Sunday 3 November 2013

අම්පාර රඹකැන්ඔය නව ශිෂ්ඨාචාරය ඇරඹේ

මෙරට ජලාශ්‍රිත ශිෂ්ඨාචාර බිහිවිමත් සමග ගොඩනැගුන සමාජ රටාව තුල ඉතිහාසය නිර්මාණය විය.අතිතයෙදි මෙරට පෙරදිග ධන්‍යාගාරය බවට පත්වුයෙද මෙම ශිෂ්ඨාචාරයේ වු ශක්තිමත්භාවය හේතුවෙනි. වෙනත් රටක නොමැති අයුරින් වාරි ක්‍රම භාවිතා කරමින් මහා වැව් ඉදි කරමින් හෙළයන් වගාකරමින් අටුකොටු පුරවන ලදි.අද වන විට එම ඉතිහාසය නොනවත්වා ඉදිරියටත් ගෙන යන්නට මහින්ද චින්තනය ක්‍රියාත්මකවි ඇත.

වසර තිහක් වැනි කාලයක් තුල පැවති යුද්ධය නිමාකර මෙරට ජනතාවට සාමය උදාකර දීම මෙන්ම ආර්ථිකය නගා සිටුවිමටද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉලක්කය විය.දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාත් කොළඹ සිට නැගෙනහිර පළාතේ සන්ගමන් කන්ද දක්වාම එකම රටක් ලෙස සංවර්ධනය කිරිමේ අරමුණේ සාර්ථකත්වයේ ඵළනෙලා ගන්නා යුගය ඇරඹි තිබේ.
නැගෙනහිර පළාතේ සංවර්ධනය වසර තිහක පමණ තිස්සේ මන්දගාමි තත්ත්වයක පැවැතින.මහා මාර්ග හා ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් අළුතින් ඇති කිරිම දැවැන්ත අභියෝගයක් විය.මෙම අභියෝගය ජය ගනිමින් ජනතාව හට සමෘධිමත් ජන දිවියක් ගත කිරිමේ අවස්ථාව උදාකරදි තිබේ.
මුංදෙනිඔය පෝෂිත ප්‍රදේශයේ ඉහල කොටසින් පටන් ගන්නා රඹකැන්ඔය මහඔය සහ ගල් ඔඩේ ආර යන අතු ඔයවල් එක්ව එම පෝෂිත ප්‍රදේශයේදි මැද කොටසේදි මුංදෙනිඔය නිර්මාණය වෙයි.මෙම එක් එක් අතු ඔය හාරහා ජලාශයන් ඉදි කර මෙම මිටියාවතේ පහළ ඇති ඉඩම් අක්කර දොළොස් දහසකට වැඩි ප්‍රමාණයක් අස්වැද්දිය හැකිය.වසර පුරාවට ස්ථිර වාරි ජලය සම්පාදනය සදහා සැලසුම් කර තිබේ.එහි මුල් පියවර ලෙස රඹකැන්ඔය ජලාශය ඉදිකරණ ලදි.
මහින්ද චින්තන වැඩසටහන යටතේ මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජිවිත් වන ජනතාව හට උසස් ජිවන තත්ත්වයක් ඇති කරමින් එම ප්‍රදේයේ ජිවත් වන ජනතාවගේ ආර්ථික මට්ටම නගා සිටුවිම ඉලක්කයයි.
රඹකැන් ඔය ජලාශය ක්‍රිස්තු වර්ෂ 400 දි පමණ සද්ධාතිස්ස රජ සමයෙදි ඉදිකිරිමට උත්සාහදරා ඇති බවට සාධක තිබේ.අද වන විට ඉදිකර ඇති රඹකැන් ඔය වැව් බැම්මට මදක් දුරින් පිහිටා ඇති සැතපුමක් පමන දිගින් යුත් වැව් බැම්ම එයට සාක්ෂි දරයි.එවකට ඇති වු යම් හේතුවක් නිසාවෙන් මෙම ජලාශයේ ඉදිකිරිම් නවතා දමා ඇත.මෙම පැරණී වැව් බැම්මට මිටර් පන්සියක් පමණ දුරින් අඩි 250 පමන දිගින් යුත් කළු ගලින් නිර්මාණය කර ඇති  ද්විත්ව සොරොව්වෙන් ඒ බව සනාථවේ.
ඉතිහාසයට නොහැකිවු එම කටයුත්ත මෑතකාලින ඉතිහාසය තුල බිහිවු බොහො රජයන්ටද නොහැකි විය.ජලාශයේ ඉදිකිරිම් එවකට මුල් ගල්වලට පමනක් සිමා විය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම නායකත්වයේ පන්නරය තුලින් එම කටයුත්ත ජලකලමණා කරන හා වාරිමාර්ග අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හට පැවරිමත් සමග රජුන්ට තනන්නට නොහැකි වු රඹකැන්ඔය ඉදිකර ජනතා අයිතියට පවරා දෙන ලදි .මෙරට ඉන්ජිනේරුවන් විසින් මෙරට මුදලින් මෙම ජලාශය ඉදිකරණ ලද අතර මිලියන තුන්දහස් පන්සිය පමන මුදලක් වැයකරන ලදි.
මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 23000ක පමන ජනතාවක් ජිවත් වන අතර එක් පවුලක මාසික අදායම රුපියල් දහසක් පමන විය.මෙම ජනතාවගේ ආර්ථිකය නගාසිටුවිම මෙම ව්‍යපෘතියේ මුලික අරමුණවේ.කෘෂී පශු සම්පත් සහ ධිවර කාර්මාන්තයන්හි නවෝදයක් ඇති කිරිම තුලින් ආදායම් මාර්ග වැඩිදියුණූ කර ශක්තිමත් ආර්ථිකයක් ඔවුන් හට ලගා කරදිමට මෙම ව්‍යපෘතියට හැකියාවක්  ලැබි තිබේ.
පසුගිය පලමු වැනිදා රඹකැන් ඔය ප්‍රථම වරට මහකන්නය අස්වැද්දිම සදහා දියවර නිකුත් කරන ලදි.මෙහිදි ආදිවාසින් සහ නව ජනපදයේ ගම්වාසින් එක්ව කිරි උතුරවා ආගමික වතාවත් සිදු කිරිම විශේෂ සිදුවිමක් විය.මහඔය කාලපයේ පොල්ලේ බැද්ද ප්‍රදේශයේ ජනතාව වැව් ජලයත් සමග ගණුදෙනු කරමින් තම වගාවන් සදහා ජලය ලබා ගනු ලැබිම ආගන්තක කටයුත්තක වුයේ මහා ජලකදක් දැරු වාරි ක්‍රමයක් එහි නොතිබුන නිසාවෙනි.වෙනත් පළාත්වල දේවදානයක් දි අඩවී භාර දෙවියන්ට තම වගාවන් භාර කර ආරක්ෂා කර ගැනිමට සිදු කරනු ලබන චාරිත්‍රයන් මාලාවක් තිබුනත් රඹකැන්ඔය නව ජනපදයට එය නැවුම් අත්දැකිමක් විය. මෙම අවස්ථාවට රඹකැන්ඔය ව්‍යපෘතියේ මහවැලි ව්‍යාපාර නේවාසික කළමණකරු ප්‍රසන්න ගාමිණි ගුණවර්ධන සහ රඹකැන්ඔය ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරු විදුර චන්ද්‍රසිරි මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් එක්විය.

