විදේශීය මුදල් නෝට්ටු ඡායා සහිත සුදු පැහැති කොල තොගයක් රැගෙන මෙරටට පැමිණි අප්‍රිකානු ජාතිකයෝ දෙදෙනෙක් ගුවන් තොටුපොළ රේගුවට කොටුවිය.මෙම කොල මෙරටදී රසායනික ක්‍රමයක් මගින් ව්‍යාජ මුදල් බවට පත් කරන බවට රේගුව අනාවරණය කරගෙන ඇත.ගමන් මලු වල තිබූ ආගමික පොත් අතර චෙක් පොත් ආකාරයට අසුරා තිබූ සුදු පැහැති කොල තොගය රේගු නිළධාරීන්ගෙ පරීක්ෂාවට ලක්වීමේදී සැකකරුවන් කොටසක් ඉරා දැමූ බව රේගුව කියයි.රේගු නිළධාරීන් අතට පත්වූ කොල තොගයේ ස්විස් ෆ්‍රෑන්ක් 50 කොල 12 ක්, ඇමෙරිකන් ඩොලර් 20 හා 50 කොල 40 බැගින් තිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා නීති අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.ව්‍යාජ විදේශීය මුදල් නෝට්ටු තොගයේ වයිනාකම රුපියල් හාර ලක්ෂ දහසය දහසක් පමණවේ.
නියෝජ්ය රේගු අධිකාරීවරුන් වන උදය ගාමිණී, සී එම් ඒ විජේසේකර, ඩී ඩී එස් සී මයිකල් යන නිලධාරීහු මෙම වැටලීම කර ඇත. නියෝජ්ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ඩී සිරිබද්ධන හා ජේ ආර් චන්ද්‍රරත්න මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරි විමර්ශණ සිදුවේ. වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන බව රේගු මධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ලෝකෙටම කුඩු බෙදන ඩොලර් හොරට ගහන සුපිරි කැසිනෝ තියෙන ආසියාවෙ සුපිරිම රට මේක වෙලා දැන්
ReplyDelete