Sunday 5 January 2014

අද අමරිකා එකසත් ජනපදයේ උනත් සමහර ස්ථාන වල රෝහලකට යන්න මිනිස්සුන්ට කිලෝ මීටර් 30 -35 යන්න වෙනවා ඒ කියන්නේ විනාඩි 40-45 විතර නමුත් හබරාදුව ආසනයේ රෝහල් හතරක් තිබෙනවා. ආසනයේ ඕනෑම කෙනෙකුට විනාඩි පහලොවක් ඇතුලත රෝහලකට යා හැකියි. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා



අද අමරිකා එකසත් ජනපදයේ උනත් සමහර ස්ථාන වල රෝහලකට යන්න මිනිස්සුන්ට කිලෝ මීටර් 30 -35 යන්න වෙනවා ඒ කියන්නේ විනාඩි 40-45 විතර නමුත් හබරාදුව ආසනයේ රෝහල් හතරක් තිබෙනවා. ආසනයේ ඕනෑම කෙනෙකුට විනාඩි පහලොවක් ඇතුලත රෝහලකට යා හැකියි. එවැනි ආකාරයකට හබරාදුව ආසනය තුල සහ ගාල්ල දිස්ත්‍රික්කය තුල සෞඛ්‍ය සේවාව දියුණු කොට තිබෙනවා. යැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ පසුගිය (04) ගාල්ල උනවටුනේ ඉදිකළ ගාල්ල දිස්ත්‍රික් සෞඛ් සේවා අධ්යක්ෂ කාර්යාලය සහිත ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවැරීම සදහා පැවැති උත්සව සභාව අමතමිණි. ඒ මහතා මෙසේ ද පැවසීය,


මේ ගෙවී යන්නේ පළාත් සභාවේ අවසන් දින කිහිපය. අපේ ප්‍රධාන අමාත්‍ය වරයා සුවිසල් වැඩ කොටසක් සිදුකර තිබෙනවා. එය අගය කල යුතුයි. මෙම උත්සවයට මෛත්‍රීපාල සිරිසේන මහතා එන බව කලින් දැන ගත්තා නම් හබරාදුවේ ජනතාව මීට ඉහලින් ඔබ තුමාව පිළිගන්න සුදානම් වෙනවා. නමුත් මම මෙය දැන ගත්තෙත් ඊයේ රෑ. හබරාදුවේ මෙවැනි උත්සවයක් කරන විට මටත් පොඩ්ඩක් කලින් දැනුම් දෙන ලෙස මම දකුණු පළාත් සෞඛ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ගොඩනැගිල්ලේ කටයුතු වලට මමත් රමේෂ් මන්ත්‍රීවරයත් පාර්ලිමේන්තු කාරක සභාවේ ලොකු හඩක් නැගුවා.
රටේ දැවැන්ත ආකාරයට සෞඛ් අංශයේ සංවර්ධනයක් ඇතිව තිබෙනවා. ගම් මට්ටමින් නගර මට්ටමින්, දිසා මට්ටමින්, පළාත් මට්ටමින් දියුණු වී තියනවා. සෞඛ් අංශය දියුණු කර තියෙනවා.ගාල්ල කරාපිටිය,මහමෝදර රෝහල්ද දියුණු කිරිම සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යවරයාට ස්තුතිය පුද කරනවා.
ලෝකයේ සෞඛ් අංශයේ දියුණුවක් රටතුළ ඇතිකර දි තිබෙන්නේ මේ ආණ්ඩුවයි. සන්ධාන ආණ්ඩුවයි. අපේ ගරු ඇමති තුමායි.එතුමාට දෙස් විදෙස් ඇගයිමකට පත් වු නායකයෙක් එතුමා සෞඛ් අංශයේ දියුණුව ඇති කිරීමට පියවර ගැනිම සම්බන්ධයෙන් විදෙස් රටවලද ගෞරවයක්,කිර්තියක් ඇතිව සිටින නායකයෙන් වශයෙන් අප අගය කරනවා.
වෛද්‍යවරු,කාර්ය මණ්ඩලය හෙද හෙදියන්,මහජන පරික්ෂකවරු පවුල් සෞඛ් නිළධාරිනියක් ආදි සියලූම දෙනා සෞඛ් අංශය දියුණු කිරීමට උපරිම ආකාරයට කැපවී කටයුතු කරනවා.තම සේවාව ඉහළින් සිදු කරනවා.
ගාල්ල දිස්තරීක් මන්තරී දොස්තර රමේෂ් පතිරණ මහතා , ද කුණු පළාත් සභාවේ මන්තරීවරුන්වන .පී පියසිරි,කේ.ඞී ජයවිතරම, ඉමදුව රාදේශිය සභාවේ සභාපති සරත් කුමාර, ඉමදුව රාදේශිය සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි, හබරාදුව රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ,පළාත් සෞඛ් අමාත්යංශ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල යන මහජන නියෝජතියෝද  තවත් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුහ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...