Wednesday 4 December 2013

අමර ගුරු ප‍්‍රතිභා අධ්‍යපනික ප‍්‍රදර්ශනය 2013



අද දවසේ සිටින දරුවන් සමාජයේ ඉහළම මට්ටමට යන්නට අත්වැල ලබා දෙන්නේ ගුරුවරුන්ය. දෙමාපියන්ට හැරෙන්න සමාජයේ වැදුම් ලබන එකම චරිතය ගුරු වරයා බව දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජලාල් ද සිල්වා මහතා පැවැසීය.
මහ ඇමතිවරයා එසේ පැවැසුවේ  ගාල්ල උනවටුන අමරසූරිය ගුරු විද්‍යාලයේ ගුරු සිසු සිසුවියන් විසින් සංවිධානය කර තිබු අමර ගුරු ප‍්‍රතිභා අධ්‍යපනික ප‍්‍රදර්ශනය හා එක්වෙමිණි. මෙම අධ්‍යාපනික ප‍්‍රර්ශනය එක්වෙමිණි.
මෙම ගුරු විද්‍යලයේ අධ්‍යාපනය හැදැරූ ගුරු සිසු සිසුවියන් ඔවුහු හදාරන විෂයට අදාළව ප‍්‍රදාර්ශන කුටි සකසා තිබිණි. මෙම වැඩ සටහනේ ප‍්‍රදර්ශන කුටි 20කට අධික ප‍්‍රමාණයක් තිබුණි.
මෙම අස්ථාවට සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය රමේෂ් පතිරණ , ගුරු අධ්‍යාපන විද්‍යාලවල කොමසාරිස් පුෂ්පා ආර් සිල්වා , දිවන්ගත ආචාර්ය රිචඞ් පතිරණ මහතාගේ භාර්යාව පතිරගේ මහත්මිය, රාජ්‍ය නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.


ජායාරූපවලින් දැක්වෙන්නේ,ගාල්ල උනවටුන අමරසූරිය ගුරු විද්‍යාලයේ ගුරු සිසු සිසුවියන් විසින් සංවිධානය කර තිබු අමර ගුරු ප‍්‍රතිභා අධ්‍යපනික ප‍්‍රදර්ශනයේ නිර්මාණයෝ කිහිපයක් ආරාධිත අමුත්තන් විසින් නරඹන ආකාරයයි.  
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...