Wednesday 20 August 2014

අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඵලදායීතා තරඟයේ ලංකාවෙන්ම පස්වන ස්ථානය ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට



@ ලංකින්ද නානායක්කාර

අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඵලදායීතා තරඟයේ ලංකාවෙන්ම පස්වන ස්ථානය දිනාගැනීමට ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් වී ඇත.
ඵලදායීතා ශිල්ප ක්‍රම හා මෙවලම් භාවිතය තුලින් මහජනතාවට ඵලදායී සේවාවක් ඉෂ්ඨ කිරීම සදහා රාජ්‍ය සේවකයින් පෙල ගැස්සීමේ අරමුණින් ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් මෙම තරඟාවලිය වසරක් පාසා පවත්වනු ලබයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඛාන්ඩ ගත කිරීමක් ද සිදු කරනු ලබයි.
අදාල ජයග්‍රහණය පිළිබදව අදහස් දක්වමින් ඉමදුව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මෙනවිය පැවසුවේ, නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින්  මහජනතාවගේ ප්‍රශ්න සදහා ඉක්මන් විසදුම් ලබා දීම ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අරමුණ බවත්, ඉදිරියටත් ජනතාව සදහා ඵලදායී කාර්යක්ෂම සේවාවක් ලබා දීම තමා ඇතුළු තම කාර්ය මණ්ඩලයේ අරමුණ බවත්ය.
මෙම ඵලදායීතා තරඟයේ ලංකාවෙන්ම පලමු ස්ථානය බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් දිනා ගෙන ඇත.



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...