Tuesday 28 January 2014

ඉමදුව ප්‍රාදේශීය සභාව උතුරු පළාත් සභාවට විරුද්ධ වෙයි.

උතුරු පළාත් සභාව පසුගිය 27 දින සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ සිදු වු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිමේ යෝජනාවට විරුද්ධව ඒ සදහා විරෝධය ප්‍රකාශ කිරීමේ යොජනාවක් අද 28 දින ඉමදුව ප්‍රා දේශීය සභාව සම්මත කර ගන්නා ලදී. ඉමදුව ප්‍රාදේශීය සභාව සභාපති ඒ.වී සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 27 ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී රැස්විය.
මෙම යෝජනාව ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි මහතා ඉදිරිපත් කල අතර ප්‍රා දේශීය සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) රත්නසිරි කෝරලගේ මහතා එම යෝජනාව ස්ථිර කරන ලදී. ප්‍රා දේශීය සභාවේ  විපක්ෂය වන එ.ජා.ප ය ද මෙම යෝජනාවට පක්ෂ ව කරුණු ඉදිරිපත් කල අතර යෝජනාව ඒකමතිකව සම්මත විය.
ඉමදුව ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනය යටතේ පවතියි.


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...