Tuesday 18 March 2014

ගුවන් යානය අසළදී ගුටිබැට

බැoකොක් බලා යාමට පෙරේදා 17 සවස කටුනායක ගුවන් තොටුපොළට පැමිණි දෙපිරිසක් ගුවන් යානය අසළදී එකිනෙකාට බරපතල ලෙස පහර දුන් බව එහි සිටි ගුවන් මගියෙක්  පැවසීය.ග්‍රෑන්ඩ්පාස් හා මාළිගාවත්ත පෙදෙස් වල පදිoචිකරුවන් කීපදෙනෙකු පැරණි කෝන්තරයකට මෙසේ ගුටිබැට හුවමාරු කරගනිමින් ගුවන් තොටුපොළ තුල කලහකාරී ලෙස හැසිරී ඇත. ගුවන් තොටුපොළ පොලීසිය මෙම පිරිස අත් අඩoගුවට ගෙන ඊයේ 18 අධිකරණයට ඉදිරිපත් කලබව පොලීසිය කියයි.මෙසේ අත් අඩන්ගුවට පත්ව ඇත්තේ මොහමඩ් අබ්දුල් කාදර් මොහමඩ් රිෂ්, මොහමඩ් නිෂාම් මොහමඩ් පාස්, මොහමඩ් රිම්සාන් මොහමඩ් රුසායින්, මොහමඩ් සලාම්දීන් මොහමඩ් හා මොහමඩ් පායිස් මොහමඩ් පර්සාන් යන මුස්ලිම් ජාතික ගුවන් මගීන් පස් දෙනෙකි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...