Thursday, 12 December 2013
වසර අටක් රට හිස් අතින් පැමිණ රෝහලට
2005 වසරේ ලෙබනනයේ ගෘහ පාලිකා රැකියාවකට ගිය හෝමාගම පිටිපන දකුන පදිoචි රන්ජනී පෙරේරා දැඩි ලෙස රෝගීව හිස් අතින් ආපසු පැමිණියාය. වසර දෙකක සේවා කොන්ත්රාත්තුවකට එරටට ගිය ඇයව වසර අටක් නිවස තුල හිර කරගෙන සිට ඇත. කෙතරම් කාලයක් තමා එහි බවට නිනව්වක් නැතැයි ඇය ගුවන් තොටුපොළේදී කීවාය.
ඇය දෙපාවල වතුර එකතුවීමේ රෝගය ඇතිවී මාස දෙකක් රෝහලක ප්රතිකාර ලබා ඇත. ඉස්පිරිතාලේ නැවතිලා බෙහෙත් කලාට මගේ පඩිය වියදම් වුනා කියලා ගෙදර අය කීවා මට ඩොලර් 125 ක් දුන්නා තව ඩොලර් 200 ක් එවනවා කියලා මාව ආපසු එව්වා යැයි ඇය වැඩිදුරටත් පැවසීය. ඇයට මෙරටේ කිසිවකු නැති නිසා මාසිකව වැටුප ලබාගෙන නැත. සේවය නිමකර ආපසු එනවිට සම්පූර්ණ වැටුප ලබාදෙන පොරොන්දුව මත ඇය එම නිවසේ සේවය කර ඇත.
@ කුමාරසිරි ප්රසාද්
Subscribe to:
Post Comments (Atom)
මහලොකුවට විදේශ සේවා එකෙන් ස්කයිප් එකෙනුයි අරකෙනුයි කියන්නේ පැය විසිහතරම ඔබ වෙනුවෙන් කියලා ,, අර අරාබිකාරයන්ට හෙන ගහන්න ඕනේ ,, උන්ට හෙන ගැහුවත් ,,මේ වගේ අසරණ වෙච්ච මනුස්සයාගේ ජීවිතේට මොනාද හම්බවෙන්නේ ,, හරිම දුකයි මේවගේ දේවල් අහද්දී
ReplyDelete