Thursday 10 July 2014

ලංකාව තුල සිටිනා බොහෝ ව්‍යවසායකයින් විභාග පාස් වු අය නොවන නමුත් සමහර අවස්ථාවන් කළමනාකරණය කර ගැනීමේ දී ඔවුන් හට විභාග සමත් අයටත් වඩා දැනුමක් තිබෙනවා. වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න මහතා

@ ලංකින්ද නානායක්කාර

ලංකාව තුල සිටිනා බොහෝ ව්‍යවසායකයින් විභාග පාස් වු අය නොවන නමුත් සමහර අවස්ථාවන් කළමනාකරණය කර ගැනීමේ දී ඔවුන් හට විභාග සමත් අයටත් වඩා දැනුමක් ඇති බව වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ ඉමදුව දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ පැවති තාග්‍ය ප්‍රධානොත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාලී වෙමිනි. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය,මා මෙයින් අදහස් කලේ අධ්‍යාපනය ලබන්නට ම බැරි වු පමණින් සටන අත් නොහැරිය යුතු බවයි.
එක එක දරුවන් දක්ෂතා දක්වන්නට ආරම්භ කරන කාලය වෙනස්. පලමු වසරේ ඉදලා සමහරු ඉගෙනීමට දස්කම් දැක් වුවද තවත් සමහර දරුවන් උසස් පෙළ පංතියේ දී දක්ෂතා අතරට එනවා. දෙමාපියන් ලෙස අපි ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. අද දරුවෙකුටම ගමන් කල හැකි මාර්ග බොහෝමයක් විවෘර්ත වී තිබෙනවා. මීට වසර දහයකට පමණ පෙර ලංකාව නොවෙයි දැන් තිබෙන්නේ. විවෘර්ත වී ඇති මාර්ග ඔස්සේ දරුවන් ගමන් කිරීමට උත්සාහ කරනවා. දරුවන්ට හැම විටම අවස්ථාව ලබා දෙන්න ඔවුන්ගේ සුවිශේෂී හැකියාව ඇති මාර්ගයේ යාමට. තීන්දු ගැනීමේ දී ජයප්‍රිය නොවුනත් තමාට සුදුසු හොද තීන්දු ගන්න. වෙනස් විධියේ ගමනක් යන්න. එවිට ඔබ රැකියා සොයන්නෙකු නොව රැකියා ඔබව සොයන්නෙකු විය හැකියි.
මාගේ අර්ථයෙන් නම් සංවර්ධනය යණු ව අවස්ථා නිර්මාණය කර දීමයි. ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස අප එය සිදු කරනවා. එම අවස්ථා ඔබ ප්‍රයෝජනයට ගන්න. ඔබ හැමටම නායකයෙක් විය හැකියි. උත්සාහ කරන්න. උත්සාහය කිසි විටක අත්හරින් එපා.
දරුවාගේ හදවතට හා මනසට කතා කල හැක්කේ ගුරුවරයාටයි. එම නිසා නවීන තාක්ෂණයේ හොද නරක දරුවාට කියා දී අධ්‍යාත්මක සංවර්ධනයෙන් හෙබි දරු පරපුරක් හැදීමේ වගකීම ගුරුවරයා මත පැවරෙනවා. අද බොහෝ දෙනා සාමාන්‍ය පෙල විභාගයෙන් ඒ නමයක් ගන්න අය ගැන සොයා බැලුවත් ඩබ්ලිව් නවයක් ගන්නා අය ගැන සොයා බලන්නේ නෑ. නමුත් ඒ ඩබ්ලිව් නවය ගන්නා අය අතර තවත් වසර දහයකින් පමණ ලංකාවේ හොදම ව්‍යවසායකයා ඉන්න පුළුවන්. වයඹ පළාත තුල පසුගිය වසරේ ඩබ්ලිව් නවයක් ගත් ළමුන් 534 ක් වාර්තා වී තිබුනා. මම ප්‍රධාන ලේකම් වරයා ලෙස ඔවන් සියළු දෙනාටම ලිපියක් යවමින් පවසා සිටියා බලාපොරොත්තු අත් නොහරින ලෙස. එසේම ලබන සතිය තුල ඔවුන් 534 දෙනාම නගර ශාලාවට කැදවා තිබෙනවා. එහිදී විශේෂ දේශන සදහා ලංකාවේ ගිය වසරේ සාර්ථකම ව්‍යවසායකයින්ටත් මම ආරාධනා කර තිබෙනවා. එම ව්‍යවසායකයින් ලෝකය දිනු අයුරු ඔවුන්ට පැවසීමයටයි එය සිදු කරන්නේ. ඔය 534 දෙනාගෙන් අනිවාර්යයෙන්ම 10 දෙනෙකුවත් හොදම ව්‍යවසායකයින් වන බවට මට විශ්වාසයක් තිබෙනවා.
මේ එක් උදාහරණයක් පමණයි අද වන විට රට තුල ඕනෑම අයෙකුට ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා හොදම දේ තෝරා ගැනීමයි ඔබ කල යුතු වන්නේ.
මෙම අවස්ථාව සදහා ගාල්ල අධ්‍යාපන කලාප අධ්‍යක්ෂ සුසිල් ප්‍රේමනාත්, දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති ආර්.ඩී. ප්‍රේමරත්න,ආදිශිෂ්‍ය සමිතියේ ලේකම් ගාමිණී උපුල් ශාන්ත යන මහත්වරුන් ඇතුළු දෙමාපියන් සිසු දරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාව එක්වුහ.



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...