Saturday 11 January 2014

මඩකලපුවේත සිංහල අය හිටියළු....අද...



නැගෙනහිර පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කයක් වශයෙන් හදුන් වන මඩකලපුව අද සාමයේ නගරයක් ලෙස නම් කල හැකිය. වසර තිහක කාලයක් තිස්සේ පැවති යුද්ධයේ බිහිසුනු අත්දැකිම් අදද සැම තැන නටබුන්ව දැක ගත හැකියාවක් තිබේ.වසර ගණනාවකට පෙර 1985 පෙර මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව වාශය කල අතර ඔවුන් අතරින් වැඩි පිරිසක් ව්‍යාපාරිකයන්ය.ගාල්ල මාතර ප්‍ර දේශවලින් පැමිණි පුද්ගලයින් විශාල පිරිසක් දෙමළ ජනතාව සමග එක්ව කටයුතු කර තිබේ.අතිතයේ දිනක මෙරට මහා ගත් කරු මාටින් වික්‍රම සිංහයන්ද තරණ වියෙදි මඩකලපුව ප්‍රදේශයේ සිල්ලර වෙළද සැලැක ලියනනේකු වශයෙන් කටයුතු කර තිබෙන බව මා අසා ඇත්තේමු.

අද සිංහල පවුල් ඉතා සිමිතය ඔවුන් හට එහි ශක්තියක් නැත.1985දි පමණ ඊලාම් කොටි සංවිධානයට බියේ සිංහල පිරිස් මඩකලපුවෙන් ඉවත් වී ගොස් ඇත.එවකට  ඇතැම් අය තම ඉඩම අඩු මුදලකට විකුණා ගොස් ඇති අතර ඇතැම් අය මරණ බියෙන් පලා ගොස් තිබේ.අද එම ඉඩම් ද්‍රවිඩ ජාතිකයින් පදිංචිව සිටි.
මඩකලපුව නගරය මැද පිහිටා ඇති ශ්‍රි මංගලාරාම විහාරය 1922 පමණ ඉදිකර තිබෙන අතර .එය දකුණේ සම්ප්‍රධායන්ට අනුව ඉදි කර ඇත.80 දශකයේ දි මෙම විහාරස්ථානය කොටි ත්‍රස්තවාදින් විසින් ගිනි තබා විනාශ කරන ලදි .බෝධින් වහන්සෙද කපා ගිනි තබා තිබිණ.සියල්ල නැවත වරක් නිරිමාණය වනුයේ එවකට සිටි යුද හමුදාව විසිනි.

අද වන විට විහාරස්ථානයේ බුදු මැදුර අබලන්ව තිබේ.කිසිදු අයුරකින් දානයක් දෙන්නට බණක් පිරිතක් කියන්නට සිංහල පිරිසක් දක්නට නැත.එනමුත් අද වන විට මඩකලපුව දිස්ත්‍රික්කයට යනු ලබන සංචාරකයින් මෙම විහාරස්ථානය වැද පුදා ගැනිමට යාමට අමතක නොකරයි. මෙම විහාරස්ථානයේ දකින්ට ලැබෙන විශේෂත්වය නම් දකුණේ කලා ශිල්පින් විසින් නිර්මාණය කරණ ලද විහාර මන්දිරයේ ඇති අලංකාරයයි.සිතුවම් සහ පිළිම නොලිම දකුණු පැරණි විහාර කර්මානතයේ නැකම මත සිදු කර තිබේ.
සිංහල වන්දනා කරුවන් විශාල පිරිසක් නවාතැන් ගැනිමටද  මෙම විහාරස්ථානයට යනු ලබයි. අද වන විට මෙම විහාරස්ථානය  රැකබලා ගනිමින් අම්පිටියේ සුමනරතන ස්වාමින් වහන්සේ කටයුතු කරනු ලබයි.මේ වන විට සිංහල අයිතින් වෙනුවෙන් සහ බෞද්ධ සිද්ධස්ථාන රැක බලා ගැනිමෙදි සිදුවු ගැටළු හේතුවෙන් අධිකරණයේ නඩු 45 පමණ තිබෙන බව ස්වාමින් වහන්සේ පෙනවා දෙයි.මඩකලපුව ප්‍ර දේශයේ කිසිදු ස්ථානයක බුදු පිළිබයක් තබන්නට නොහැකි ලෙස මඩකලපුව පොලිසිය මගින් අධිකරණ නියෝගයක් ගෙන ඇත.
ඒ සමගම මංසන්දි දෙකක තැන්පත් කර තිබු බුදු පිළීම විනාශ කර සහ සොරා ගෙන ගොස් තිබේ.මෙම සිදුවිම් පිටුපස් ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රිවර්න්  සිටින බව විහාරධිපති ස්වාමින් වහන්සේ පැවසිය.විහාරයට අයත් භුමියේ විශාල ප්‍රමාණයක් අනවසරයෙන් අත්පත් කර ගෙන තිබෙන අතර එම කටයුත් වලදි විහාරය ආරක්ෂා කර ගැනිමට සහ එම ගැටුළු වලට තනිවම මුහුණ දිමට අම්පිටියේ සුමනරතන ස්වාමින් වහන්සේ සිදුව තිබේ .