ආදිවාසි ඩි. එම්. බී. අප්පුහාමි


ජනාධිපති මහා හුරලා ඇත්තේ අපි බොහොම අමාරුවෙන් ජිවත් ‍වෙන හැටි දැකලා මිට කලකට උඩදි මේ ජලාශය හදලා දුන්නා. දැන් අපේ කැකුලන්ට කැකුලියන්ට අනාගතයක් තියෙනවා .අපිට එකට සතුටුයි කුසගින්න නිවාගන්න වගා කරන්න කුඹුරු දිලා දැන් වැඩකරන්න වතුර දෙනවා .අපි ස්තුතිවන්ත වෙනවා අපිට මේ විදියට පහසුකම් ලබාදිම ගැන රඹකැන්ඔය හදලා අපිට ජවත් වෙන්න මගක් හදලා දුන්නට

කේ.එම්. පොඩිඅප්පුහාමි


අපි මිට පෙර දමනේගම පදිංචි වෙලා හිටයේ.   අපේ ගම තමයි වැවට යට වුණේ නමුත් දැන් අපිට රඹකැන්ඔය ව්‍යාපාරය යටතේ ඉඩම් ලැබිලා තියෙනවා.මේ පළාත සංවර්ධනය වෙමින් පවතිනවා අපේ දරුවන්ට බයක් නැතිව අනාගතයට මුහුණ දෙන්න පුළුවන් .අපි වෙනදා වින්ද දුක දැන් විදින්නේ නෑ .අද අපිට වතුර ටික ලැබුනා කුඹුරු කරන්න බිත්තර වි ටික නොමිලේ ලැබුනා .අපිට එක සහනයක්
 
ආදිවාසි පොල්ලේ බැද්ද උපනායක ටි.බි.හින්බන්ඩියා


අපිට මේ ජලකද මහා සම්පතක් අපිට කැලේ නැතිවුනා කියලා දුක් වෙන්න ඕනෑ නෑ හිතේ හිතේ හයියෙන් වැඩකරන්න පුළුවන් විදියට අපේ අයට සම්පතක් දිලා තියෙනවා.ජනාධිපති තුමා අපිට මේ කල උපකාරය කියන්න අපි ලග වචන මදි අපේ අයට අපේ දරුවන්ට මේ අනාගතය හදපු එකට ජනාධිපති තුමාට ජාතිජාතිත් පිං ලැබෙනවා.

