Thursday 24 July 2014

සෑම දරුවෙකුම මේ ලෝකයට බිහිවන්නේ බොහෝ හැකියාවන් සහ කුසලතාවයන් සහිතවයි. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි

සෑම දරුවෙකුම මේ ලෝකයට බිහිවන්නේ බොහෝ හැකියාවන් සහ කුසලතාවයන් සහිතවයි. එම කුසලතාවයන් ඔප මට්ටම් කර සමාජයට වැඩදායී පුද්ගලයින් ලෙස එම දරුවන් රටට ලබා දීම සදහා මෙම රජය කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ නැණ ගුණ තිලිණ ප්‍රජා සත්කාරක වැඩ සටහන යටතේ දෙමාපිය අහිමි දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමේ අවස්ථාවට අහංගම ධාර්මික විද්‍යාලයේ දී සහභාගී වෙමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය,
රජයක් ලෙස අපේ වුමනාව නැති බැරි ,ඇති හැකි, කොළඹ සහ ගමේ සිටින සියළු දරුවන් අනාගතයේ දී හොද වෘත්තිකයන් කරන්නයි. හොද රසවින්දනයක් ඇති අනුන්ට කරදරයක් නැතිව යමක් හිතලා කරන්න පුළුවන් දරු පරපුරක් මේ රටට අවශ්‍යයි. එවැනි දරුවන් නිර්මාණය කර ගැනීමට, දරුවන් නිර්මාණ කරණයට යොමු කිරීම ද වැදගත් වෙනවා. කළාත්මක නිර්මාණ බිහිවන්නේ හදවතේ සිතුවිලි හොද විධියට ගැලපුනහොත් පමණයි. ඒ සදහා අවශ්‍ය භෞතික සම්පත් රජය විසින් පාසල් සදහා නොඅඩුව ලබා දෙනවා. හබරාදුව ආසනය තුලත් අංක එක දරුවන් ලෙස සලකා අපි කටයුතු කරනවා. එම නිසාම හබරාදුව ආසනයේ පාසල් 56 ම සංවර්ධනය සදහා මුදල් යොදවා තිබෙනවා.
මීට වසර කිහිපයකට පෙර තිබු රටේ නොවෙයි අද අපි ජීවත් වන්නේ. එදා අනාගතයක් නැතිව ජීවත් වු ජාතියක් වු අපි අද වර්තමානයක් මෙන්ම අනාගතයක් හිමි ජාතියක් බවට පත් වී සිටිනවා. මීට වසර15 පමණ පෙර මෙතන හිටපු දරුවන් උත්සාහ කරේ රට රැකගන්න හමුදාවට යන්න. එහෙම නැත්නම් මොන උප්පරවට්ටියක් දාලා හරි රටින් පැනගන්න. නමුත් මේ රජය එම තත්වයන් වෙනස් කරා. දැන් දරුවන් උත්සාහ කරන්නේ මේ රට තුල වෘත්තිකයෙකු වීමටයි.  දැන් තිබෙන්නේ වේගයෙන් ඉදිරියට යන රටක්. ඒ රටේ ශක්තිමත් පුරවැසියෙකු කිරීම සදහා අවශ්‍ය අධ්‍යාපනයේ දායාදය රජයක් ලෙස මේ දරුවන්ට අද ලබා දී තිබෙනවා.
අද රට තුල සිටින දරුවන්ගෙන් සියයට අසු පහක්ම පරිගණක සාක්ෂරතාවය තියෙන දරුවන්. ලෝකය ඉදිරියට යන විට අපිට ලිං මැඩියන් සේ සිටීමේ හැකියාවක් නෑ. අපේ දරුවනුත් ලෝකයේ සොයා ගැනීම් කරමින් ඉදිරියට යා යුතුයි. ඒ සදහා රජය ලෙස වගකීම අපි ඉටු කිරීමට සුදානම් බව ද ඒ මහතා පැවසීය. මෙම අවස්ථාව සදහා හබරාදුව ප්‍රා දේහීය සභාවේ සභාපතිවරයා , මන්ත්‍රීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

@  ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...