එත්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමැතිවරයකුගේ ඥාතියෙකු කියන අයෙක් වසර හාරසියක්ටත් වඩා පැරණි අහංගම කන්ද ප‍්‍රදේශයේ පොදු සූසාන භූමිය අල්ලාගෙන හෝටලයක් හා වෙරළ උද්‍යානයක් ඇති කිරීමට විරෝධය ප‍්‍රකාශ කරමින් අහංගම නගරයේ හා අහංගම් කන්ද ප‍්‍රදේශයේ ජනතාව අද 05 දහවල් දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කළහ.මේ නිසා මාතර ගාල්ල මාර්ගයේ අධික වාහන තදබදයක්ද ඇතිවුහ.
ගම්වාසිහු හා ප‍්‍රදේශවාසිහු එක්ව බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි සොහොන් භූමිය සුද්ධ පවිත‍්‍රකර කැලෑව කපා පැරණි සොහොන් කොත්වල හා රණවිරු සොහොන් කොත්වල සායම් ආලේප කිරීමද සිදු කළහ.
ප‍්‍රදේශවාසිහු මෙහි දී මෙසේ පැවැසුහ.
අහංගම නගරයේ සල්ලිකාර මැරයෙන් වසර හාරසියක් තරම් පැරණි වු සුසාන භූමියට දේහයන් ගෙනඑන ඥාතිහුට මැරයෝ යොදවා තර්ජනය කරනවා. අහංගම අහංගම් කන්ද ප‍්‍රදේශයේ අක්කර ගණනක සුසාන භූමියක් ජනතාවට අහිමි කරමින් මෙහි හොටෙල් නිකේතනයක් ඉදි කිරීම සඳහා සුදානමින් සිටින නිසා ප‍්‍රදේශවාසිනට සුසාන භූමිය අහිමිවීමේ අවදානමකට පත්ව තිබෙනවා.
මෙම සුසානය තම පරම්පරා ගණනක තිස්සේ පවත්වාගෙන යන පොදු සුසාන භූමියක්. මෙම ඉඩමේ හිමිකරුවා මෙය ප‍්‍රදේශවාසිනට පරිහරණය කිරීමට ලබාදී තිබෙනවා. නමුත්, මෙම ප‍්‍රදේශයේ මුදල් හා මැර බලයක් තිබෙන පුද්ගලයෙක් නැතිනම් සන්ධාන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයකුගේ බෑනා කියන අයෙක් තමයි මේ සියලූම සෙල්ලම් දමන්නේ. ජනතාව බිය ගන්වමින් මෙම සුසානය අහිමි කරමින් සිටිනවා. මෙහි රණවිරු ස්මාරක හා රණවිරුවනගේ සොහොන් කොත්ද දැකිය හැකිය.1800 ගණන්වල සොහොන් කොත්ද දැකිය හැකියි.මේ අසල විහාරස්ථානයක් තිබුනා ඒ විහාරස්ථානයේද කොටසක් අරගෙන පස් කණ්ඩියක් කපලා පන්සලටද හානි කරමින් මේ අය ඉන්ධන පිරවුම්හලක් සකස් කරා.
මෙම අවස්ථාවට සන්ධානයේ දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රී රණවිරු අජිත් ප‍්‍රසන්න මහතා එක්වෙමින් පැවසුවේ අපේම සන්ධානයේ අය මේ සල්ලිකාරයාගේ පැත්ත අරගෙන වෙරළ උද්‍යානයක් ඇති කිරිමට පියවර ගන්නවා. මම කියන්නේ මේ රණවිරු සොහොන් ආරක්ෂා කර මේ ප‍්‍රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි.
Showing posts with label ප්‍රාදේශීය පුවත්. Show all posts
Showing posts with label ප්‍රාදේශීය පුවත්. Show all posts
Sunday, 5 January 2014
Thursday, 21 November 2013
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ පදනමෙන් කටානේ සා. පෙළ සිසුන්ට සම්මණ්ත්‍රණයක්
කටාන ආසනයේ 2013 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විශේෂ ගණිත සම්මන්ත්‍රණයක් කටුනායක දී ඉකුත් 20 දින පැවත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ මහත්මියගේ උපදෙස් පරිදි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම සoවිධානය කළ මෙම සම්මන්ත්‍රණය සුජය පුවත්පත මගින් මෙහෙයවීය.
