Monday 4 November 2013

ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට දී උද්ඝෝෂණයක්

2011 වර්ෂයෙන් පසුව ලියාපදිංච්ය නවත්වන ලද බාහිර උපාධි පාඨමාලා සදහා ලියා පදිංච්ය නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් බාහිර උපාධිය සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරය අද 04 දින ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය. මේ සදහා සිසුන් 150 දෙනෙක් පමණ සහභාගී වී සිටියහ. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය අසල සිට පාගමණින් පැමිණි සිසුන් ගාල්ල බස් නැවතුම් පොල අභියසදී මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.




රට පෙරට බාහිර උපාධිය වලට, ඉගෙන ගන්න ආස අපිට ඉගෙන ගන්න ඉඩ ලබා දෙන්න, ඇමතිතුමනි ඔබ චුට්ටක් ලිහිල් වන්න, ඇත්තෝ ඉගෙන ගනිති නැත්තෝ ගෙදර, දුක් විදලා ඉගෙන ගත්තේ උපාධියක් ලැබ ගන්නයි අවසානයේ දී උරුම වුනේ බෝඞ් අරන් පාරේ ඉන්න වැනි සටන් පාඨ කියමින් මෙම සිසුන් උද්ඝෝෂණයේ නිරත විය.
මේ පිළිබදව අදහස් දක්වමින් භාහිර උපාධිය සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු දුෂංක බණ්ඩාර මහතා කියා සිටියේ, 2011 වර්ෂයේ බාහිර උපාධි ලියාපදිංච්යෙන් පසුව මේ වන තුරු කිසිවෙකු ලියාපදිච් කරලා නෑ. දැන් සුදානමක් තියෙනවා කඩඉම් විභාගයක් තියලා මෙය සිදු කරන්න. නමුත් තාම ඒකත් නෑ. අපි කියන්නේ එවැනි කඩඉම් විභාග තියන්න එපා. විශ්ව විද්යාල සදහා සිසුන් ගන්නේ උසස් පෙල ප්‍රතිඵලයෙන්. අපිවත් එම ප්‍රතිඵලයෙන් ගන්න. වෙනත් කඩඉම් විභාග තියලා ළමයින්ගේ ඉගෙන ගැනීමේ අයිතිය නැති කරන්න එපා. අපිට අපේ ඉගෙන ගැනීමේ අයිතිය ලබා දෙන තුරු සටන් කරනවා. අද මේ උද්ඝෝෂණයෙන් අනතුරුව ආණ්ඩුකාරවරියට අපි මේ පිළිබදව සංදේශයක් භාර දෙනවා. මේ උද්ඝෝෂණ ව්‍යාපාරය අපි රට පුරාම දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපිට විසදුම් ලැබෙන තුරු අපි සටන් කරනවා යැයි පැවසීය.
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...