Sunday 5 January 2014

තමා කිසිම දිනක එක්සත් ජාතික පක්ෂය හැර දමා යන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රි , ගයන්ත කරුණාතිලක. මැරනකන් යු.එන්.පී එක දාලා යන්නේ නෑ කියලා රෑ කියන අය උදේ අරලිය ගහ මන්දිරයේ තේ බොනවා. සුළු අපනයන බෝග නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා





තමා කිසිම දිනක එක්සත් ජාතික පක්ෂය හැර දමා යන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂයේ මාධ් රකාශක පාර්ලිමේන්තු මන්තරි , ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මම රතිපත්තියක් අනූකූලව කටයුතු කරන කෙනෙක් එක්සත් ජාතික පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට මාව යැවීම සදහා කටයුතු කලේ මහජනතාව. එම තීරණයට පිටුපා මම කිසිවිටකත් එක්සත් ජාතික පක්ෂය අතහැර නොයන බවයි මහතා වැඩිදුරටත් සදහන් කලේ.

කෙසේ වෙතත් ඊයේ පැවති මාධ් හමුවකදි සුළු අපනයන බෝග නියෝජ් අමාත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සදහන් කලේ මහ ඇමතිධුර අපේක්ෂකත්වය ලබා දෙන්නේ නම් ගයන්ත කරුණාතිලක මහතා සන්ධානයට එකතුවීම සදහා සුදානමින් සිටින බවයි.

මේ රකාශය කුමන පදනමක් අරමුණු කොටගෙන මුතුහෙට්ටිගම මහතා සදහන් කලාද යන්න තමාටද රශ්නයක්වි ඇති බවයි මන්තරිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

කිසියම් හේතුවක් මත මා හට  එක්සත් ජාතික පක්ෂය තුළින් ඉවත් වීමට සිදුවුවහොත් තමා ඉන් අනතුරුව කිසිදු පක්ෂයයකට එක් නොවන අතර තමන් මුළු දේශපාලන ජීවිතය තුළින්ම සමුගන්නවා. මම ඔය දෙපැත්තට පනින කෙනෙක් නොවෙයි.
මම .ජා. යේ රතිපත්ති වල සිටිමින් එය ආරක්ෂා කරන පුද්ගලයෙක්. අනිත් එක කොහොමත් මම ඉන්නේ ජාතික දේශපාලනයේ මට පළාත් සභා දේශපාලනයට ඒමට කිසි සේත්ම වුවමනාවක් නෑ.
සමාජය තුල යන රකාශවල සත් අසත්යතාවය ඉදිරි දිනවලදි ජනතාවට දැන ගැනීමට හැකියාවක් ඇති බවද මන්තරිවරයා මෙහිදි සදහන් කලා.

කෙසේ නමුත් අදාල මාධ්‍ය හමුවේ දී සුළු අපනයන බෝග නියෝජ් අමාත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සදහන් කලේ මැරනකන් යු.එන්.පී එක දාලා යන්නේ නෑ කියලා රෑ කියන අය උදේ අරලිය ගහ මන්දිරයේ තේ බොනවා යනුවෙනි.
@ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...