Showing posts with label කාළීන. Show all posts
Showing posts with label කාළීන. Show all posts

Sunday, 8 December 2013

නව ලෝවට සරිලන විශ්ව විද්‍යාල පද්ධතියක් අපිට නෑ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. කියයි




මහින්ද රාජපක්ෂ යුගය තුල මෙරට විශ්ව විද්‍යාල සදහා සිසුසිසුවියන් ඇතුලත් කර ගන්නා ප්‍රමාණය සියට තුන්සියකින වැඩි කිරිමෙන් ශිෂ්‍යයින් 9000 සිට 27000 දක්වා පිරිසක් ඇතුලත් කර ගැනිමට හැකියාව ලැබි ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පෙන්වා දෙයි.
උසස් අධ්‍යපන අමත්‍ය එස්.බි. දිසානායක මහතා

දෙදහා වසරේ මුල් කාලය වන විට විශ්ව විද්‍යාල සිසුවෙකු සදහා වෙන් කරලා තිබුණේ රුපියල් හැටදහසක් හෑත්ත දහසක් පමණ මුදලක් අද ඒ තත්ත්වය වෙනස් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ යුගය වන විට එක් සිසුවෙක්  වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් වැයකරනු ලබනවා.ලබන වසරේ උසස් අධ්‍යාපනය සදහා රුපියල් බිලියන තිස්පහක මුදලක් වෙන්කර තිබෙනවා.මේ අනුව විශ්ව විද්‍යාල සදහා නව පීඨ එක් කිරිම නේවාසිකාගාර පහසුකම් සැපයිම වැනි වැඩසටහන් රාශියක් ඉලක්ක කර තිබෙනවා.මේ නිසා අද විශ්ව විද්‍යාල සිසුසිසුවියනට විශාල වගකිමක් තියෙනවා.

Friday, 6 December 2013

සීනී තිත්ත නොවන්නට නම් මෙරට සීනී නිෂ්පාදනය වැඩි කල යුතුයි-අමාත්‍ය ලක්ෂ්මන සෙනවිරත්න



සීනී පිටරටින් ගෙන්විමෙදි මෙරටින් ඇදි යන මුදල් ප්‍රමාණය නවත් වන්නට නම් මෙරට සීනී නිෂ්පාදනය වැඩි කල යුතුයි. ඒ සදහා වසාදාම තිබු කර්මාන්ත ශාලා නැවත ඇරඹ්මත් නව කර්මාන්ත ශාලා ඇති කිරිමත් සිදු කල යුතු බවත් වසාදමා ඇති කර්මාන්ත ශාලාවලින් කන්තලේ කර්මාන්ත ශාලාව පමනක් විවෘත කරන්න තිබෙනවා එයත් ඉදිරි මාසයෙදි වීවෘත කරන්න ගිවිසුම් අත්සන් කිරිමට නියමිත බව සිනී කර්මාන්ත සංවර්ධන අමාත්‍ය  ලක්ෂමන් සෙනවිරත්න මහතා පැවසිය.

අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ අම්පාර හිගුරාන සිනි කර්මාන්ත ශාලාව නිරික්ෂණය(05) කිරිම සදහා එහි ගිය අවස්ථාවේදිය. වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය වරයා.
2012දි නැවත සිනී නිෂ්පාදනය ආරම්භ කරනු ලැබු හිගුරාණ සිනී කර්මාන්ත ශාලාව අද වන විට සියට සියකින් වැඩිවී තිබෙනවා.මේ කර්මාන්ත ශාලව ආරම්භ කරන විට ලංකාවේ සිනී නිෂ්පාදනය වුයේ සියට හතරක ප්‍රමාණයක් නමුත් අද වන විට එය සියට දහය දක්වා වැඩිවී තිබෙනවා. ඉදිරියෙදි සීනී නිෂ්පාදනය සියට පනහ දක්වා වැඩි කිරිම ඉලක්කය වී තිබෙනවා .නව කාර්මාන්ත ශාලවන් විවෘත කරන්න සුදුසු ඉඩම් පිළිබද අවධානය යොමු කර තිබෙනවා.එහෙම වුනොත් අළුතින් ආරම්භ කරන නව කර්මාන්ත ශාලාවකට සෘජු රැකියා දහසක් පමණ නිර්මාණය වෙනවා.වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ඇති වන බවත් ඇමැති වරයා පැවසිය.

