Wednesday 4 December 2013

මෙත්සිරිගේ නඩුව යලිත් කල් යයි



ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ගාල්ල පළාත් බද අධිකරණයට ඉදිරිපත්කර තිබු නඩුව 2014 මර්තුමස 27  වන දින දක්වා   කල් තැබීමට,පළාත් බද මහාධිකරණ විසිසුරු කේ.බී.කේ හිරඹුරේගම මහතා විසින් ඊයේ 04 දින නියෝග කළේය.
ගාල්ල හිටපු නගරාධිපති මෙන්සිරි ද සිල්වා මහතා විසින් ගාල්ල පළාත් බද අධිකරණයට ඉදිරිපත් කර තිබු තම නගරාධිපති කම අහිමි කිරිම තම මන්ත‍්‍රී ධුරය අහිමි කිරිම ආදි කරුණු රැසක් මත දකුණු පළාත් සභාවේ ප‍්‍රධාන ඇමති ශාන් විජය ලාල් ද සිල්වා මහතා ඇතුලූ දකුණු පළාත් සභාවේ නිලධාරින් පිරිසක් සම්බන්දයෙන් ගොනු කළ නඩුව ඊයේ 04 විභාගයට ගැණිනි. මෙහිදි දකුණු පළාත් බද මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරුඹුරේගම මහතා මෙම නඩුව 2014 මර්තුමස 27  වන දින දක්වා කල් තැබීමට තිරණය කළේය.
මෙහි දී දෙපාර්ශවයේම පිරිස්  සඳහා ලිඛිත  දේශන ඉදිරිපත් කිරීමට  අධිකරණය නියෝග කර තිබිණි.එම දේශන අවසන් වීම නිසා වාචික දේශන දෙපාර්ශවයටම ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙම තිරණය ගත්හ. 
මෙහි දී දකුණු පළාත් සභාවේ ප‍්‍රධාන ඇමති ශාන්විජයලාල් ද සිල්වා මහතා වෙනුවෙන්,නිතිඥවරුන් වන, ප‍්‍රසිත වල්ගම ,සනත් විජයසේකර,සමන්ද සිල්වා  ප‍්‍රමුඛ නිතීඥයින් පිරිසක් පෙනි සිටියහ.ගාල්ල හිටපු නගරාධිපති මෙන්සිරි ද සිල්වා මහතා වෙනුවෙන්,නීතීඥ තුෂාර ද සිල්වා මහතා පෙනි සිටියේය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...