විඩාබර ලාංකේය සිනමා රසිකත්වය අග්නිදාහයෙන් සුවපත් කළ ජයන්ත චන්ද්‍රසිරි සිනමා(කරු) වේදියා දිගු නිහැඬියාවකින් පසු සුභාවිත සිනමාවේ සොඳුරුතම ඉසව්වකින් නැවත ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණ තිබේ. සමනල සංධ්වනිය යන නාමකරණයෙන්ම සංගීතය පිළිබඳ හැඟගීමකින් ප්‍රේක්‍ෂකයා සිනමා ශාලාවට ප්‍රවේශ වීම පුදුමයක් නොවේ. සිනමා නිර්මාණ තුළට ගීත ඇතුළත් කිරීමේ කලාව සිංහල සිනමාවට අලුත් යමක් නොවන නමුදු බොහෝ සිනමාකරුවන් විසින් එය භාවිතයට ගැනුණේ අනිවාර්ය ශිල්පීය භාවිතයක් ලෙසිනි. එබැවින් එම ගීත බැහැරින් අලවන ලද පැලැස්තර බඳු විය.