Monday 20 October 2014

දිවි නැඟුම හයවන අදියර රටපුරා ඇරඹේ

@ ලංකින්ද නානායක්කාර
දිවි නැඟුම හයවන අදියර 20 දින දිවයින පුරා ග්‍රාමසේවා වසම් 14022 ක දී ආරම්භ කරන ලදී.
ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක් යන්න තේමාව කර ගනිමින් පවුල් ඒකක තුල ආර්ථිකය සහ පොෂණය වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවෙන් රය පුරා ආරම්භ වු මෙම වැඩ සටහට සමගාමීවඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල විසින් සංවිධානය කරන ලද ගාල්ල දිස්ත්‍රික්කයේ පැල බෙදා දීම සහ පැල සිටුවීම මෙන්ම ජීවනෝපාය සදහා කිකිළි පැටවුන් බෙදා දීම නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව හොරදුගොඩ දී පැවිත්විණි.
මෙම අවස්ථාව සදහා දකුණු පළාත් සභා මන්ත්‍රී ඒ.ජී.සී පියසිරි මහතා, ඉමදුව ප්‍රා දේශීය සභා සභාපති, උපසභාපති, ඉමදුව ප්‍රා දේශීය ලේක්ම් ලක්ෂ්මී කාන්තී යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.

මීට සමගාමීවම බටපොල දී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතාගෙන් ප්‍රධානත්වයෙන් දිවි නැඟුම වැඩ සටහන ආරම්භ විය, මෙහි දී අදහස් දැක් වු ප්‍රධාන අමාත්‍යවරයා,

දිවි නැඟුම යණු මිනිසුන් ඇට මස් නහර දක්වා කා වැදුණු වැඩ සටහනක් බවට දැන් පත්ව තිබෙනවා.
ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක් මෙය අද තේමාව ඒ තේමාව යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙන අවස්ථාවක අද දිවි නැගුම හයවන අදියර ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙය ආරම්භයට ප්‍රථමයෙන් කෘෂිකාර්මික නොවන ජනතාවගෙන් මේ කෘෂිකාර්මික කටයුතු ඈත් වෙමින් තිබුනා. කුඹුරු ගොවි බිමි ගොඩකර රාජ්‍ය ප්‍රතිපත්ති තිබු යුගයක් අවසන් කර මේ රජය අද තට්ටු නිවාසයක සිටින ජනතාව පවා කිසියම් කෘෂිකාර්මික වැඩකට අතගසා තිබෙන තත්වයක් දක්වා රට ගෙන ඒමට හැකිවුනා.
රටක් ස්වයං පොෂිත වීමට නිවස ස්වයං පොෂිත විය යුතුමයි. ඒ සදහා අපි මේ වැඩ සටහන ලෝකයට පවා ආදර්ශයක් දෙමින් ආරම්භ කරා. අද ඇමරිකාණු ජනාධිපති ආර්ය පවා මේ ආකාරයෙන් තම ගෙවත්තෙහි කෘෂිකාර්මික බෝග වැවීම සදහා යොමු වී ඇති බවට විදේශ මාධ්‍ය පසුගිය දා වාර්තා කලා. එහෙම බැලුවහම එහේ මේ වැඩ පටන් ගෙන තිබෙන්නෙත් අපෙන් ඉගෙන ගෙන වගේ.
එසේම අපේ රටෙත් බොහෝ විශ්‍රාමිකයින් පවා අද මේ කෘෂිකර්මාන්තයට යොමු වී තිබෙනවා. මෙය තමයි අද ඇති වී තිබෙන වෙනස. මේ වෙනස සිදු කිරීමේ දී මුලින් බොහෝ දෙනෙක් විරුද්ධ වුනා පැළ පැලවෙන්නේ නෑ කිව්වා, වැඩක් නෑ කිව්වා මේවා සල්ලි කන වැඩ කිව්වා, කඩෙන් ගෙනල්ලා කන එක මීට ලාභයි කිව්වා මෙහමෙ කියපු හැම කෙනොම අද මේ වගාවන් වලට යොමු වෙලා. රාජ්‍ය ආයතන පෞද්ගලක ආයතන පවා අද තම ගෙවත්තේ පිට රට මලපැල වෙනුවට එලවළු පැල ඉන්දන්න පුරුදු වෙලා.
වෙනදා ගෙවත්තක අලංකාරයට ඉන්දන වෙනත් මල් වර්ග වෙනුවට අද එලවළු පැල වලින් ගෙවතු අලංකරණය වී තිබෙනවා. ලෝක ආහාර අර්බුදය රටක් ලෙස ජයගැනීමට ආරම්භ කර දිවි නැඟුම අද ජනතාවගේ වැඩ සටහනක් ලෙස මිනිසුන් වැලදගෙන තිබෙනවා. මේ හේතුවෙන් අපිට ඇති වු ගංවතුර, නියඟයන් වලදී පවා එලවළු මිල තරමක පාලනයක තබා ගැනීමට අපිට හැකියාව ලැබුනා. මමත් අද උදෑසන නිවසින් එන විට දිවිනැඟුම පලමු අදියර වෙනුවෙන් ලබා දුන් පැල අද විශාල ගස් වී ඇති අයුරුත් එයින් ජනතාව ළුලදාව ලබා ගන්නා අයුරුත් දුටුවා යැයි ද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ප්‍රධාන අමාත්‍යවරයා පැල සිටුවා දිවිනැගුම හයවන අදියර ආරම්භ කර අවස්ථාව සදහා ජනතාවට පැල, හා වෙනත් ජීවනෝපාය උපකරණ ලබා දුන් අවස්ථාවයි.

.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...