Tuesday 28 October 2014

ඉමදුව ප්‍රාදේශීය සභාව යුරෝපා කොටි තහනමට එරෙහි වෙයි.

යුරෝපා සංගමය මඟින් අධිකරණ තීන්දුවක් ලෙස කොටි තහනම ඉවත් කිරීමට විරුද්දව යෝජනාවක් 28 දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභාව මඟින් සම්මත කරන ලදී.
මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක් වු ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි මහතා මෙසේ පැවසීය,
අද රට තුල ව්‍යාකූල තත්වයක් ඇති කිරීම අරමුණු කරගෙන සිදු කරණ ලද ක්‍රියාදාමයක් මෙය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපි මේ සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කල යුතුයි. එසේ ප්‍රකාශ කර සභාව ලෙස අපේ විරුද්ධත්වය මේ සදහා පල කල යුතුයි. එසේම ලංකාවේ සියළු පළාත් පාලන ආයතන වලට ද මේ සදහා එකතු වන ලෙස මම ආරාධනා කරනවා.
එසේ සිදු කර මේ සදහා විශාල ජන මතයක් සාදා රටක් ලෙස අපි මෙයට මුහුණ දිය යුතුයි. පසුගිය කාලවල අප ජීවත් වු අයුරු කාට හෝ අමතක නම් මේ වන විට ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන රටවල තත්වය ගැන සොයා බලන ලෙස ද ඒ මහතා මෙහි දී පැවසීය.
මෙම යෝජනාව ඉමදුව ප්‍රා දේශීය සභා මන්ත්‍රී රත්නසිරි කොරලගේ මහතා විසින් ස්ථිර කරන ලද අතර ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනා මෙයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
විපක්ෂ නායක සහ එජප මන්ත්‍රී තිලක් අමරදිවාරකර මහතා මෙම යෝජනාවට විපක්ෂව කටයුතු කරනමින් මෙසේ පැවසීය,
ශ්‍රී ලංකා රජය ලෙස මෙයට මැදිහත් වු ආකාරය ගැන අපේ විරුද්ධත්වයක් තියෙනවා.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු උප සභාපති උදාන කුසුම්සිරි මහතා ප්‍රකාශ කර සිටියේ එජාපය කිසිම අවස්ථාවක රටේ පැත්තේ සිටි පක්ෂයක් නොවන නිසා මෙම තීරණය ගැන ද අමුතුවෙන් පුදුමයට පත්විය යුතු නැති බවත් මේ කොටි තහනම ඉවත් කිරීම පසුපස එජාපය සිටිනවා යන්නට මෙය හොද උදාහරණයක් බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...