Monday 2 December 2013

කටුනායක නොසන්සුන්



බුදු රුව සහිත අත් පළඳනාවක් මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළද සැලක  තිබී හමුවීමෙන් පසු  වූ කටුණායක ඇවරිවත්ත නගරයේ ගැටුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබෙන බව වාර්තාවේ. පසුගියදා මෙම වෙළදසැල ඉදිරිපිට කිසියම් පිරිසක් කලු කොඩි දමා ඇත. බොදු බල සේනාවේ හිමි නමක් ජනතාවගෙන් සමාව ගෙන වෙළද සැල විවෘත කළ යුතු බව පැවසීම මෙම තත්වය ඇතිවීමට හේතුවී ඇතැයි පැවසේ .
 පොලීසිය  අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  ඇප ලබාදී ඇත. මීළග නඩු දිනය දෙසැම්බර් 13 වේ.  රටේ පවතින නීතියට අනුව ව්‍යාපාරික කටයුතු සදහා මෙම වෙළදසැල විවෘත කල හැකි බව උසස් පොලිස් නිළධාරියෙක්  පැවසීය. නීතිමය කටයුතු අවසන් වන තෙක් එම ආයතනය වසා තබන ලෙස බොදු බල සේනාවේ හිමිනමක් අයිතිකරුවන්ට පැවසූ බව ප්‍රදේශවාසීයෙක් කීය.
 මෙම කලු කොඩි  පොලීසිය විසින් පසුව ඉවත් කර තිබිණි.
                                                                                                                            @  කුමාරසිරි ප්‍රසාද්





   පොලීසිය වෙළද සැල පරීක්ෂා කිරීම




ප්‍රදේශයේ නායක හිමි නමක් වැඩම කිරීම



කටුනායක සීදුව නගරාධිපතිතුමාගේ ප්‍රකාශය

6 comments:

  1. මාත් ලංකාවේ ඉද්දි මේ කඩෙන් කොණ්ඩ කටු අරන් තියෙනවා .. හොද ලිපියක් , වීඩියෝ එක්කම තියෙන එක වටිනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔයගෙ ගම කටුනායකද ?

      Delete
    2. ඔව් , දිගටම ලිපි පලකරන්න

      Delete
    3. පසුව එමි..... හි හි..
      //මාත් ලංකාවේ ඉද්දි මේ කඩෙන් කොණ්ඩ කටු අරන් තියෙනවා .. හොද ලිපියක් , වීඩියෝ එක්කම තියෙන එක වටිනවා //
      Are you now in ethiopia???????

      Delete
    4. ඇයි අවුල්ද ඇනෝ :(

      Delete
  2. නියමයි කුමාරසිරි උඹ තවත් පියවරක් ඉදිරියට තබා තිබෙනවා සතුටුයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...