.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අම්පාර කොන්ඩුවටුවාන යුද හමුදා සටන් පුහුණු පාසලේ නායකත්ව පුහුණුව ලබන විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසු කම් ලැබු 473ක් වු සිසුසිසුවියන් අමතමින් .තව දුරටත් අදහස් දැක්වු අමාත්‍ය වරයා

එදා විශ්ව විද්‍යාල ක්‍රමය විනාශ කරන්න උතුරින් එල්. ටි. ටි. ඊ. සංවිධානය මුලික වුනා දකුණින් ජනතා විමුක්ති පෙරමුණ මුලික උනා ඒ දවස් වල විශ්ව විද්‍යාල වල කුලපති වරු ඝාතනය කරා දකුණේ ජනතා විමුක්ති පෙරමුණ 84 සහ 86 කාලවල  සියගණනක් විශ්ව විද්‍යාල දරුවන් ඝාතනය කරා.උතුරේ ප්‍රභාකරන් එක් එක් සංවිධානවල සම්භන්දකම් ඒ දරුවන්ට තිබෙන බව පවසමින් හාරසියකට වැඩි පිරිසක් ඝාතනය කාර .අදත් ඒ වගේ අය මෙවයේ හොල්මන් කරනවා පෙරටුගාමින් කියයි මේ අය කියයි. මොනවා උනත් හොයලා බැළුවම මේ සංවිධන මෙහෙවන අය විශ්ව විද්‍යාල දේශනයකටවත් පුස්තකාලයටවත් යන්නේ නැති විභාග පෙල් වෙවි ඉන්න පිරිසක් මේ අය තමයි මේ පද්ධතියේ නායකයෝ වෙන්න හදන්නේ .අපි කියන්නේ මේ දරුවන්ට විශ්ව විද්‍යාලයට යන්න අළුත් නිර්මාණ කරන්න පෙළපාලි යන්න උද්ඝෝෂන කරන්න පාරට බැහැලා කෑ ගහන්න මෙවා ඕනෑ නමුත් ඉගෙන ගන්න ඒක තමයි වැදගත් වෙන්නේ ඒක තමයි මේ රටේ විශ්ව විද්‍යාල වලට එන දරුවන්ගේ දෙමාපියන්ගේ කැමැත්ත .එයට මුල් තැනක් දෙන්න.මෙම නායකත්ව පුහුණුව විශ්ව විද්‍යාල සිසුන් හට හදුන්වා දෙන්නට පෙර කාලයේ විශ්ව විද්‍යාල වල සිසුසිසුවියන් පිට්ටනියකට අඩිය තියන්නේ නෑ ජිම් එකකට යන්නේ නෑ ඒ කලේ කොහොමද බැළුවම විශ්ව විද්‍යාල විද්‍යාර්ථයන්ගෙන් සියට අනු තුනක් ක්‍රිඩාවක් කරන්න පිට්ටනියකට ගිහින් නෑ. අද ඒ තත්ත්වය වෙනස් මේ නව නායකත්ව පුහුණුවෙන් පසුව සියයට තිහ දක්වා ප්‍රමාණයක් ක්‍රිඩාවල නියලෙනවා ඒක හොද ප්‍රවනතාවයක්.

නැගිටින අලුත් ලෝකයේ ශ්‍රි ලංකාවට මේ දරුවෝ අපි සුදානම් කරන්න ඕනෑ ඒ සදහා විශ්ව විද්‍යාල වෙනස් කරන්න ඕනෑ.ඒ සදහා ආචාර්ය වරු මහාචාර්ය වරු වෙනස් කරන්න වෙනවා.විශ්ව විද්‍යාල පරිසරය වෙනස් කරන්න වෙනවා.පහසුකම් වෙස් කරන්න වෙනවා .දරුවන්ගේ ආකල්ප වෙනස් කරන්න වෙනවා .පාඨමාලා වෙනස් කරන්න වෙනවා.අළුත් පාඨමාලා හදුන්වා දෙන්න වෙනවා .රැකියා නැති දරුවෝ නිෂ්පාදනය කිරිම අවසන් කරන්න ඕනෑ.ඉංශ්‍රිසි දැනුම වැඩි කරන්න වෙනවා.විශ්ව විද්‍යාලයෙන පිටවන විට මේ දරුවන්ට ඉතා හොද මිලක් ඉල්ලුමක් තියෙන්න ඕනෑ.අද එහෙම තත්ත්වක් නෑ උපාධිය තියාගෙන රැකියා සොයමින් සංගම් හදාගෙන දරුවෝ වඩාගෙන යන්න වේලා මේ ක්‍රමය නවත්වන්නට ඕනෑ.
එස්.බි. දිසානායක මහතා සමග සිසුසිසුවින් කතා කරමින්

මේ නායකත්වය තුලින් අපේ රටට අළුත් විදියට හිතන අළුත් දේවල් නිර්මාණය කරලා ලෝකයට දෙන පිරිසක් ගොඩනැගෙන්න ඕනෑ.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියනවා වගේ සිතිජයට ඉහලින් ලෝකය දකින්න පුළුවන් දරුවන් පිරිසක් බිහිකරන්න ඕනෑ. ලෝකේ මේ රණ විරුවන්ට වඩා අත්දැකිම් තියෙන පිරිසක් තවත් නෑ.ඔවුන් අවුරුදු ගණනාවක් බංකර්වල ඉදලා දුක් විදලා ලබා ගත්ත දැනුම් සම්භාරය අත් දැකිම් සම්භාරයත් ඉවසිමත් නායකයෙකු වෙන්න සුදානම් වෙන අයෙකුට ඉතා වැදගත් බවද අමාත්‍ය වරයා මෙහිදි පැවසිය.


                                                                                     චන්දන ලියනආරච්ච්

3 comments:

  1. nawa lowata sarilana casino t apita naa ban

    ReplyDelete
  2. ඒකනේ දාන්න යන්නේ

    ReplyDelete
  3. කැම්පස් ඇතුලෙත් කැසිනෝ ඕනෑ කියන ජාතියෙ ඇමතිවරයෙක් මෙයා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...