Wednesday 1 January 2014

ලොව හොඳම චිත්‍රපටිය ලoකාවෙන්



ශ්‍රී සිද්ධාර්ථ ගෞතම  චිත්‍රපටයට දිල්ලි දෙවන ජත්‍යන්තර සිනමා උළෙලේ දී ලැබූ ලොව හොඳම සිනමා පටයට  හිමි සම්මානය ඊයේ මෙරටට රැගෙන එන ලදි.
   ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නිෂ්පාදක නවීන් ගුණරතන ප්‍රධාන නලු ගගන් මලික් රැගෙන ආ සම්මාන පිළිගැනීමට  ශ්‍රී සිද්ධාර්ථ ගෞතම අධ්‍යක්ෂක සමන් වීරමන් ජාතික චිත්‍රපට සoස්ථාවේ සභාපති අශෝක සේරසිoහ  ම්හත්වරු ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැමිණ සිටියහ.
ඉතිහාසයේ පළමු වතාවට තමා බෞද්ධ චිත්‍රපටියකට මෙවැනි සම්මානයක් ලැබෙන්නේ මෙය සිදුහත් කුමරුගේ චරිතාපදානය පදනම් කරගෙන නිපදවූ සිනමා සිත්තමක් මේ සම්මානය අපි පමණක් නොවේ ලෝකවාසි සමස්ත බෞද්ධ ජනතාව සමග බෙදාගත යුතු පූජනීය අවස්ථාවක්
මේ හොද හැරවුම් ලක්ෂයක් අපේ ජාතික සිනමාවේ ලoකාවේ ජාතික අනන්‍යතාව වන්නේ ජාතික පදනමකට වඩා බෞද්ධ පදනම්ක් බෞද්ධ රටක් ලෙස තමා අපි හිතන්නේ ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන අපේ රටේ නිපදවූ බොදු සිනමාපටයක ලෝක සිනමාවෙදී හොදම සම්මානය ලැබීම සමස්ථ නිර්මාණයේම සම්පූර්ණ බර ගත් නවීන් ගුණරත්න නිෂ්පාදකවරයටත් අධ්‍යක්ෂක සමන් වීරමන්, ඉන්දියාවේ සිට ඇවිත් විශිෂ්ඨ රoගනයක නිරතවූ ගගන් මලික්ටත් අනෙක් හැමෝටමත් රටේ ගෞරවය හිමිවිය යුතු බව ජාතික චිත්‍රපට සoස්ථාවේ සභාපති අශෝක සේරසිoහ මහතා පැවසීය.
මම ඇත්තෙන්ම ගොඩක් ආඩම්බර වෙනවා සතුටු වෙනවා අපි ලබපු ජයග්‍රහණයට අපේ  කණ්ඩායමට හැකි වුනා සමස්ත ලෝකයටම ආමන්ත්‍රණය කරන්න සිනමාපට 700 කින් පමණ 171 එහි ප්‍රදර්ශණය කලා ඒ හැම පරදා අපි ජයග්‍රහණය කල බව ගගන් මලික් ගුවන් තොටුපොළේ දී පැවසීය.
මම කියනවා ලoකාවේ හැමෝටම මේ ආරම්භයක් පමණයි අපි යනවා මුලු ලෝකයටම කරුණාව, දයාව, සාමය ආදරය රැගෙන යැයි ද ගගන් මලික් වැඩිදුරත් කීය.
මේ චිත්‍රපටිය තුල ගැබ්ව තිබූ පණිවුඩය නිසාම මෙම සම්මානය  අගයීමට ලක්වූ  බව නිෂ්පාදක ගුණරත්න මහතා පැවසීය.
අවුරුදු හයක් පමණ දුක් විදලා දැඩි කැපවීමෙන් යුතුව මේ නිර්මාණය ලෝක බොදු ජනතාව වෙනුවෙන් කළේ ඒ තිළිනයට දිල්ලි සිනමා උළෙලෙදී ලොව අග්‍ර නිර්මාණය ලෙස සැලකීම අපේ රට ලැබූ ගෞරවයක් බව අධ්‍යක්ෂ්ක සමන් වීරමන් මහතා කීය.
සම්මානය රැගත් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම  චිත්‍රපට   කණ්ඩායම කැළණි විහාරයට ගොස් ආගමික වතාවත් වලට සහභාගී වූහ.

                                                         @ කුමාරසිරි ප්‍රසාද්
තවත් ඡායාරූප -  http://kumarasiriprasad.blogspot.com




4 comments:

  1. හරිම සතුටුයි .. හොද ප්ර්වුර්තියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔයා ඊස්ස්‍රායලයේ තියෙන පන්සල ගැන දන්නවද

      Delete
    2. ඔව් අයියේ දන්නවා ..

      Delete
    3. නoගී, පුලුවන් නම් පන්සල ගැනත් ලියන්න පින්තූරත් එක්ක

      Delete

Related Posts Plugin for WordPress, Blogger...