Sunday 5 January 2014

මුළු මහත් දේශපාලන ලොවේම අලුත් නොවන වෙනස් නොවන දෙයක් ඇතිනම් ලංකාවේ විපක්ෂ නායකයා හා එක්සත් ජාතික පක්ෂයේ නායකයා බව ලොවටම රහසක් නොවෙයි

'ලොවේ නොවෙනස්වන එකම දෙය වෙනස් වීමයි. එසේ නොවුණහොත් ලොවේ දියුණුවක් ඇති නොවේ.''අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව ලොව නොනගී.' යැයි කුමාරතුංග මුනිදාස සූරීන් පැවසුවේ ජනතාවට යහපතක් වන පරිදි අලුත් දේවල් නිපදවීමේ වටිනාකම පෙනිවීමටයි දේශපාලකයන් වන අපද අලුත් දෙවල් කළ යුතුයි. මුළු මහත් දේශපාලන ලොවේම අලුත් නොවන වෙනස් නොවන දෙයක් ඇතිනම් ලංකාවේ විපක්ෂ නායකයා හා එක්සත් ජාතික පක්ෂයේ නායකයා බව ලොවටම රහසක් නොවෙයි යැයිදකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා එසේ පැවසුවේ මාධ්‍යයට අදහස් දක්වමිනි පවසයි. ඒ මහතා ඒසේ පැවසුවේ පසුගිය දා පැවති දකුණු පළාතේ මගී ප්‍රවාහන සේවාවන්හි නියුක්ත වුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිමත් කිරීම සදහා ශිෂ්‍යත්ව හා තාග්‍ය ලබා දී‍ෙම් උත්සවයක දීය. මෙම උත්සවය ගාල්ල දංගෙදර සමෝදා උත්සව ශාලාවේ දී පැවැත්විණි. වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය,
පාර්ලිමේන්තුවටත් යා නොහැකි නායකයෙක් ජනතා විමුක්ති පෙරමුණේ ද සිටිනවා. ත්‍රිරෝද රථ පක්ෂයට වුවද එක් මන්ත්‍රී ධූරයක් ලැබුණහොත් පර්ලිමෙන්තුවට යන්නේ එහි නායකයා.පර්ලිමේන්තුව වගකීමක් එම නායකයා සතුව තිබෙනවා.
පළාත් සභා මැතිවරණයක් ආවොතින් මහ ඇමති අපේක්ෂකයෙක් නම් කරනවා. නමුත් අවසානයේ දී ඔහුට ඒ කියනනේ ජනතා විමුක්ති පෙරමුණ නම් කරන මහ ඇමති අපේක්ෂකයාටවත් පළාත් සභාවට යන්න ලැබෙන්නේ නෑ.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හඩ නගන්නේ දේශපාලන වේදිකාවේ පමණයි. ඔවුන්ගේ බංකොලොත් න්‍යායපත්‍ර සකස් කර ගෙන ඇත්තේ ඒ විදියට. බලාගෙන යන විට රනිලුත්, සෝමවංශත් තකට තක වගේ.
දේශපාලනය කලාවකි. සංවේදී හදවත් ඇත්තන්ට මේ ක්ෂේත්‍රෙ‍යේ ඉහළටම යා හැකියි. වත්මන් ජනාධිපතිතුමා මේ කලාව හොඳින් දැනගෙන කටයුතු කරනවා. සංවේදී නොවන්නෝ දේශපාලන කෙම්බිම මරු කතරක් කර ගන්නවා. රනිල් මංගල එවැන්නන්ගෙන් කීප දෙනෙක්.
 දේශපාලනයේදී හොඳ ඉවසීමක් තිබිය යුතුය. ඉවසුවා ඇති කියා බෝඩ් ලෑලි උස්සාගෙන යෑමෙන් පලක් නෑ. එවිට  ජනතාවටද තමන් ඉවසුවා ඇතැයි සිතෙනවා. කළු ගලකින් පිළියමක් නෙලන්නාට හිස් කඩදාසියක සිතුවමක් මවන්නාට වචන කිහිපයක් එකතු කොට තනුවක් සංගීතයක් මුසු කොට ගීතයක් නිමවන්නාට හොඳ ඉවසීමක් අවශ්‍යයි. සංවේදී සිතක් අවශ්‍යයි. දේශපාලනයත් එසේමයි.‍
ජනතාවගේ හදවත් ගැහෙනා රාවය දේශපාලඥයකු මුලින්ම හඳුනා ගත යුතුයි. ජනතාවගේ දහදියට, කඳුළට වටිනාකමක් ලබාදීම අපගේ පරම යුතුකමක්. මෙය පැහැර හරින්නාට සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සෝමවංශ අමරසිංහ මහතාට සිදුවූ දෙයමයි.
සී.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා ඇති කර ශිෂ්‍යත්ව විභාගය නිසා අද බොහෝ දෙනා ගමේ පාසලෙන් නගරයට ඇවිල්ලා ඉහල තැන් වලට ඇවිත් තියෙනවා. අද ශිෂ්‍යත්වය ගැන ‍ෙනායෙකුත් මත තිබෙනවා. නමුත් දෙයක් මතක තබා ගත යුතුයි. ශිෂ්‍යත්වය නොතිඹුනා නම් අද ඉන්න බොහෝ නායකයින් අද නායකයින් නෙවෙන්න තිබුනා.
අද අපි මේ උපහාරය කරන්නේ රටේ උදෑසනින්ම අවධි වී මිනිසුන් අවශ්‍ය තැනට ගෙනගොස් රටේ සංවර්ධනයට මහා පිටුවහලක් සපනය ඔබේ පියාගේ සේවය ඇගයීමක් වශයෙනුයි. ප්‍රවාහනය යනු නොපෙනෙන මහා බලවේගයක්. යනුවෙන් ද ඒ මහතා පැවසීය.
මෙම අවස්ථාව සදහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, දකුණු පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති, දකුණු පළාත් ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් රාජකුමාර ඇතුළු මහත්ම මහත්මී න්ද දකුණු පළාතේ ප්‍රවාහන සේවාවන්හි නියුතු සේවකයන් හා එම පවුල් වල දුවා දරුවන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...