Thursday 24 July 2014

ඉමදුවේ පාසල් වලට ඉමදුව ප්‍රාදේශීය සභාපතිගෙන් තර්ජනයක්

ඉමදුව ඇසල කලාපය සදහා ඉමදුව ප‍්‍රාදේශීය සභාවට සහයෝගය නොදුන් කිසිදු පාසලක් සදහා ඉදිරියේ දී කිසිදු සහයක් සභාව ලෙස ලබා නොදෙන බව ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ 24 දින පැවති ඉමදුව ප‍්‍රාදේශීය සභා මාසික රැස්වීමේ දීය, ඉමදුව ප‍්‍රාදේශීය සභාව සභාපති ඒ.වී. සරත් කුමාර මහතා ගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා, ඇසල කලාපයක් වැනි පොදු වැඩක් කරන අවස්ථාවේ  තිබුන රැස්වීමේ දී සමහර විදුහල්පතිවරු පිටිපස්සට වෙලා කතාවෙලා තියෙනවා මේවා දේශපාලන වැඩ මේවට සහයෝගය දෙන්න බෑ කියලා. ඒ අය දන්නේ නෑ අපේ එක්කෙනෙකුත් එකන හිටියා කියලා. බොහෝ විදුහල්පතිවරු මේ සදහා උපරිම සහය දෙද් දී සමහරු සහය දුන්නේ නෑ.  අපි කරේ නගරයේ ආගමික පුනරුදය වැඩිවන හොද වැඩක්. හැමෝම ඒ ගැන හොද කිව්වා. ඉතිහාසයේ කවදාවත් නැති පිරිසක් මේ සදහා සහභාගී වුනා.
ඔය සහයෝගය නොදුන්න විදුහල්පතිවරුන් දැනගත යුතුයි. පිට්ටනිය සුද්ද කරන්න, අරක කරන්න, මේක කරන්න අපෙන් සහයෝගය ඉල්ලන් එනකොට ඒකට බලාගන්නම්. ඒ කිසිදු විදුහල්පතිවරයෙකුට සභාව ලෙස අපෙන් කිසිම සහයක් නෑ.
ඒ වගේම උදව් දුන්න සියලූ රාජ්‍ය ආයතන ඇතුළු පාසල් වලට අපෙත් සහයෝගය නිරන්තරයෙන් හිමි වෙනවා. ඒ සහභාගී වුන සියළු දරුවන්ට සහතික හා තෑගි දෙන්නත් කටයුතු කරා.
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...