Wednesday 4 December 2013

රාත‍්‍රී මුර සංචාරයේ යෙදි සිටි පොලිස් සැරයන් කරාපිටිය රෝහල්



ගාල්ල අහංගම පොලිසියේ  03 වන දින රාතී‍්‍රයේ  මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන් 60537 එස් ආරියතිලක  මහතා පසුගියදා රාතී‍්‍රයේ දී අණ නොතකා ධාවනය කළ තී‍්‍රරෝද රථයකින් යටකර යෑම නිසා එම පොලිස් නිළධාරියා බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර එකකයට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.මෙම සැරයන් වරයා සමඟ සිටි අනෙක් පොලිස් සැරයන් වරයාට කිසිදු අනතුරක් සිදුව නැත.
අනතුරට ලක් වූ මෙම පොලිස් සැරයන් හා තවත් පොලිස් කොස්තාපල්වරයෙකු පෙරේදා  රාතී‍්‍ර කාලයේ අහංගම නගරයේ මුර සංචාරයේ යෙදී සිට ඇත. මේ අවස්ථාවේ දී මාතර සිට ගාල්ල දෙසට වේගයෙන් ධාවනය වූ තී‍්‍රරෝද රථයක් මෙම නිළධාරියා විසින් නැවැත්වීමට සංඥා කර ඇතත් එම තී‍්‍රරෝද රථය පොලිස් සැරයන්වරයාද යටකරගෙන නොනවත්වා ධාවනය කර පලාගොස් තිබේ. අදාළ ත‍්‍රීරෝද රථයේ සිටි පිරිස අධික බීමතින් සිට ඇති බවත්, රථය පොලිස් නිළධාරිහු හඳුනාගෙ ගන ඇතිබවත් පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි.
@ලංකින්ද නානායක්කාර  

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...