Sunday 5 January 2014

2013- 2014 වසර දෙකක අපුරු නිවුන් දරු උපත් දෙකක්

                               යාලෙනි සැන්ටොස්ට සිය වසර දෙකක උපන් නිවුන් දරුවන් දෙදෙනා සමග
 

2014 නව වසර උදාවීමත් සමඟ නිවුන් දරු උපත් දෙකක් පිළිබඳ පුදුම සහගත පුවතක් ලොකයෙන් වාර්තා වෙයි. එය ඇමෙරිකාව හා කැනඩාවෙන් යන යුරෝපා රටවල මෙම අපුරු සිදුවීම සිදු වී ඇත. එ් වසර දෙකකදී උපන් නිවුන් දරුවන් සිව්දෙනකු පිළිබඳයි.
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර දී යාලෙනි සැන්ටොස්ට පසුගිය දෙසැම්බර් 31 වැනිදා රාත‍්‍රි 11.58 හා ඊට විනාඩි 3 කට පසු එනම් මේ වසරේ අලූයම 12.01ට පුතුන් දෙදෙනකු බිහිවිය.
එවැනිම පුවතක් වාර්තා කරමින් කැනඩාවේ ටොරෙන්ටෝ වෙතින් අසන්නටට ලැබුණේ දෙසැම්බර් 31 වැනිදා රාත‍්‍රි 12.52ට හා පසුදින අලූයම 12 පසුවී තත්ත්පර 38ක් ගතවෙද්දී දියණියන් දෙදෙනකු ලිනිඞ්සේ සැල්ගුයිරෝ උපත ලබාදී තිබිණ.
විනාඩි කිහිපයක් තුළ ඉපදුණු නිවුන් දරුවන් වුවද මොවුන්ගේ උපත් වර්ෂය සටහන් වන්නේ 2013 හා 2014 ලෙසිනි. මෙය ඉතා දුලබ අවස්ථාවක් වන අතර ඔවුන්ගේ මාපියන් පවසා තිබුණේ ස්වර්ණමය උපතකට හිමිකම් කියූ මෙම නිවුන් දරුවන් සිව්දෙනා ජීවිත කාලයටම ඉතා හොඳ මිතුරන් වනු ඇති බවයි.
එසේම ඔවුන් දෙදෙනාගේ උපන් දිනයන් වෙන වෙනම සමරන බව ද ඔවුන් පවසයි.

යාලෙනි සැන්ටොස්ට සිය වසර දෙකක උපන් නිවුන් දරුවන් දෙදෙනා සමග

@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...