Thursday 29 May 2014

අමිහිරි කාලය අවසන්


ගුවන් තොටුපොළ සේවකයින් මුහුණදුන් අමිහිරි කාලය  අවසන් වූ බව ශ්‍රී ලoකා නිදහස් සේවක සoගමයේ ගුවන් තොටුපොළ ශාඛාවේ නව සබාපති ලෙස පත්වූ එම්. ඩබ්. බී මුහන්දිරම්  කීය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ පසුගිය 27 දින  කටුනායක,  මත්තල, රත්මලාන ගුවන් තොටුපොළ වලදී හා නුවර එළිය හා කතරගම මධ්‍යස්ථාන වලදී මෙම නිලවරණය පැවත්විණි. ලේකම් ලෙස දිනේශ් රන්දික පෙරෙරා හා භාණ්ඩාගාරික ලෙස ටී. අයි. පීරිස් පත්ව ඇත.
වැඩි ඡන්ද 582 කින්  මුහන්දිරම් ඇතුළු කණ්ඩායම තෝරාපත් කර ගැනීමත් ගුවන් තොටුපොළ සභාපතිවරයාට පක්ෂපාති හිටපු සභාපති පරාජයවීමත්  මගින් ගුවන් තොටුපොළ සමාගමේ පරිපාලකයින්ගේ ඉකුත් කාලයේ  ක්‍රියා කලාපය සේවක අප්‍රසාදයට ලක්ව ඇති තරම පැහැදිලිව දක්නට ලැබෙන බව ගුවන් තොටුපොළ සේවකයෙක් පැවසීය.
ශ්‍රී ලoකා නිදහස් සේවක සoගමය ගුවන් තොටුපොළ කම්කරුවන්ට තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න ඉතා විශාල සේවයක් අතීතයේදී කල සoගමයක් එම සේවය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැපවන බව එහි ගුවන් තොටුපොළ ශාඛාවේ නව සබාපති එම්. ඩබ්. බී. මුහන්දිරම්  පැවසීය.

                                                                                                   @   කුමාරසිරි ප්‍රසාද්

2 comments:

  1. කවුරුත් එද්දී ඔහොම තමයි කියන්නේ,

    ReplyDelete
    Replies
    1. මෙයා සෙවකයින් වෙනුවෙන් කතා කරලා ගුවන් තොටුපොළට ඇතුළුවීමේ හැදුනුම් පත පවා අහිමි කර ගත් කෙනෙක්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...