Monday 16 December 2013

ප්‍රාදේශීය වාර්තාකරුවොත් වඳවෙන ලකුණු

         ප්‍රාදේශීය වාර්තාකරුවන්  අඩුවීමේ ප්‍රවනතාවක් වර්තමානයේ උද්ගත වෙමින් පවති. ප්‍රාදේශීය මට්ටමින් මාධ්‍ය රජෙකු ලෙස කටයුතු කල වාර්තාකරුවන්ගේ සේවය අද අවතක්සෙරුවට ලක්ව ඇත. තාක්ෂණයේ දියුනුවත් සමග තොරතුරු ගලායාම වේගවත්ව සිදුවීම හා තොරතුරු ලබාගැනීමට මූලාශ්‍ර බහුලවීම මෙයට ප්‍රධාන හේතුලෙස  දක්නට ලැබේ.
වාර්තාකරු ලබාදෙන තොරතුරු වෙනත් මාර්ග ඔස්සේ මාධ්‍ය ආයතන වලට ලබාගත හැකිවීම නිසා වර්තමාන ප්‍රාදේශීය වාර්තාකරුවාගේ භූමිකාව සීමාවී ඇත. තොරතුරු වාර්තා කිරීම සදහා මාධ්‍ය ආයතන වල නිලලත් මාධ්‍යවේදීයෙකු අදාළ තැනට ගොස් වාර්තාකලයුතු බවට වූ සම්මතය වර්තමානයේ බිද වැටී ඇත. 
මෙම නූතන මාධ්‍ය භාවිතාව තුල වන පෙරලිය පිළිබදව අනාවැකි කියන්නට  නියම කාලය නොවේ. නව දැනුම හා නිර්මාණශීලී නිර්මාණ වලින් සන්නද්ධ නොවන ප්‍රාදේශීය වාර්තාකරුවන් වඳවන ලකුණු නම් වර්තමානයේ පැහැදිලි ලෙසම දක්නට තිබේ.
               මෙම ගැටලුව මෙරටට පමණක් නොව ඇමෙරිකාවට ද බලපා ඇති බව ඉකුත්දා වාර්තාවිය. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පුවත් වාර්තා කල එරට ධවල මන්දිර වාර්තාකරුවන්ට ජනාධිපති මාධ්‍ය අoශයේ ඡායාරූප පමණක් පලකරන ලෙස කල දැන්වීමට දැනටමත් එරට බොහෝ වාර්තාකරුවෝ විරෝධය පළකර ඇත.මෙරට රූපවාහිනී සේවාවක් මහ ඉහලින්  මෙම පුවත වාර්තාකරන ලදී. ඒ ඇමෙරිකානු ජනපතිගේ මාධ්‍ය නිදහස ගැන කියමිනි.
       අපේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඡායරූප පමණක් පලකරන ලෙස ඉකුත් කාලයේ මෙරට සමහර ආයතන වලටද උපදෙස් ලබාදී තිබිණි.සැබෑ තත්වය නම් අපේ රටේ කලින් කල දෙය ඇමෙරිකාවේ පසුව කිරීමයි.
    වාර්තාකරුවන් ගුවන් තොටුපොළින් පලවා හැරීම ට එම සමාගම වසර ගණනාවක් පුරා උත්සාහ කරමින් සිටී. ඒ සඳහා ගොඩනගන ලද මාධ්‍ය ඒකකයක් ද ඇත. වාර්තාකරුවන්ගේ  ගුවන් තොටුපොළට නිදහසේ ඇතුලුවීමේ අවසරපත් අවලoගු කරන ලද්දේ එවකට එහි සභාපතිවරයා වූ මෙරට ජාතික පුවත්පත් ආයතනයක හිමිකරුවෙකි. ගුවන් තොටුපොළේ වර්තමාන සභාපතිවරයාද ජාතික පුවත්පත් ආයතනයක හිමිකරුවෙකි. ගුවන් තොටුපොළ වාර්තාකරුවන් ට වන අපහසුව ගැන සාකච්ඡාවක් ලබා නොදීමට තරම් ඔහු නිහතමානී වී ඇත.  
         වර්තමානයේ බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලද මාධ්‍ය ඒකක තිබීම වාර්තාකරුවන්ගේ සේවය සීමාවීමට හේතුවී ඇත. නව තාක්ෂණය ජනතාව අතරද ප්‍රචලිතව පවතින නිසා ඔවුන්ටද අතරමැදියෙකු නොමැතිව වාර්තාකල හැක. මේ සියලු කරුණු සලකා බලන විට වාර්තාකරුවන් යනු සමාජයෙන් වඳවී යන ජන කණ්ඩායමකි.
                                            @  කුමාරසිරි ප්‍රසාද්

2 comments:

  1. එම තත්ත්වයට නියම පිළියම තමා මේ බ්ලොග් අඩවි ප්‍රා මාධ්‍යවේදින් අතින් බිහිකරලීම... මේ එහි මුල් අවස්ථාවයි.

    ReplyDelete
  2. පුවත් පතකින් කල හැකි කාර්යයන් බ්ලොග් අඩවියක් මගින්ද කල හැකි බව ඉකුත්දා කටුනායකදී ඔප්පුවුනා බලන පිරිස වැඩිවන විට සමාජීය බලපෑම් බ්ලොග් අඩවි වලටත් කල හැකි වේවි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...