කටුනායක සීදුව නගරාධිපති ලලන්ත ගුනසෙකර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
@කුමාරසිරි ප්‍රසාද්
ධාවකයකු නොමැතිව ධාවනය වන ලංකාවේ පලමු මෝටර් රථය
නියමුවන් රහිත ගුවන් යානා අපගේ මතකයට එන්නේ මීට වසර කිහිපයකට පෙරයි. එනම් කුරිරු යුද්දයකින් රට වෙලාගෙන තිබු කාලයේ දීය. අද අප මාතෘ භූමිය නිදහස් නිවහල් රටකි. අප කියන්න යන්නේ නියමු රහිත ගුවන් යානා ගැන නොවුවත් මෙහි ද ධාවකයෙකු නොමැතිනම් රියදුරෙකු නොමැත. ඔබට මතක නම් මීට වසර 15 පමණ පෙර නැරඹු ගොව සුපතල නියිට් රයිඩර් කතා මාලාව එහි මයිකල් නයිට් විසින් පදවන කාරය ද මොවුන්ගේ නිර්මාණය ද තරමක සමාන කමක් දක්වයි.
ගාල්ල ඉමදුව පදිංච් තිවංක සංජුන හා විහංග සංජුන යන පුතුන් දෙපල තවමත් භද්‍ර යෞවන වියෙහි පාමුල සිටින මොවුන් දෙදෙනා ලබන වසරේ උසස් පෙළ හදාරයි. ඒ ගාල්ල රිච්මන්ඞ් විද්යාලයෙනි. මොවුන් දෙපල නිවුන් දරුවන් ද වෙයි. විදුමවට මහත් ආඩම්බරයක් ගෙනා ආ මේ පුතුන් දෙපල නිර්මාණය කර ඇති වාහනය ධාවකයෙකු නොමැතිව ධාවනය කල හැක. ලංකාවේ මෙවැන්නක් නිර්මානය වු ප්‍රථම අවස්ථාව මෙයයි. නවීන තාක්ෂනය මොනවට යොදා ගනිමින් කර ඇති මෙම නිර්මාණය අනාගයේ කාර්ය බහුල සියඵ දෙනාට ඉතාමත් වටිනාකමකින් යුක්ත වන බව නොවනුමානයි.
තම නිර්මාණය පිළිබදව අදහස් දක්වන තිවංක සංජුන (18)
Wednesday, 20 November 2013
ගින්නෙන් කඩේ සුන්
හොරණ පොලිස් බල ප්‍රදේශයට අයත් පෝරුවේදණ්ඩ,බොරළුගොඩ ප්‍රදේශයේ පිහිටි සිල්ලර බඩු කඩයක් බදාදා,20 රාත්‍රියේදී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
මේ නිසා සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව කඩහිමියා පවසන අතර, වෙළදසැළ තුළ තිබූ සිල්ලර බඩු සහ දුරකතන පෙරගෙවුම් කාඩ්පත් ආදී සියල්ල සම්පූර්ණයෙන් ගින්නට හසුව පිළිස්සී විනාශ වී ගොස් තිබේ.
මේ නිසා සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව කඩහිමියා පවසන අතර, වෙළදසැළ තුළ තිබූ සිල්ලර බඩු සහ දුරකතන පෙරගෙවුම් කාඩ්පත් ආදී සියල්ල සම්පූර්ණයෙන් ගින්නට හසුව පිළිස්සී විනාශ වී ගොස් තිබේ.