රඹකැන්ඔය ව්‍යපෘතියේ හිටපු නේවාසික ව්‍යපාර කළමණකරු ඒ.ඩි.ද.සිල්වා ඉන්ද්‍රෙස්කර


අපි මුලින්ම මේ පළාත්ට එනකොට මහ ඝණකැලැවක් තිබුනේ අද රඹකැන්ඔය ව්‍යපෘතිය මේ විදියට නිර්මාණය කරන්න වසර කිපයක් ගතවුනා මෙම ව්‍යපෘතියට මුලින්ම මිලියන 2500ක් වෙන් කරනු ලැබුවා පස්සේ සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කරන කොට තවත් මුල් රජය මගින් ලබාදුන්නා.දැනට මිලියන 3500ක් පමණ මුදලක් මේ සදහා වැය කර තිබෙනවා.  වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  මහතා සැම විටම මෙම ව්‍යපෘතිය පිළිබද අවදානය යොමු කරනු ලැබුවා .නව ජනපදයක් ලෙස ගොවි පුරවරයක් විදියට නිර්මාණය කරන්න සෑම විටම සාකච්ජා කරා.ඒ අනුව තමයි අද අපි දකින් රඹකැන්ඔය නිර්මාණය වුණේ .අපි අද වන විට මුංකව්පි අපි පිටරටින් ගෙනවන්න විශාල මුදලක් වැය කරනවා .මම හිකනවා මේ රඹකැන්ඔය කලාප තුල කුරක්කන් මුං කව්පි වගේ ධන්‍ය වර්ග වගා කිරිමට මුල් තැනක් දෙනවා නම් අපේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ඒක
රඹකැන්ඔය ව්‍යපෘතියේ මහවැලි ව්‍යපාර නේවාසික කළමණකරු ප්‍රසන්න ගාමිණි ගුණවර්ධන
අපි මෙවර මහකන්නය සදහා ජලාශයෙන් ජලය නිකුත් කිරිම ආරම්භ කරනු ලැබුවා.රඹකැන්ඔය නව ශිෂ්ඨාචාරයක් මේ තුල නව ආර්ථික පසුබිමක් නිරිමාණය වෙනවා.රටේ ආර්ථිකයට මෙච්චර කලක් මහඔය මෙම කාලපයෙන් ශක්තියක් ලැබුණේ නෑ .තව මාස කිපයකින් මේ කුඹුරු යායේ අස්වැන්න නොලා ගත්ත විට ආර්ථිකයට මේ පාළාතෙන් කොටසක් එකතු වෙනවා .මේ ජනතාවගේ අත්ට මුදල් ලැබෙනවා .එයම තමයි රඹකැන්ඔය ව්‍යපාරයේ ඉලක්කය

රඹකැන්ඔය ජලාශය බාර වාරිමාර්ග ඉංජිනේරු විදුර චන්ද්‍රසිරි මෙන්ඩිස් මහතා


වසර කිපයක් තුල අපිට මෙම ජලාශය නිරිමාණය කරලා ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කරන්න පුළුවන් වුනා .එක් විටෙක අභියෝගයක් වුනා මේ වැව හදන එක අපි ඒ අභියෝග ශක්තියක් කර ගත්තා . වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  මහතා සැම ටිටම අභියෝග වලට බිය වුණේ නෑ .අපිට ඒක ශක්තියක් වුනා . අද මහඔයට ඝණ මිටර් මිලියන 56 ධාරිතාවයකින් යුත් ජල කදක් රදවගන්න ජලාශයක් තිබෙනවා.කුඩා වැව් හතක් මේ ජලාශයෙන් පෝෂනය වෙනවා.කුඹුරු හේක්ටයාර් 1415 වගා කරන්න පුළුවන්.


මහකන්නය සදහා කුඹුරු කිරිමට මුල්ම දිවයර නිකුත් කිරිම




මහකනයේ දියවර නිකුත් කිරිම වෙනුවෙන් පැවිතු වු ආගමික වගාවත් 




කේත් ඇවල් දිගේ ගලා යන රඹකැන්ඔය මහකන්නයේ මංගල දියවර

ගොවින් තම කුඹුරු සකස් කරමින් 


@ දිගාමඩුල්ල චන්දන ලියන ආරච්ච්


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...