Thursday 5 December 2013

ඉමදුව නාලන්දා ප්‍රාථමිකයට, රු. 100000 වටිනා චෙස් ක්‍රීඩා උපකරණ හා රු. 50000 වටිනා තූර්ය වාදක කණ්ඩායම අවශ්‍ය භාන්ඩ



අද සිටින දරුවන්ට විභාග සමත් කිරීමට පමණක් ම හුරු නොකර ක්‍රීඩාව හා අධ්‍යාපනය යන සියල්ල සමබරව කරගෙන යාමට ඉඩ දී ඔවුන්ගේ මනස සැහැල්ලුවෙන් තැබිය යුතු බව දකුණු පළාත් සභා මන්ත්‍රී ඒ.ජී.සී පියසිරි මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ ඉමදුව නාලන්දා විද්‍යාලයේ චෙස් ක්‍රීඩාව ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්වසයක දීය.
මෙහි දී ඉමදුව නාලන්දා ප්‍රාථමිකයට රු. 100000 වටිනා චෙස් ක්‍රීඩා උපකරණ මන්ත්‍රී වරයා අතින් පිරිනැමුණු අතර, දකුණු පළාත් සභා මන්ත්‍රී ජේ.කේ.ඩී. ජයවික්‍රම මහතා රු. 50000 වටිනා තූර්ය වාදක කණ්ඩායම අවශ්‍ය භාන්ඩ ලබා දෙන ලදී.
එහිදී මන්ත්‍රී  වරයා මෙසේ ද පැවසීය,  පහ ශිෂ්‍යත්ව විභාගය ගැනත් අද එක එක මත තියෙනවා. අම්මලාට කොහොම හරි වුවමනා වෙනවා තම දරුවාව මෙයින් සමත් කරන්න. ඒක නිසා විභාගය පසු පසම දුවනවා. ඒ තුලින් දරුවාගේ ළමා කාලයට යම් හානියක් වෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමයේ ත් තිබෙන වැරද්දක් මේක. විභාගයම තමයි සම්පුර්ණ ඉලක්කය.  නමුත් මේ දෙකම ඒ කියන්නේ ක්‍රීඩාව හා සෞන්දර්යාත්මක දේවල් සමග දරුවා අධ්‍යාපනය කරනවා නම් ඔවුන්ගේ මනසට එය ඉතාම ලොකු සැහැල්ලුවක් වෙනවා.
88 භීෂනට හසු වු මම සුව කරේ වෛද්‍ය විද්‍යාෙවන් නොවෙයි. වෛද්‍ය විද්‍යාවට නොහැකි වු දෙය සොවියට් රුසියාවේ දී සංගීතය මගින් සිදු කරමින් තමයි මම සුවපත් වුනේ.
ඉදිරියේ දී රටට අවශ්‍ය අධ්‍යාපනය සමග ක්‍රීඩාව ද සමබරව කරන ලද හොද මානසික මට්ටමක ඉන්න දරුවන්. ඒ සදහා තමයි අපි මේ අකාරයෙන් චෙස් ක්‍රීඩාව වැනි ක්‍රීඩා ආරම්භ කරන්නේ ගමේ දරුවන් වෙනුවෙන්. මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ දරුවන් මේ ක්‍රීඩා සදහා යොමු කර මේ සදහා ද විභාගයට මෙන්ම තල්ලුවක් ලබා දෙන මෙන්.
මෙහි දී අදහස් දැක් වු දකුණු පළාත් සභා මන්ත්‍රී ජේ.කේ.ඩී. ජයවික්‍රම මහතා,
අද ලංකාවේ හොදම ශිෂ්‍යත්ව ප්‍රතිඵල තියෙන්නේ දකුණේ. ගාල්ල දිස්ත‍්‍රික්කයේ හොදම ශිෂ්‍යත්ව ප‍්‍රථිපල තියෙන්නේ හබරාදුව ආසනයේ. එයිනුත් නාලන්දාවේ තමයි හබරාදුව වැඩිම ලකුණු තියෙන්නේ. ඒක නිසා ඒ තත්වය මේ පාසලෙන් නැති කර ගන්න එපා. ඔය මොන අධ්‍යාපන ලොක්කා කිව්වත් පංතියක ඉන්න ළමයි ප‍්‍රමාණයට වඩා වැඩි කරන්න නම් එපා. ඒක ළමයින්ට කරන අසාධාරණයක්.
අනිත් එක පන්තියක ළමයි 60 විතර ඉන්න කොට කෙහොම ද ගුරුවරයෙක් පොතක් බලන්නේ. පොත හරි වැරදි ලකුණු කරලා ළමයා ලඟය විසි කරන්න තමයි වෙන්නේ. ඒක සාර්ථක ක‍්‍රමයක් නෙවෙයි. ඒ නිසා මම කරුණාකරලා කියනවා. අපි මේ පාසල් දියුණු කරන්න පුඵවන් හැම වෙලාවෙම උදව් කරනවා.
මෙම අවස්ථාව සදහා ඉමදුව ප්‍රාෙදශීය සභා මන්ත්‍රී රුවින් මන්තින්ද, විද්‍යාලයේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුඵ ආචාර්ය මණ්ඩලය සමගින් දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වුහ.
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...