Friday 17 January 2014

විසඳුම් අරන් එන ගමන්



ඉන්දීය ශ්‍රී ලoකා ධීවර ගැටලු විසදා ගැනීමට ඉන්දීය විදේශ ඇමති සල්මන් කුර්ෂිඩ් මහතා සමග  සාර්ථක රාජතන්ත්‍රික සාකච්ඡාවකින් පසු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා ඊයේ 17 දිවයිනට පැමිණියේය.
මෙරට ධීවරයන්ට පහසුකම් වැඩි කර ගැනීම සදහා ආධාර ලබා දීමටත් ඉන්දීය ධීවරයන්ට නවීන බෝට්ටු හා තාක්ෂණය ලබා දෙමින් ඔවුන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වලට යොමු කිරීමට ඉන්දීය රජය පොරොන්දු වූ බව ඇමතිවරයා ගුවන් තොටුපොළේදී පැවසීය.
තමිල්නාඩුව ඇතුලුව සෑම ප්‍රාන්තයකදීම මෙරට ධීවරයන්ට එක සමානව සැලකීමටත් සිරගත කර තැබීම දඩ මුදල් අයකිරීම බෝට්ටු වලට දඩ ගැසීම නවත්වා සාකච්ඡා වලින් ගැටලු විසදා ගැනීමටත් මෙහිදී තීරණය වී ඇත.
ධීවර ගැටලු විසදා ගැනීමට දෙරටේ නියෝජිතයින් ගෙන් සමන්විත කමිටුවක් ද පත් කර ඇත. 2007 දී ඉන්දීය රජය ඉදිරිපත් කල කෙටුම් පතට අනුව දෙරටේ ධීවර ගැටළු විසදා ගැනීමට ඉදිරි සාකච්ඡා පැවත්වීමටද  ඉන්දීය විදේශ ඇමතිවරයා එකඟ වූ බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කීය.
නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න මහතා ඇතුළු නිළධාරීහු හා ධීවරයෝ ඇමතිවරයා පිළිගැනීමට ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

                                                                                                     කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...