කාලයාගේ ඇවැමෙන් විහාරස්ථානයේ බුදු මැදුර අබලනව තිබේ .මෙයා ස්ථාපිත කිරිමට ඇස්තමෙන්තු කර ඇති මුදල ලක්ෂ හතලිහකි. පලමු අදියර යටතේ බුදු මැදුරේ වහලය ප්‍රථිසංස්කරණය කර තිබේ.දැනට බුදු මැදුරේ සිතුවම් සහ පිළිම නැවත සක්ස කිරිමට රුපියල්  ලක්ෂ තිස්පහක පමණ මුදලක් වැය කිරිමට නියමිතය.මෙම විශාල මුදල් ප්‍රමාණය එකතු කර ගැනිම විශාල ගැටළුවක්ව තිබේ.එයට හේතුව වන්නේ මෙම විහාරස්ථානයට මඩකලපුවේ දායකයින් පිරිසක් නොවිමය. හුදෙලා විහාරයක් ලෙස තිබෙන මෙම විහාරස්ථානය කාලයක් තිස්සේ රැකබලා ගනු ලැබු මෙම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ පවසා සිටිනුයේ  ලොව වටා  සිටින බෞද්ධ ජනතාවට මෙම විහාරය රැක ගැනිමට උපකාර කරන ලෙසය. මෙම විහාරස්ථානය හැරෙන්නට වෙනත් ස්ථානයක් මඩකලපුවේ සිංහල අයට නොමැති අතර එය රැක ගැනිමට මෙරට මෙන්ම පිට රට බෞද්ධයින් එක් විම ඉතා වැදගත්වේ.

මේ වනවිට එම ප්‍රදේශයේ ජිවත් වන සියළු ද්‍රවිඩ ජාතිකයින් විහාරයට විරුද්ධ නොවන අතර දේශපාන ක්‍රයාවලියේ යෙදි සිටින ත්‍රස්තවාදි සෙවනැලි ඊට විරුද්ධව ක්‍රියත්මක වී ඇත.සිංහල ජාතිකයින් හට මඩකලපුවවේ ඇති ඉතිහාසික අයිතිය සනාතවනුයේ මෙම විහාරය තිබෙන ඉතිහසයත් සමග විම හේතුවෙන් එය විනාශ කිරිම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
අතිතයේ පැවති බෞද්ධ විහාරස්ථානවල නටබුන් මඩකලපුව අවට භූමියේ තිබුනද ඒවා සංරක්ෂනය කර බෞද්ධ ජනතාව හට වැද පුදා ගැනිමට අවස්ථාවක් මේ වන විටත් සලසා නැත.ත්‍රිවිධ හමුදාවන් මෙම පුරාවිද්‍ය නටබුන් පිළිබද අවදානය යොමු කර රකින් බැවින් එම ස්ථාන අද ආරක්ෂා වී තිබෙන බව විහාරධිපති ස්වමින් වහන්සේ පෙනවා දෙයි.
ඔබට හැකිනම් උදව්වක් කරන්න කතා කරන්න මෙම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා අරමුදලක් ඇති කරිමට කටයුතු යොදා ඇති අතර ඒ සදහා දායකත්වය ලබා දිමට කැමති දායකයින් සදහා ශ්‍රි මංගලාරාම විහාර සංවර්ධන අරමුදල නම්න මඩකලපුවේ සම්පත් බැංකුවේ ගිනුමක් ආරම්භ කර තිබේ .එහි අංකය 113961000365 වන අතර මෙම විහාරස්ථානයේ ඉදිකිරිම් පිළිබදව 0771791883 යන දුරකථන අංකයෙන් විමසිය හැකිය.
                            
                                                                                                                                     
චන්දන ලියනආරච්ච්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...