Wednesday 20 August 2014

රජය එක ගමකට එක වැඩක් වැනි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරමින් සිටය දී විපක්ෂය එක ගමකට එක බොරුවක් බැගින් කියමින් ජනතාව මුලා කරනවා. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි

රජය එක ගමකට එක වැඩක් වැනි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරමින් සිටය දී විපක්ෂය එක ගමකට එක බොරුවක් බැගින් කියමින් ජනතාව මුලා කරමින් සිටින බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ ඉමදුව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ එක ගමකට එක් වැඩක් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරමින් සහ තවත් ව්‍යාපෘති කිහිපයක් විවෘර්ත කරමින් පැවති රැස්වීමට පසුගිය 15 දින සහභාගී වෙමිනි. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු නියෝජ්‍ය කතානායක වරයා,
රජයේ වැඩ පිළිවෙල ගැන විවේචනය කරන්න බැරි නිසා දැන් මොවුන් කරන්නේ මොකක් හරි බොරුවක් හැමදාම කියමින් සිටින එක. බොහෝ වෙලාවට ඒ කියන බොරු එක ගමකට හෝ එක සතියකට විතරයි. ඊට පස්සේ ඒ කියන දේ ගැන කතාවක් වත් නෑ. ඌව පළාත් සභා මැතිවරණය ආරම්භ කරේම එජාපය පරාජය වෙලා. මැතිවරණ කොමසාරිස් වරයා විසින් නීති ප්‍රකාරව සිදු කරපු ආසන වෙනස් කිරීම සදහා නඩු දැම්මා ඒක පැරදිලා තමයි මේ සටන ආරම්භ කරන්නෙම. ගියවර දකුණු පළාත් සභාව අවස්ථාවේ ගාල්ලෙන් ආසන දෙකක් අඩුවුනා. 2001 විතර මොනරාගලින් ඔය ආසන දෙක අඩුවෙලා බදුල්ලට ගිය ඒ අවස්ථාවල මේ විපක්ෂයේ අය කතා නෑ. ඔවුන් දන්නවා නීතිය මොකක් ද කියලා. දැන් මේ විවේචන නැති වුනාම මොනවා හරි කියලා මාධ්‍යය ඉදිරියේ ප්‍රචාරයක් ගන්න ඕන වුනාම මේ වගේ එක ගමට එක සතියට බොරු කියනවා.
ඊට පස්සේ දැන් කියනවා ඌවේ දුප්පත් කම ගැන 2005 දී ඌව පළාතේ දුප්පත් කම තිබුනේ 33% ක් පසුගිය කාලයේ ඒක 14% ට පමණ අඩුකරන්න අපිට හැකිවුනා. මහ බැංකු වාර්තා සාදන අවස්ථාවේ ඇති වු නියඟය වැනි කාරණා නිසා එහි පොඩි වැඩි වීමක් ඇති වුනා. නමුත් එය මාස දෙක තුනකට පමණක් සීමා වු දෙයක්. ඒක ඌවේ මිනිස්සු දන්නවා. මේ කොළඹ ඉන්න විපක්ෂයේ උදවිය හිතන්නේ එහේ වගේ කාළගුණික හේතු නිසා අදායම විචල්‍ය වෙන්නේ නෑ කියලා. නමුත් මොණරාගල , බදුල්ල වැනි ප්‍ර දේශ වල කාලගුණ විපර්යාස නිසා ආදායම විචල්‍ය වෙනවා. ඒ දේවල් තාවකාලික දේවල්.
අද ඌව පළාතේ 90% වැඩි ප්‍රමාණයක් සදහා විදුලිය ලබා දී තිබෙනවා. වර්තාමාන රජය තරම් ගොවීන් ගේ ප්‍රශ්න දෙස ගොවීන්ගේ පැත්තෙන් බලපු රජයක් ඉතිහාසය තුලම නෑ. ඒක ඌවේ ජනතාව මෙන්ම මේ රටේ ගොවි ජනතාව හොදින් දන්නවා.
