Sunday 5 January 2014

ඉමදුව ජාතික පාසලේ විදුහල්පති ප්‍රශ්නය

ඉමදුව ජාතික පාසලේ විදුහල්පතිනිය පාසලෙන් යවා මේ පාසල බේරා ගැනීම සදහා මම මාරාන්තික උපවාසයකට යන්න උනත් සුදානම්.                    ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර............                සභාපති කියන ඒවා ජාතික පාසලක විදුහල්පති කරන්න ඕන කියලා නීතියක් නෑ.
ඉමදුව ජාතික පාසලේ විදුහල්පතිනිය එච්.වයි. සුමිත‍්‍රා මහත්මිය                    
ඉමදුව ජාතික පාසලේ විදුහල්පතිනිය දෙයක් කියා තේරුම් කර දීමට හැකි කෙනෙකු නොවන බව ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ පසුගිය 27 දින ඉමදුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති ඉමදුව සම්බන්ධීකරණ රැුස්වීමට සහභාගී වෙමිනි, මෙම රැස්වීම නියෝජ්‍ය කතානායක චන්දිම වීක්කොඩි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණී. ඒ මහතා මෙසේ ද පැවසීය, මම නගරයේ ප‍්‍රධාන පුරවැසියා විධියට අනිකුත් මන්ත‍්‍රීවරුන් සමඟත් සාකච්ඡුා කරලා තමයි පාසලේ තියෙන අඩුපාඩු පෙන්නලා ලිිපියක් දැම්මේ. ඒ ලිපියේ තිබුණු පාසල අවසන් වුනාම ළමුන් දෙන්නා දෙන්නා යවන්න කියන එක එයාට කරන්න බෑ කියලා ගියවර මේ සම්බන්ධීකරණයේ දීම කියලා තියෙනවා. එහෙම දරුවන්ගේ වගකීම් වලින් ඈත් වෙන්න විදුහල්පතිවරුන්ට බෑ.
මම පසුගිය දවසක සභාවට අඵතින් ආපු නිළධාරියෙකුගේ දරුවෙක් පාසලට දාන්න ඇයට කතා කළා. මේ කතා කලේ නීත්‍යානුකූල විධියට. එතකොට ඇය කියනවා මගේ අඩුපාඩු හැමතැනම කතා කරලා දැන් ළමයි දාන්නත් එනවද?  පුඵවන් විධියකට දාගන්න කියලා. මෙහෙම අත්තනෝමතික ලෙස විදුහල්පතිවරුන්ට කටයුතු කරන්න දෙන්න බෑ.
ඒ වගේම පසුගිය සතියේ දික්කුඹුර ප‍්‍රදේශයේ පිරිසක් මුදල් බැදලා පාසලේ ක‍්‍රීඩා පිටිය වෙන්කරවාගෙන තියෙනවා. ඒ උත්සවයට මම එනවා කියලා ඇය ක‍්‍රීඩා පිටිය දීලා නෑ. මුදල් පවා ගෙවලා තියෙද්දී.

ඇය මේ ආකාරයෙන් නම් කටයුතු කරන්නනේ ඇයත් සමඟ මේ ආකාරයෙන් වැඩ කරන්න බෑ. ඇය මේ පාසලෙන් යවා මේ පාසල බේරා ගැනීම සදහා මම මාරාන්තික උපවාසයකට යන්න උනත් සුදානම්. මේයාගෙන් අපේ ප‍්‍රදේශයේ ප‍්‍රධානම පාසල බේරා ගත යුතුයි. මෙය තමයි හබරාදුවට තියෙන එකම ජාතික පාසල.

කෙසේ නමුත් අප මේ පිළිබදව ඉමදුව ජාතික පාසලේ විදුහල්පතිනිය එච්.වයි. සුමිත‍්‍රා මහත්මියගෙන් විමසීමක් කරා, ඇය මෙසේ පවසා සිටියා.
ඔය සභාපති කියන විධියේ විනය ප‍්‍රශ්න පාසලේ නෑ. මෙවර උසස් පෙළ  හොද ප‍්‍රතිඵල තියෙනවා. අපේ පාසලේ ජීව විද්‍යාවට ගුරුවරයෙක් නෑ, භෞතික විද්‍යාවට ගුරුවරයෙක් නෑ, එහෙම තියෙද් දිත් මෙවර ගණිත අංශයේ හොද ප‍්‍රතිඵල තියෙනවා. මේ අය අඩු පාඩුවක් හොයලා ඒක හදලා දෙන්නේ නෑ. බොරුවට විවේචනය කරනවා. සභාපති කවදාවත් පාසලට ඇවිත් බලලාවත් නෙවෙයි ඔය විවේචන කරන්නේ. කාගේ හරි වුවමනාකට ඔය විවේචන කරන්නේ. සභාපතිවරයා කලින් කියපු හැම ළමයෙක්ම මම ගත්තා. මේ සැරේ මම අහුවා ඔබ තුමා හොද නෑ කියන පාසලට ඇයි ළමයි දාන්නේ කියලා. මගේ ළමයෙක් නෙවෙයි කිව්වා. මම කිව්වා 45 අඩුව ළමයි ඉන්න පංතියක් තිබේනම් ගන්නම් කියලා. පිට්ටනියේ කතාව සංනිවේදනය හරියට නොවුන නිසා වුන තත්වයක්. මේ සභාපතිවරයා පෞද්ගලික තරහක් පිරිමහන්න හදනවා ද කොහේද?  ඒ අය කියන දේවල් මම නොකරණ නිසා ද කොහේද මාව විවේචනය කරන්නේ. එයාට ඔින කමක් තියෙනවා ඉමදුව පාසලට වඩා දික්කුඹුර විද්‍යාලය හොදයි කියලා කියන්න.
සභාපති කියන ඒවා ජාතික පාසලක විදුහල්පති කරන්න ඕන කියලා නීතියක් නෑ. නමුත් මනුස්ස කමට අපි එයාලා කියන දේවලූත් ටිකක් කරා. මට උපදෙස් දෙන්නේ අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන ලේකම්, එහෙම නැතිනම් අධ්‍යාපන කාර්යාලයෙන්. මම සුදුසුකම් සම්පුර්ණ කරලා ආපු විදුහල්පතිනියක්. මගේ රාජකාරිය මම හරියට කරනවා. නියෝජ්‍ය කතානායක තුමා ඒක දන්නවා.
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...