Thursday 24 July 2014

දකුණු පළාතේ පාසල් වල ප්‍රතිඵල අඩු වීමට සමහර විදුහල්පතිවරුන් ද මුලික හේතුවක්. සමහර විදුහල්පතිවරුන්ගේ ශ්‍රේණිය පලමු ශ්‍රේණිය වුනාට ප්‍රතිඵල බිංදුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී (එජනිස) මොහාන් පී ද සිල්වා

දකුණු පළාතේ පාසල් වල ප්‍රතිඵල අඩු වීමට සමහර විදුහල්පතිවරුන් ද මුලික හේතුවක් බවත් සමහර විදුහල්පතිවරුන්ගේ ශ්‍රේණිය පලමු ශ්‍රේණිය වුනාට ප්‍රතිඵල බිංදුව බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජනිස) මොහාන් පී ද සිල්වා මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම සදහා සහභාගී වෙමිණි. එම ස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපති දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය, සමහර වැඩ බලන විදුහල්පතිවරු ඉන්නවා පාසල් ඉතාම හොද තත්වයෙන් ගෙනියන. ඒ අයට ශ්‍රේණි නෑ. නමුත් පාසල ඉතා හොදින් පවත්වාගෙන යනවා. ඒ අයට සාධාරණයක් විය යුතුයි. නැත්නම් ඒ අය හැමදාම එතනමයි.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා,
එවැනි තත්වයක් තිබෙනවා. හොදින් පාසල් පවත්වාගෙන යන ශ්‍රේණි නැති වැඩ බලන විදුහල්පතිවරු කීප දෙනෙක්ම සිටිනවා. මම නම් කියන්නේ නෑ. නම නොකියවෙන අයට වෙන ආසාධාරණයක් නිසා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා,
එසේ හොදින් වැඩකරගෙන යන විදුහල්පතිවරුන් ස්ථිර කරන්න ක්‍රමයක් නැද්ද.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා,
ඒක මධ්‍යම රජය හා කරන්න ඕන වැඩක් නමුත් දකුණු පළාත් තුල අපි ඒ සදහා අපි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා.
දකුණු පළාත් අධ්‍යාපන සැලසුම් අධ්‍යක්ෂිකා නාලිකා දොඩම්පේගම මහත්මිය.
දකුණු පළාතේ අධ්‍යාපන ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී 2012 වරෂයට සාපේක්ෂව 2013 වරෂයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ පසුබෑමක් දක්නට තිබෙනවා. 2012 වර්ෂයට සාපේක්ෂව 2013 වර්ෂයේ  සා.පෙළ විභාගයෙන් සිසුන් සමත් වීම 0.98% අඩු වී ඇත. නමුත් මාතර දිස්ත්‍රික්යේ සමත්වීම 2.72% ක හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එය 1.22 ක වර්ධනයක් පෙන්නනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කලාපය හැර අනිත් කලාප වල 2012ට සාපේක්ෂව 2013 වර්ෂයේ ප්‍රතිඵල වල අඩුවක් තිබෙනවා. අනිත් අඩුවීම සිදුව තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට කලාපය තුලයි. මාතර දිස්ත්‍රික්කයේ සියලූම අධ්‍යාපන කලාපවලින් පසුගිය වසරට සාපේක්ෂ වර්ධනයක් පෙන්වා තිබෙනවා.
කෙසේ නමුත්  දකුණු පළාතේ සමස්ත ප්‍රතිඵල අනුව 2012 වර්ෂයට සාපේකෂව 2013 වරෂයේ සාමාන්‍ය පෙළ සමත්වීමේ වර්ධනය 0.75 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එම වර්ධනය සමස්ත ලංකා මට්ටමේ දී 1.93% ලෙස සටහන් වනවා. දිස්ත්‍රික්ක තුනටම අපි එකම ආකාරයේ වැඩ සටහන් ක්‍රියාත්මක කලා.
දකුණු පළාත් සභා මන්ත්‍රී (එජාප) විජේපාල හෙට්ටිආරච්ච් මහතා,
ප්‍රතිඵල අඩුවෙන්න ගුරු වරු අඩු වීමම නොවෙයි බලපාන්නේ. මම දන්න පාසලක ගණිතයට ගුරුවරු 4 ක් ඉන්නවා. නමුත් ප්‍රතිඵල හොද නෑ.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා,
සාමාන්‍ය පෙල විභාගයට ආසන්න කාලයේ දී මට මේ සදහා මැදිහත් වෙන්න නොහැකි වුනා ඡුන්දය නිසා.  නැතිනම් මම ඇමතිවරයා වුනත් නිළධාරීන්ගේ මට්ටමට ඇවිත් මේ ගැන සොයා බලනවා. ඔය ප්‍රතිඵල අඩු පාසල් වලට මම පෞද්ගලිකව යනවා, ඒ අයට කතා කරනවා. දැන් දකුණු පළාත තුල ගුරු හිඟය අවම කරලා තිබෙනවා. සමහර තැන්වල හදිසියේ නිවාඩු ගියපු එකක් හැර. එකතැනක ගුරුවරු වැඩි වුනහමත් සමහර වෙලාවට ප්‍රශ්න ඇති වෙනවා. ඒ සොයා බලන්නම්. එවගේ සිදුවීම් බොහෝ විට වෙන්නේ ගාල්ල අවටයි. වැඩිපුරම ගුරුවරුන් බිහිවෙන්නේ ගාල්ල නගරය ආශ්‍රිතව ඉතින් ඔවුන් අවම දුෂ්කර කාලය වන අවුරුදු 5 සම්පුර්ණ කර නගරය ආසන්න පාසලකට එනවා. එතන දී ගුරුවරු වැඩිවීමක් සමහර පාසල් වල ඇති.
සමහරු කියයි නිළධාරීන් වගේ ඇමතිට වැඩ කරන්න  අවශ්‍ය නෑ කියලා. ඒවාට නිළධාරීන් ඉන්නවා කියලා. නමුත් මම ඒ දේ කරනවා. අධිකරණයකින් මට එපා කිව්වොතින් ඇරෙන්න ඒ වැඬේ නවත්වන්න කාටවත් බෑ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...