Friday 21 March 2014

ගුවන් තොටුපොළේ ජාවරමක්

         කටුනායක ගුවන් තොටුපොළේ ඉහල වැටුප් ලබාදෙන බව පවසා පුවත් පත් දැන්වීම් පලකර රැකියා බලාපොරොත්තුවන්නන්ගෙන් මුදල් ගැනීමේ ජාවරමක් පිළිබදව තොරතුරු  වාර්තාවේ. දිවයිනේ ප්‍රදේශ ගණනාවක පිහිටි රැකියා නියෝජිත ආයතන මගින් රුපියල් තුන් දහසක් අයකර රැකියාවලට බොහෝ පිරිසක් දිනපතා ගුවන් තොටුපොළට  පිටත්කර එවති. මෙසේ එවන අයගෙන් ද්‍ය පරීක්ෂණ සදහා තවත් රුපියල් දහසක් ගුවන් තොටුපොළේ සිටින නියෝජිතයෙකු අයකර ගන්නා බව මෙසේ රැකියාවට පැමිණි තරුණියක් කීය. නමුත් එවැනි වෛද්‍ය පරීක්ෂණයක් නොකරන බවද ඇය කීවාය.
ගුවන් යානා වලට ආහාර සපයන ආයතනයක පිළුණු ආහාර ඉවත් කිරීමට යොදවන මෙම සේවකයින් ට පොරොන්දුවූ වැටුප නොලැබේ. බොහෝ පිරිස් කෙටි කලකින් සේවය අත්හැර යන බවත්  සමහර අය වැටුප් ලබා ගැනීමට පවා නොපැමිණෙන බව මසකින් රැකියවෙන් ඉවත්ව  වෙළද කලාපයේ රැකියාවට පැමිණි තරුණියක් පැවසීය.
වෙළද කලාපයේ සේවකයින්ට මෙන්ම ගුවන් තොටුපොළේ අස්ථිර, කම්කරු, කොන්ත්‍රාත් හා අනියම් සේවකයින්ට බලපාන ගැටළු පිළිබදව තම සoගමයේ අවධානය යොමුව ඇතැයි නිදහස් වෙළද කලාප හා පොදු සේවක සoගමයේ කටුනායක සoවිධායක හා සම ලේකම් වරයෙකු වන අසේල ධර්මප්‍රිය පැවසීය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...