Tuesday 10 December 2013

සෙල්ලම කරාටේ කෑවේ රොටී


            එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවති ආසියානු කරාතේ තරගාවලියට සහභාගී වූ ලoකා කණ්ඩායමේ එරට සoචාරය නිසි ලෙස සැලසුම් කර නොමැති බව වාර්තාවේ. මේ බව හෙලිවූයේ එම කණ්ඩායම මෙරටට පැමිණි අවස්ථාවේ ක්‍රීඩකයන්ගේ දෙමාපියන් නිළධාරින්ට චෝදනා කිරීම නිසා ගුවන් තොටුපොළේ ඇතිවූ උණුසුම් අවස්ථාවේදීය.
            ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව මෙම තරගාවලියට සහභාගීවූ නිළධාරීහු දරුවන්ගෙන් මුදල් අයකර ගත්තත් දරුවන්ට නිසි ඉදුම් හිටුම් හා ආහාර  ලබා නොදුන් බවට චෝදනා ලැබූහ. චෝදනා ලද නිළධාරියෙකු  දරුවන්ගෙන්  එකතු කරගත් මුදලින් කොටසක් තමා ඉතිරි කරගෙන පැමිණි බවත් ක්‍රීඩා ඇමතිවරයා ඉදිරියේ දී එම මුදල් දෙමාපියන්ට ලබාදෙන බව  පැවසීය.
ලබාදුන් ආහාර නිසා කීපදෙනෙකුට වමනය සෑදුන බව  සoචාරයට සහභාගීවූ ක්‍රීඩිකාවක් කීය. දරුවන්ට ආහාර ලබාදීම සදහා තමන්ගේ තනතුර ගැන පවා නොසිතා හොදි භාජන පවා තමා ඔසවාගෙන ගිය බව එක් නිළධාරියෙක් පැවසීය. 
                   මෙය ආසියාවේ රටවල් බොහෝ ගණනක් සහභාගී වන අන්තර් ජාතික තරගාවලියක් පුහුණුකරු වුනාට මම දන්නේ නෑ ළමයි කොහේ හිටියාද කියලා යැයි  ක්‍රීඩා අමාත්‍යන්ශයේ අනුමැතිය ලැබූ ජතික පුහුණුකරු පැවසීය.
                        මේ වගේ තරග වලට සහභාගී වනවිට  සැලසුම් ගතව යන්න ඕන හෝටල් කාමර කලින් වෙන් කරවාගෙන තරගාවලිය සදහා නිල හෝටල් තිබෙනවා ඒ තැනක් වෙන් ගත්තාම ආහාර ප්‍රවාහන පහසුකම් සියලු දේ ලැබෙනවා මුදල් ඉතුරු කරගෙන ඒම නොවේ වටින්නේ  යැයි ද ඔහු පැවසීය.මෙම සoචාරය සoවිධානය මෙහෙයවූ අය වන්දනාවේ ගිහින් නවාතැන් සොයන අයුරින් ඩුබායි ගුවන් තොටුපොළට ගොස් නවාතැන් සෙවූ බව ක්‍රීඩකයෙක් පැවසීය.
                                                                                                                         @  කුමාරසිරි ප්‍රසාද්


1 comment:

Related Posts Plugin for WordPress, Blogger...