ශිත සමය ආරම්භයත් සමගම ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරය අධික හිම පතනයකින් වැසීගියා..මේ සතිය ආරම්භයේ පටන් තරමක් සිතලක් පැවතියත් ඊයේ උදෑසන තත්වය වෙනස් වුණා.. අද උදෑසන පටන් පාසල් , ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල උනා ජෙරුසලම සහ හර්මොන් කියන ප්‍රදේශ වල..මෙය වසර 60 කට පසු ජෙරුසලම නගරයේ සිදුවූ විශාලම හිමපතනය සහ මුළු රටටම වැඩිම සීතලක් දැනුන සිසිරය බව මාධ්‍ය වාර්ථා වල කියවුණා..අද උදෑසන 30 mm දක්වා හිම පතනයක් ජෙරුසලම අවට පැවතුනා.ඒ වගේම රෝහල් රෝගීන්ගෙන් පිරීගිය බවත් සදහන් වුණා..මේ ලිපිය ලියන මොහොතෙත් ..අයිස් කැට ජනෙල් වලට වදින සද්දේ මහා ඝෝසාවක් වෙලා ඇහෙනවා ...
මිනිස්සු සීතල එක්ක කරන යුද්දේ දකිද්දී ...ඒ වගේම ගිම්හානේදී අධික රශ්ණයත් එක්ක හැප්පෙන හැටි දකිද්දී මගේ රටට සොබාදහම කොච්චර දේ දීලා තියෙනවද කියලා හිතෙනවා..ඒත් 1947 දී තමන්ට කියලා රටකවත් නොතිබ්බ .. 1948 අපි සුද්දන්ගෙන් නිදහස ලබද්දීම අපි එක්කම එකට රටක් ලබාගත්ත යුදෙවුවෝ දැන් ඉන්න තැනයි ශ්‍රේෂ්ඨ අතීතයක් හිමි අපි දැන් ඉන්න තැනයි දැක්කම මගේ රට ගැන හරිම කනගාටුයි ...
___________අපුර්වි________
ලස්සනයි .....
ReplyDeleteජෙරුසලමද
Deleteඅපිට වැරදුනේ
ReplyDelete1. අපේ පාලකයන්ගෙ නොහැකියාව
2. නිවැරදි පාලකයො තෝරා ගැනීමට අපට තියෙන නොහැකියාවයි නිසයි.
ෆොටොස් ටික නම් ලස්සනයි ඔමා.
කාට කියන්නද මේවා
Deleteඅපේ රටට ශ්‍රේෂ්ඨ අතීතයක් තිබුනට ඒ වගේ වර්තමානයක් නෑ ආශ්චර්යමත් අනාගතයක බලාපොරොත්තු තියනවා කොහොම වේවිද දන්නෑ
ReplyDeleteඅනාගතේ ගැන බලාපොරොත්තු ..........හ්ම්ම් බලමු
Deleteලස්සනට ලියල තියෙනවා. අවසන් කරලා තියෙන විදිය හරිම ලස්සනයි.
ReplyDeleteස්තුති ප්‍රසන්න ,,
Delete:) කීයක් ලියනවද අප්පා
ReplyDeleteඅපිට තාම අත්දැකීම් නෑ අක්කේ...ජොබක් කරන කාලේ රටපිටක ගිහින් ඔය අත්දැකීම් ගන්න ඕන.හීතලේ හිම වැටෙනවා බලන් ඉන්න හරි ආසයි.අවසානෙට දාලා තියෙන දේ ගැනනම් කතා කොරලා වැඩක් නෑ
ReplyDelete