Tuesday 5 November 2013

නයිජීරියානුවා අතේ මිලියන 200ක හෙරොයින්

රුපියල් මිලියන 200 කට වැඩි වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ 30 ක් රටින් පිට කිර්‍රිමට තැත් කළ නයිජීරියානුවෙක්  අත් අඩන්ගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය. උගන්ඩා රාජ්‍යත්‍රාන්තික ගමන් බලපත්‍රයක් සහිතව තානාපති වරප්‍රසාද උපයෝගී කර ගනිමින් මෙම හෙරොයින් තොගය රටින් පිටකිරීමට මොහු ඉකුය්හ් 26 දින තැත් කළ බව රේගුඅ කියයි.






පසුගිය 18 දින මෙරට පැමිණඇති සැකකරු 26 දින ඩුබායි හරහා උගන්ඩාව වෙත ආපසු යාමට ගුවන් තොටුපොළට පැමිණ ඇත. ගමන් මල්ල තුල අසාමාන්‍ය දෙයක් විනිවිද දර්ශක යන්ත්‍ර වලට හසුවීම නිසා ගමන් මල්ල රේගුවේ තබාගෙන ඔහුගේ ගමන නවතා ආපසු යවූ බව රේගුව කියයි.
රාජ්‍ය ත්‍රාන්තික ගමන් බලපත් සහිත ගුවන් මගීන්ගේ ගමන් මලු රේගුව පරීක්ෂා නොකරන නිසා මේ සම්බන්දව විදෙශ කටයුතු අමාත්‍යන්ශය දැනුවත් කිරීමට රේගුව පියවර ගෙන ඇත. විදේශ කටයුතු අමාත්‍යශයේ දැනුම් දීම අනුව සැකකරු නැවතී සිටි තැනින් අත් අඩන්ගුවට ගෙන ඊයේ සැකකරු ඉදිරියේ දී ගමන් මලු පරීක්ෂා කලවිට මෙම හෙරොයින් තොගය සොයා ගත්බව රේගුව කියයි. මෙරටින් විදේශයකට රැගෙනයාමට තත් කිරීමේදී රේගුව අල්ලා ගත් විෂාලම හෙරොයින් තොගය මෙය බව රේගුව කියයි.
@ කුමාරසිරි ප්‍රසාද්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...