අයිසන් (ISON) ධුමකේතුව දකින්න නැගෙනහිරට එන්න
තාරකා විද්‍යාඥයින්
ශතවර්ශයේ ධූමකේතුව වශයෙන් හදුන්වනු ලබන අයිසන්
(ISON) ධූමකේතුව මෙමස
සිට ලංකාවේ නැගෙනහිර පළාතට පමනක් පෙනෙනට
පටන් ගෙන ඇති බව ප්‍රකාශ කිරිමත් සමග තාරකා විද්‍යාව පිළිබද උනන්දුව දක්වන පිරිස්
අළුයම හතරට පමණ එම අවස්තාව දැක ගැනිමට සුදානම් වන අකාරය දක්නට ලැබිණ. අම්පාර ස්කයි
ලවර්ස් තාරකා සංගමය මෙම ධූමකේතුව නැරඹිමට උත්සහ දැරිය විනාඩි තිහක පමන කාලයක්
පමනක් පවතින් මෙම ධූමකේතුව ඉතා කුඩා බැවින් නැඹිමට නොහැකි විය . මෙම ධූමකේතුව
පියවී ඇසන් නැරඹිය නොහැකි වු අතර දුරක්ෂ භාවිතා කරමින් එය නැරඹිය හැකිය . සම්මත තාරකා නාමකරණය අනුව C/2012 S1 විදිහට දක්වන්න
පුළුවන් මෙම ධුම කේතුව 2012
සැප්තැම්බර් 21
වනදා මුලින්ම මෙය සොයැගනු ලැබුවේ අන්තර්ජාතික ප්‍රකාශ විද්‍යාත්මක ජාලය (International Scientific Optical Network)
නම් ආයතනයේ රුසියන් තාරකා විද්‍යාඥයින් දෙදෙනෙකු වන විටාලි නෙවස්කි (Vitali Nevaski) හා ආර්ටියොම්
නොවිචොනොක් (Artyom
Novichonok) විසිනුයි.
මෙම ධූමකේතුව පිලිබඳ විවිධ මත පලකල අතර සියළු තාරකා විද්‍යාඥයින්
මෙය පිලිබඳ අවධානයෙන් පසුවෙයි. කලක්
තිස්සේ බලාසිටි අයිසන් ධූමකේතුව 2013 නොවැම්බර් මාසය
වෙද්දී පෘඨිවියේ කක්‍ෂයට ඇතුළු විය. විදේශිය තාරකා විද්‍යාඥයින්ට පහසුවෙන් මෙය
ඡායාරූපගත කරන්න වගේම පියවි ඇසින් හැකියාව ලැබි ඇත. නොවැම්බර් 20න් පස්සේ ශ්‍රී ලංකාවාසීන්ට පාන්දර 4.30ට විතර නැගෙනහිර අහසේ කන්‍යා රාශියට (Virgo) අයත් දීප්තිමත් තාරකාව වන ස්පිකා (Spica) නම් තාරකාව අසල දකින්න පුළුවන් බව
විද්‍යාඥන් පෙනවා දුන්නද 21 වන දින නැගෙනහිර පළාතේ අම්පාර රජ වැව් තාවුලෙදි මෙම
ධුමකේතුව දැක ගැනිමට නොහැකි විය . අයිසන් ධූමකේතුව තම කක්‍ෂෙය් තවදඅරටත් ගමන් කරද්දි හිරුගේ රශ්මිය නිසා දීප්තිමත්ව දිලිසෙනු
දැකිය හැකි බව පැවසෙන අතර මෙය දෙසැම්බර් මුල
සති දෙකක කාලයක් අපට දැකිය හැකි
වන බව තාරකා
විද්‍යාඥන් පවසා සිටි.
2013 නොවැම්බර් 28 වනදා පමණ වන විට හිරුගේ පෘෂ්ඨයෙන් කිලෝමීටර 1,165,000ක්
පමණ දුරින්
තිබෙන මෙය කිලෝමීටර කීපයක විශ්කම්භයෙන් යුක්ත වෙනවා. මෙහි වේගය පැයට කිලෝමීටර 1,360,000 පමණ වන බවට විස්වාස කෙරේ.
මේ සියවසේ අවසන් ධූමකේතුව වන මෙය තව තවත් හිරුට ලඟාවෙද්දී වේගය වැඩිවන අතර හිරුගේ රශ්මිය නිසා හා ඇකිවන ඝට්ඨනය නිසා මෙය පුපුරා යා හැකි බවටත් අනාවැකි පලකෙරෙනවා. මෙය පුපුරා ගියහොත් එහි බලපෑම පෘථිවිවාසීන්ටත් ඇතිවිය හැකි බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.
මේ සියවසේ අවසන් ධූමකේතුව වන මෙය තව තවත් හිරුට ලඟාවෙද්දී වේගය වැඩිවන අතර හිරුගේ රශ්මිය නිසා හා ඇකිවන ඝට්ඨනය නිසා මෙය පුපුරා යා හැකි බවටත් අනාවැකි පලකෙරෙනවා. මෙය පුපුරා ගියහොත් එහි බලපෑම පෘථිවිවාසීන්ටත් ඇතිවිය හැකි බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.