බලයේ සිටිය දී ධවල පත්‍රිකාව වැනි අධ්‍යාපනයේ අවමඟුල් චක්‍ර ලේක ගෙනවිත් ගොවි ජනතාවගේ දු පුතුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් නැති කිරීම සදහා පිඹුරු පත් සැකසු එජාපය අද කියන කතා වලින් හොදින්ම තේරෙනවා මේ කියන්නේ බොරු බව.
අද ජනතාව බොහෝ විට ඉල්ලීම් කරන්නේ තමන්ගේ පාර හදලා දෙන්න වැනි ඉල්ලීම්. නමුත් මේ විපක්ෂය කරන්නේම පාරවල් හදන එකට විවේචන. මොක ද ඔවුන් දන්නවා  මාර්ග සෑදීම වැනි යටිතල පහසුකම් දියුණු කිරීම තුලින් දේශපාලනය ගැන ඇල්මක් දක්වන නොදක්වන සෑම කෙනාටම මේ තුලින් සහන සැලසෙන බව. ඒ නිසා ඔවුන් නිරන්තරයෙන්ම රජයට සහය දක්වන නිසා මේ යටිතල පහසුකම් සංවර්ධනය ගැන අද කිඹුල් කදුලු හෙලනවා. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ නම් කොහොමත් කැමති නෑ ගමේ දරුවා ඉගෙනගන්නවා නම්, ගමේ පාර හැදෙනවා නම්, මොක ද එතකොට ගමේ ප්‍රශ්න අඩුවෙනවා. එවිට ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා සදහා ජනතාව සහභාගී වෙන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්න තියෙන ජනතාවක් තියාගෙන සිටීම. එම නිසා තමයි ඔවුන් සෑම විටම ඕනෑම හොද සංවර්ධන වැඩක් සදහා මොකක් හෝ බොරුවක් කියලා ඒක නවත්වන්න හදන්නේ. ඔවුන් නිතරම කලේ දුප්පත් ජනතාවට හතුරුකම් මිසක් පොහොසත් ජනතාවට හතුරු කමක් නොවේ. ඒ කාලේ පුච්චපු තරමක් පිච්චුවේ සාමාන්‍ය මිනිස්සු යන බස්රඨ පමණයි. එක ප්‍රා ඩෝ එකක් වත් මේ පුච්චපු වාහන අතර නෑ.
පසුගිය කාලය තුල ද්විතීක පාසල් වලට මේ ආකාරයේ එක ගමකට එක බොරුවක් වෙන්න කියලා මිනිස්සු උසි ගන්වලා පාරට ගෙනාවා. නමුත් රජය ජනතාවගේ පැත්තේ සිට රජය ඒ දේ කරා. අද එහෙම උසි ගන්වපු මිනිස්සුගේ දරුවන් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර වලින් ඉගෙන ගන්නවා. ඒ පහසුකම් ලබනවා. කිසිලෙසකින් වත් ජාතික හා ජනප්‍රිය පාසල් වලට එන්න බැරි වු පොෂිත පාසල් වල ඉන්න දරුවන් අද සියළු පහසුකම් සහිත පාසල් වලට 6 වසරේ ඉදලා එනවා. අද ඒ ජනතාව තේරුම් ගෙන තිබෙනවා මේ අයගේ මේ බොරු පිළිබදව. දැන් මේ ජනතාව එදා උසිගන්වපු අය ඒ පිළිබදව කිසිම දෙයක් කියන්නේ නෑ.

@ ලංකින්ද නානායක්කාර

1 comment:

  1. Emperor Casino Slot Machines - Shootercasino.com
    Emperor Casino Slot Machines. 제왕 카지노 This game is one of the most popular 바카라 online slot 카지노사이트 machines. This is the first and only authentic game created by the renowned

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...