Sunday 26 January 2014

නීතියට පිටින් මරණ දඬුවම

                   තම බිරිය සමග අනියම් සබඳතා පවත්වමින් තමාට හිරිහැර කල පුද්ගලයෙකු කටුනායක නේවාසිකාගාරයකදී කපා කොටා මරා දැමීමේ වරදට ඇප මත නිදහස්ව සිටි අයෙකු අද උදේ වෙඩි තබා මරා දමා ඇත. කටුනායක රන් අබරණ අලෙවි සැලක හිමිකරුවෙකුවූ රාමනාදන් පුනීදන් නැමැති අය මෙසේ මරණයට  පත්ව ඇති බව පොලීසිය කියයි. උසාවි නියෝග අනුව  කටුනායක පොලීසියේ පෙනී සිට ආපසු යමින් සිටියදී කටුනායක වී මෝල පාරේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
                                                                                              කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...