Thursday 15 May 2014

නොරටෙල් සේවකයෝ වර්ජනයක



         සේවා ආයතනයෙන් පිටතදී වූ පෞද්ගලික ආරවුලක් හේතු කරගෙන සේවකයින් පස් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමත් පරිපාලනයට හිතවත් එක් සේවකයෙකු ට කිසිම ක්‍රියාමාගයක් නොගැනීමත් ආයතනයට අදාල නොවන සේවක පෞද්ගලික ගැටළු වලට ආයතන ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව කටුනායක නොරටෙල් සේවකයෝ විරෝධතාවක නිරතවූහ. 



            අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹමින් ආරම්භ කළ මෙම විරෝධතාව කටුනායක නිදහස් වෙළඳ කලාප දොරටුවක් ඉදිරිපිටදී පැවත්විණි.
පසුගිය අප්‍රේල් 02 දින සේවකයින් පිරිසක් සහභාගීවූ සාදයකදී බීමතින් ඇතිකරගෙන ඇති මෙම ආරවුල සමථයකට පත්කිරීමට මිනුවන්ගොඩ පොලීසිය සමථ මණ්ඩලයට බාරදී ඇති බව සේවකයෙක් පැවසීය.

                                                                                                @ කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...