Sunday 1 December 2013

පස්සේ රන් ගමන හෙමින් රේගුවට සැක කාන්තාව කොටු



ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වතාවට  ගුද මාර්ගයේ රන් සගවා ගෙන රටින් පිටවීමට තැත්කළ කාන්තාවක් ඊයේ (30)  අත් අඩoගුවට ගත් බව රේගුව කියයි. මෙසේ රේගුවට කොටුවී ඇත්තේ වත්තල මාබෝල ප්‍රදේශයේ කාන්තාවකි. ඇය ඉන්දියාවේ චෙන්නායි බලා යාමට 30 සවස ගුවන් තොටුපොළට පැමිණ සිටියදී මෙසේ අත් අඩoගුවට පත්වී ඇත.
සැකකාරිය මීගමුව  රෝහලට ඇතුලත් කර එහිදී රන් කැබලි දෙකක් පිටතට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා නීති අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය. බර ග්‍රෑම් 232 කි.
ඇය ඔප නොදැමූ රන් මාළයක් හා වළලු තුනක් පැළද සිටි බව  රේගුව කියයි. ඒවායේ බර ග්‍රෑම් 114 කි. රන් කැබලි හා අභරණ වල වටිනාකම රුපියල් දාහත් ලක්ෂ තිස් දහසක් පමණ වේ.
රේගු පරීක්ෂණය කල නියෝජ්ය රේගු අධ්‍යක්ෂක ඒ. කේ. එන්. වික්‍රමසිoහ මහතා රන් තොගය රාජසන්තක කර සැකකාරියට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇත.
මේ අතර අද උදේ රුපියල් නව ලක්ෂ හැත්තෑ දහසක් වටිනා, ග්‍රෑම් 194 ක් බර රන් කම්බි කැබ්ලි 4 ක් ගමන් මල්ලේ සගවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ලාoකිකයෙකුට  රුපියල් ලක්ෂයක දඩ නියම කර  ඇත. තම ජoගම දුරකථනයේ බැටරිය යට  ග්‍රෑම් 100 ක්  බර   රුපියල් ලක්ෂ පහක් වටිනා රන් කැබල්ලක් සගවාගෙන සිටි ලාoකික ගුවන් මගියෙකුට ද  රේගුව රුපියල් පණස් දහසක් දඩ නියම කර ඇත. එම රන් කැබැල්ල හා කම්බි රාජ සන්තක කළ බව රේගුව කියයි.

                                                                                                                    @  කුමාරසිරි ප්‍රසාද්

2 comments:

  1. අපොයි ..හි හි

    ReplyDelete
  2. මේ මහත්වරුන්ට නම් මේ වගේ රන් කෑලි අල්ලලා හොදට පුරුදුයි වගේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...