Wednesday 4 December 2013

ගාල්ල කොටුවේ සංචාරක නිකේතනයක පිළිගැනීමේ නිලධාරියාගේ අතැති මුදල් මහමගදී කොල්ලකයි.



ගාල්ල කොටුවේ සංචාරක නිකේතනයක පිළිගැනීමේ නිලධාරියෙක් ලෙස කටයුතු කරනු ලැබූ පුද්ගලයෙක් පැහැරගෙන ගොස් බිය ගන්වා රුපියල් හතලිස් දහසක මුදල් කොල්ලකෑ ගාල්ල රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස පුද්ගලයා පැහැරගෙන ගොස් ඇත්තේ ඊයේ (02) සන්ධ්යාවේ දීය. මැණික් සහ ස්වර්ණාභරණ අලෙවි සැලකට සංචාරක යුවලක් සමග ගොස් ඔවුන් මිලදී ගත් භාණ්ඩ වෙනුවෙන් වෙළෙඳසැලෙන් තමාට ලබා දුන් කොමිස් මුදල සහ රුපියල් තිස් නම දහසක් සහ තම මුදල් පසුබියේ තිබූ රුපියල් දහසක් මේ ආකාරයට කොල්ලකා තිරරෝද රථයෙන් පාරට ඇද දමා ඔවුන් පළාගොස් තිබේ. ගාල්ල නගරයේ මධ්යයේ දී සිදු වූ කොල්ලකෑම සිදු කළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවටගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ගාල්ල පොලිසිය කියයි.
@ලංකින්ද නානායක්කාර 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...