මෙම ධුම කේතුව පිළිබද සොයා බැලිම සදහා එච්.ආර්.අරුණ
භණ්ඩාර පි.එස්. චාමර සුලක්ෂක්චන ඩි.එම්. සෙනවිරත්න එම් සෙනවිරත්න ජි.කේ.ගනේගෙදර
ටි.එල් දර්ශන තරංග කේ.එච්.සුජිත් කුමාර යන
සාමාජිකයින් එක්ව සිටිහ.
@චන්දන
ලියන ආරච්ච්
ගාල්ලේදී අඹු-සැමි යුවළක් ඝාතනය කෙරෙති
අක්මීමන, හලගස්මුල්ල අංකොක්කාල වැලිහේනේ ප‍්‍රදේශයේ තේ ඉඩමක දී අඹුසැමි යුවළක් කපා කොටා
ඊයේ(19) රාත්‍රී
ඝාතනය කර තිබේ. 19 රාත‍්‍රී මෙම යුවළ මරාදමා ඇති බව පොලිසිය කියයි. ඝාතනයට ලක්ව
ඇත්තේ ගාල්ල, 50 හැවිරිදි ලාල් පි‍්‍රයන්ත
හා 47 හැවරිදි අනුෂා ලියනගේ නැමති අඹුසැමි යුවළකි.
ඔවුනට එක් දියණියන් දෙදෙනකු සහ පුතුන්
දෙදෙනකුද සිටිති. පුතුන් දෙදෙනා ගාල්ල රිච්මන්ඩ්
විද්‍යාලයේ ඉගෙනුම ලබයි.
ඊයේ මෙම යුවළ
මොවුන්ට අයත් හල්ගස්මුල්ල පිහිටි ඉඩමට පැමිණ යලි පෝද්දල නිවසට නොපැමිණීම හේතුවෙන්
නිවැසියන් ඉඩමට පැමිණ ඇත. එහිදී මොවුන් කැපුම් තුවාල ලබා වැටී මියගොස් සිටියදී ඔවුන්ගේ
මල සිරුරු තේ ඉඩමේ තිබියදී සොයාගෙන තිබේ.
මියගොස් ඇත්තේ
ව්‍යාපාරිකයකු ලෙස සේවය කළ තැනැත්තෙක් සහ ඔහුගේ බිරියයි. ඝාතනය පිළිබද පොලිසිය
මගින් පුළුල් පරික්ෂණයක් ආරම්හ කොට ඇත. මහේස්ත‍්‍රාත් පරික්ෂණය අද (20) දින
පැවැත්විණි.
සිද්ධිය සම්බන්දයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට
ගෙන නොමැතිබව අක්මිමන පොලිසිය පවසයි.විශේෂ පොලිස් කණ්ඩායම් කිහියක් යොදවා මේ
සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.
@ඉමදුව කුමර
නින්දවුර්හි ප්‍රචන්ඩකාරිව හැසිරුන මුස්ලිම් ජාතික තරුණයින් 16ක් තවදුරටත් ඇතුලේ
පැය විසිහතරකට
වැඩි කාලයක් අම්පාර නින්දවුර් ගම්මාණයේ මුස්ලිම් ජනතාව කල්මුණේ අක්කරපත්තු මාර්ගය
අවහිර කරමින් සිදු කල උද්ඝෝෂනය විසුරුවා හැරිමත් සමග පොලිස් කැරලිමර්ධන ඒකකය
විසින් අත්අඩංගුවට ගනු ලැබු කැරළිකරුවන් 21 දෙනා සම්මන්තුරේ මහේස්ත්‍රත් අධිකරණය
වෙත ඉදිරි පත් කිරිමෙන් පසුව 7 දෙනෙකු රුපියල් 50000 බැගින් ශරිර ඇප මත මුදා හැරිය
අතර ඉතිරි 14 දෙනා මෙමස 22 දින තෙක් රක්ෂිත රිමාන්ඩ් බන්ධනාගාර කරන ලෙස සම්මන්තුරේ මහේස්ත්‍රාත්
ටි.කරුණාකරන් මහතා නියෝග කරන ලදි.
රජයේ දෙපලවලට
හානි සිදු කිරිම සහ පොලිසියට පහරදිම යන චෝදනා මත මෙම පිරිස 20 දින උසාවියට
ඉදිරිපත් කරන ලදි.
@දිගාමඩුල්ල
සමුහ චන්දන ලියන ආරච්ච්
Subscribe to:
Posts (Atom)


.jpg)




