Sunday 5 January 2014

ව්‍යාපාරිකයෙන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි වසර 400 පැරණි අහංගම නගරයේ පොදු සූසාන භූමිය ජනතාව යළිත් අයිතිකර ගනිති.

       එත්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමැතිවරයකුගේ ඥාතියෙකු කියන අයෙක්  වසර හාරසියක්ටත් වඩා පැරණි අහංගම කන්ද ප‍්‍රදේශයේ පොදු සූසාන භූමිය  අල්ලාගෙන හෝටලයක් හා වෙරළ උද්‍යානයක් ඇති කිරීමට විරෝධය ප‍්‍රකාශ කරමින් අහංගම නගරයේ හා අහංගම් කන්ද ප‍්‍රදේශයේ ජනතාව අද 05 දහවල් දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කළහ.මේ නිසා මාතර ගාල්ල මාර්ගයේ අධික වාහන තදබදයක්ද ඇතිවුහ.

 ගම්වාසිහු හා ප‍්‍රදේශවාසිහු එක්ව බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි සොහොන් භූමිය සුද්ධ පවිත‍්‍රකර කැලෑව කපා පැරණි සොහොන් කොත්වල හා රණවිරු සොහොන් කොත්වල   සායම් ආලේප කිරීමද සිදු කළහ.
ප‍්‍රදේශවාසිහු මෙහි දී මෙසේ පැවැසුහ.
  අහංගම නගරයේ සල්ලිකාර මැරයෙන් වසර හාරසියක් තරම් පැරණි වු සුසාන භූමියට දේහයන් ගෙනඑන ඥාතිහුට මැරයෝ යොදවා තර්ජනය කරනවා. අහංගම අහංගම් කන්ද ප‍්‍රදේශයේ අක්කර ගණනක සුසාන භූමියක් ජනතාවට අහිමි කරමින් මෙහි හොටෙල් නිකේතනයක් ඉදි කිරීම සඳහා සුදානමින් සිටින නිසා ප‍්‍රදේශවාසිනට සුසාන භූමිය අහිමිවීමේ අවදානමකට පත්ව තිබෙනවා.
 මෙම සුසානය තම පරම්පරා ගණනක තිස්සේ පවත්වාගෙන යන පොදු සුසාන භූමියක්. මෙම ඉඩමේ හිමිකරුවා මෙය ප‍්‍රදේශවාසිනට පරිහරණය කිරීමට ලබාදී තිබෙනවා. නමුත්, මෙම ප‍්‍රදේශයේ මුදල් හා මැර බලයක් තිබෙන පුද්ගලයෙක් නැතිනම් සන්ධාන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයකුගේ බෑනා කියන අයෙක් තමයි මේ සියලූම සෙල්ලම් දමන්නේ. ජනතාව බිය ගන්වමින් මෙම සුසානය අහිමි කරමින් සිටිනවා. මෙහි රණවිරු ස්මාරක හා රණවිරුවනගේ සොහොන් කොත්ද දැකිය හැකිය.1800 ගණන්වල සොහොන් කොත්ද  දැකිය හැකියි.මේ අසල විහාරස්ථානයක් තිබුනා ඒ විහාරස්ථානයේද කොටසක් අරගෙන පස් කණ්ඩියක් කපලා පන්සලටද හානි කරමින් මේ අය ඉන්ධන පිරවුම්හලක් සකස් කරා.

මෙම අවස්ථාවට සන්ධානයේ දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රී රණවිරු අජිත් ප‍්‍රසන්න මහතා එක්වෙමින් පැවසුවේ අපේම සන්ධානයේ අය මේ සල්ලිකාරයාගේ පැත්ත අරගෙන වෙරළ උද්‍යානයක් ඇති කිරිමට පියවර ගන්නවා. මම කියන්නේ මේ රණවිරු සොහොන් ආරක්ෂා කර මේ ප‍්‍රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි.






1 comment:

  1. අනේ ඇත්තට මැරිලවත් නිදහසේ ඉන්න නැහැනෙ මේ දේශපලකයන් හින්දා..........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...