උක් ගොවින් හට ඇතිවී තිබෙන ගැටළු පිළිබදවද අමාත්‍යවරයාගේ අවදානය යොමු කරන ලද අතර එහිදි තම වගාවන්ට ඌරන් ගෙන් සිදුවන හානි වැඩි වී තිබෙන බවත් වගාවන් සදහා පොහොර නිසි වේලාවට ලැබිය යුතු බවත් ගොවින් විසින් පෙන්වා දෙන ලදි. කාර්මාන්ත ශාලාවේ සේවය කරන දහසක් පමන වු කාර්මික ශිල්පින් සදහා ඉදිරි කාලයෙදි වැටුප් වර්ධනය කිරිමටත් අවදානය යොමු කරන බව අමාත්‍ය වරයා පැවසිය.
2012 වර්ෂයෙදි  ඇරඹුන කාර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3320 වු අතර 2013 වර්ෂයෙදි මෙම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10535 විය.මේ අනුව 2014 වර්ෂයෙදි නිෂ්පානය වැඩිකිරිමට හැකි අයුරින් උක්වගාව ප්‍රදේශයේ වගා කර තිබෙන බවත් සිනී මෙට්‍රික් ටොන් 20000 දක්වා නිෂ්පාදනය වැඩිකිරිමට හැකි බවත් හිගුරාණ ගල්ඔය සිනී සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආර.එම්.ගාමිණි රත්නායක මහතා පැවසිය.
සිනී සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආර.එම්.ගාමිණි රත්නායක මහතා
ලබන වසරේදි සිනී නිෂ්පාදනයට අමතරව විකල්ප නිෂ්පාදන සදහා කර්මාන්ත ශාලාව වැඩි දියුණූ කිරිමට කටයුතු කර තිබෙන බවද උක් වගා කරුවන් 3450 ක් මෙම නිෂ්පාදන ඉලක්කය සපුරාලිමට සහය ලබාදෙන අතර 2014 වර්ෂයෙදි උක් වගාව ව්‍යප්ත කිරිම මගින් හෙක්ටයාර් 4900 ක් දක්වා වැඩි වන බවත් ඒ මහතා සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට ලංකා සිනි සමාගමේ සභාපති කිර්ති කොටගම මහතා සහ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් එක්විය.

Thursday, 21 November 2013

ධාවකයකු නොමැතිව ධාවනය වන ලංකාවේ පලමු මෝටර් රථය

නියමුවන් රහිත ගුවන් යානා අපගේ මතකයට එන්නේ මීට වසර කිහිපයකට පෙරයි. එනම් කුරිරු යුද්දයකින් රට වෙලාගෙන තිබු කාලයේ දීය. අද අප මාතෘ භූමිය නිදහස් නිවහල් රටකි. අප කියන්න යන්නේ නියමු රහිත ගුවන් යානා ගැන නොවුවත් මෙහි ධාවකයෙකු නොමැතිනම් රියදුරෙකු නොමැත. ඔබට මතක නම් මීට වසර 15 පමණ පෙර නැරඹු ගොව සුපතල නියිට් රයිඩර් කතා මාලාව එහි මයිකල් නයිට් විසින් පදවන කාරය මොවුන්ගේ නිර්මාණය තරමක සමාන කමක් දක්වයි.
ගාල්ල ඉමදු පදිංච් තිවංක සංජුන හා විහංග සංජුන යන පුතුන් දෙපල තවමත් භද් යෞවන වියෙහි පාමුල සිටින මොවුන් දෙදෙනා ලබන වසරේ උසස් පෙළ හදාරයි. ගාල්ල රිච්මන්ඞ් විද්යාලයෙනි. මොවුන් දෙපල නිවුන් දරුවන් වෙයි. විදුමවට මහත් ආඩම්බරයක් ගෙනා මේ පුතුන් දෙපල නිර්මාණය කර ඇති වාහනය ධාවකයෙකු නොමැතිව ධාවනය කල හැක. ලංකාවේ මෙවැන්නක් නිර්මානය වු රථම අවස්ථාව මෙයයි. නවීන තාක්ෂනය මොනවට යොදා ගනිමින් කර ඇති මෙම නිර්මාණය අනාගයේ කාර්ය බහුල සියඵ දෙනාට ඉතාමත් වටිනාකමකින් යුක්ත වන බව නොවනුමානයි.
තම නිර්මාණය පිළිබදව අදහස් දක්වන තිවංක සංජුන (18)


