Sunday 1 December 2013

2013 සoචාරක ආදායම රුපියල් බිලියනයක්



2013 වසරේ සoචාරක කේෂත්‍රයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන එකක් බව සoචාරක ප්‍රවර්ධන කාර්යoශයේ කලමනාකරණ අධ්‍යක්ෂක රූම් ජව්ෆර් මහතා පවසයි.

                                                                                                                     


 ඔහු එසේ පැවසුවේ 2012 වසරේ මෙරටට පැමිණි සචාරකයින් ගණන ඉක්මවා යාම සනිටුහන් කරමින් රුසියානු ජාතික සචාරක යුවලක් නොවැම්බර් 30 දින කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගත් අවස්ථාවේ දීය.ශ්‍රී ලoකා සචාරක ප්‍රවර්ධන කාර්යoශයේ කළමනාකරණ අධ්‍යක්ෂක රූම් ජව්ෆර්, අලෙවි අධ්‍යක්ෂිකා මධුභානි පෙරේරා, අධ්‍යක්ෂක මණ්ඩල සභික මර්වින් ප්‍රනාන්දු පුල්ලේ, සචාරකයින් ගෙන්වන්නන්ගේ සoගමයේ සභාපති මහේන් කාරියවසම්, කුඩා හා මධ්‍යම සචාරක ව්‍යවසායකයින්ගේ සoගමයේ සභාපති සුරේෂ් ද මෙල් ඇතුලු නිලධාරිහු මෙම අවස්ථාවට සහභාගී වූහ. 2012 ව්සරේ මෙරට පැමිණ ඇති සoචාරකයින් ගණන 1,005,004 කි.
රුසියානු ජාතික බෙලෝවා ටාටියා හා ඇගේ සැමියා වන මිකාලෙව් විට්ලි මෙසේ පිළිගැනීමට ලක්වූහ.රුසියාවේ ප්ත්නෙත්සා රූපවාහිනී නාලිකාවේ ලoකාව පිළිබදව විකාශණයවූ  සoචාරක වැඩසටහනක් නරඹා මෙම යුවල මෙරටට පැමිණීමට තීරණය කල බව ඔව්හු ගුවන් තොටුපොළේදී කීහ. සoචාරක ප්‍රවර්ධන කාර්යoශය මගින් මෙරට ආකර්ශණීය ස්ථාන නැරඹීම සදහා දින් හතක පැකේජයක්  ඔවුනට පිරිනමන ලදී. ඔවුන්ගේ මීළග සoචාරය සදහා මෙය වලන්ගු වන අතර නොමිලේ දින හතක් එමගින් මෙරට තුල සoචාරය කිරීමට හැකිවේ.
ඉන්දියාව, බ්‍රිතාන්‍යය, රුසියාව, ප්‍රoශය, ජර්මනිය, චීනය හා ජපානය යන රටවලින් මෙරටට වැඩිම සoචාරක පිරිස් පැමිණ ඇත.











                                                                                                      සටහන හා ඡායාරූප - කුමාරසිරි ප්‍රසාද්

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...