Friday 6 December 2013

සීනී තිත්ත නොවන්නට නම් මෙරට සීනී නිෂ්පාදනය වැඩි කල යුතුයි-අමාත්‍ය ලක්ෂ්මන සෙනවිරත්න



සීනී පිටරටින් ගෙන්විමෙදි මෙරටින් ඇදි යන මුදල් ප්‍රමාණය නවත් වන්නට නම් මෙරට සීනී නිෂ්පාදනය වැඩි කල යුතුයි. ඒ සදහා වසාදාම තිබු කර්මාන්ත ශාලා නැවත ඇරඹ්මත් නව කර්මාන්ත ශාලා ඇති කිරිමත් සිදු කල යුතු බවත් වසාදමා ඇති කර්මාන්ත ශාලාවලින් කන්තලේ කර්මාන්ත ශාලාව පමනක් විවෘත කරන්න තිබෙනවා එයත් ඉදිරි මාසයෙදි වීවෘත කරන්න ගිවිසුම් අත්සන් කිරිමට නියමිත බව සිනී කර්මාන්ත සංවර්ධන අමාත්‍ය  ලක්ෂමන් සෙනවිරත්න මහතා පැවසිය.

අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ අම්පාර හිගුරාන සිනි කර්මාන්ත ශාලාව නිරික්ෂණය(05) කිරිම සදහා එහි ගිය අවස්ථාවේදිය. වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය වරයා.
2012දි නැවත සිනී නිෂ්පාදනය ආරම්භ කරනු ලැබු හිගුරාණ සිනී කර්මාන්ත ශාලාව අද වන විට සියට සියකින් වැඩිවී තිබෙනවා.මේ කර්මාන්ත ශාලව ආරම්භ කරන විට ලංකාවේ සිනී නිෂ්පාදනය වුයේ සියට හතරක ප්‍රමාණයක් නමුත් අද වන විට එය සියට දහය දක්වා වැඩිවී තිබෙනවා. ඉදිරියෙදි සීනී නිෂ්පාදනය සියට පනහ දක්වා වැඩි කිරිම ඉලක්කය වී තිබෙනවා .නව කාර්මාන්ත ශාලවන් විවෘත කරන්න සුදුසු ඉඩම් පිළිබද අවධානය යොමු කර තිබෙනවා.එහෙම වුනොත් අළුතින් ආරම්භ කරන නව කර්මාන්ත ශාලාවකට සෘජු රැකියා දහසක් පමණ නිර්මාණය වෙනවා.වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ඇති වන බවත් ඇමැති වරයා පැවසිය.

උක් ගොවින් හට ඇතිවී තිබෙන ගැටළු පිළිබදවද අමාත්‍යවරයාගේ අවදානය යොමු කරන ලද අතර එහිදි තම වගාවන්ට ඌරන් ගෙන් සිදුවන හානි වැඩි වී තිබෙන බවත් වගාවන් සදහා පොහොර නිසි වේලාවට ලැබිය යුතු බවත් ගොවින් විසින් පෙන්වා දෙන ලදි. කාර්මාන්ත ශාලාවේ සේවය කරන දහසක් පමන වු කාර්මික ශිල්පින් සදහා ඉදිරි කාලයෙදි වැටුප් වර්ධනය කිරිමටත් අවදානය යොමු කරන බව අමාත්‍ය වරයා පැවසිය.
2012 වර්ෂයෙදි  ඇරඹුන කාර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3320 වු අතර 2013 වර්ෂයෙදි මෙම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10535 විය.මේ අනුව 2014 වර්ෂයෙදි නිෂ්පානය වැඩිකිරිමට හැකි අයුරින් උක්වගාව ප්‍රදේශයේ වගා කර තිබෙන බවත් සිනී මෙට්‍රික් ටොන් 20000 දක්වා නිෂ්පාදනය වැඩිකිරිමට හැකි බවත් හිගුරාණ ගල්ඔය සිනී සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආර.එම්.ගාමිණි රත්නායක මහතා පැවසිය.
සිනී සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආර.එම්.ගාමිණි රත්නායක මහතා
ලබන වසරේදි සිනී නිෂ්පාදනයට අමතරව විකල්ප නිෂ්පාදන සදහා කර්මාන්ත ශාලාව වැඩි දියුණූ කිරිමට කටයුතු කර තිබෙන බවද උක් වගා කරුවන් 3450 ක් මෙම නිෂ්පාදන ඉලක්කය සපුරාලිමට සහය ලබාදෙන අතර 2014 වර්ෂයෙදි උක් වගාව ව්‍යප්ත කිරිම මගින් හෙක්ටයාර් 4900 ක් දක්වා වැඩි වන බවත් ඒ මහතා සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට ලංකා සිනි සමාගමේ සභාපති කිර්ති කොටගම මහතා සහ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් එක්විය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...