Wednesday, 20 November 2013

පාර්ලිමේන්තුව ඉoග්‍රීසියෙන් ඇමතීම තහනම් කල යුතුයි




ඉන්දීය පාර්ලිමේන්තුව තුල ඉoග්‍රීසි බසින් ඇම්තීම තහනම් කල යුතු බව එරට සමාජ්වාදී පක්ෂයේ නායක මුලායම් සිo යාදව් පවසයි.
රට තමන්ගේ මව් භාෂාව ප්‍රගුණ කල යුතුයි හින්දි භාෂාව ප්‍රවර්ධනය කිරීමට කාලය පැමිණ  ඇතැයි ද ඔහු කියයි. හින්දි භාෂාව ප්‍රවර්ධනය කිරීමේ සoවිධානයක උත්සවයක් අමතා ඔහු එසේ පවසා ඇත.
රටේ නායකයන් ද්විත්ව රoගනයක යෙදෙනවා හින්දි භාෂාවෙන් ඡන්ද ඉල්ලන ඔවුන් පාර්ලිමේන්තුව ඉoග්‍රීසියෙන් අමතනවා
රටේ විවිධ පෙදෙස් හි ජීවත්වන ජනතාවගේ මව් බසට සමගාමීව හින්දි බස ප්‍රවර්ධනය කල යුතු බව ද ඔහු පවසයි.
                                                                                                                          @  කුමාරසිරි ප්‍රසාද්

Monday, 18 November 2013

නිවුන් සොයුරන් සිව්දෙනෙක්ගෙන් ලංකාවේ පලමු අයිපෑඞ් සංගීත කණ්ඩායම



ගාල්ලේ රිච්මන්ඞ් විද්යාලයේ වයස අවුරුදු 18 නිවුන් සොයුරන් සිව්දෙනෙක් ලංකාවේ පලමු අයිපෑඞ් සංගීත එලි දක්වා තිබේ. මෙය ලංකාවේ කිසිදු සංගීත භාණ්ඩයක් නොමැතිව සංගීතය සපයන්නා වු නවතම රමවේදයක් බව ඔවුන් පවසයි. මෙම කටයුත්ත නව නිපැයුම් හා සම්බන්ධව සිදු කරන කාර්යක් බව මෙම නිවුන් සහෝදරයින් පවසයි.

සත්සර තනුවේ හඩ මුසුව නින්නාදය වන ආකාරයට මෙම සංගීත හඩ සකස් කර ඇත්තේ නවීන තාක්ෂනය සංගීතය හා මුසු කරමිනි.
ගාල්ල ඉමදු පදිංච් තිලංක සංජුන, විහඟ සංජුන, හේෂාන් කෝසල දේශාන් කෝසල යන නිවුන් දරුවන් සිවුදෙනා මෙ සංගීත කණ්ඩායම නිපදවා ඇත.
ලබන 2014 වර්ෂයේ උසස් පෙල විභාගය සදහා සුදානම් වන මෙම නිවුන් සොහොයුරන් දැනට පාසලේ සහ වෙනත් උත්සව අවස්ථාවන් සදහා මේ ආකාරයට සංගීත ලබා දෙයි.
මේ පිළිබදව අප හා අදහස් දැක් වු කන්ඩායමේ නායක තිවංක සංජුන,
අපි අඵත් දෙයක් කරන්න ඔින තැනක හැම විටම හිටියා. ඒක නිසා තමයි මේ වගේ දෙයකට යොමු වුනේ. මෙය තනිකරම තාක්ෂනය යොදාගෙන සිදු කරන්නක්. මෙහි දී සිදු වන්නේ නවීන මාදිලියේ ඇපල් වැනි ජංගම දුරකතනය අයිපෑඞ් එක ලෙස භාවිතා කරනවා. සදහා අදාල සංගීතය සැපයිය යුතු භාණ්ඩය භාගත කර ගැනීමක් සිදු කර එය අපේ ඇඟිලි වලින් වාදනය කරනවා. සදහා නව සොෆ්ට් වෙයා එකක් යොදා ගන්නවා. මේ ඉතාම අමාරු කාර්යක් වුනා මොකද මෙම ජංගම දුරකතන ඉතාම මිල අධිකයි. මෙය හොදින් සිදුකල හැක්කේ ඇපල් වැනි ජංගම දුරකතනයක් තිබේ නම් පමණයි. නමුත් දැනට අපිට ඇපල් දුරකතන දෙකක් පමණයි තිබෙන්නේ. ඒක නිසා සංගීතය තුල පොඩි වෙනසක් සිදු වෙනවා. නමුත් ඒක නොදැනෙන තරම්. අපි තමයි ලංකාවේ දැනට ඉන්න මේ ආකාරයේ එකම සංගීත කණ්ඩායම. අපට මේ සදහා මුල සිටම උපකාරී වුනා අපේ විදුහල්පති .එම්.එස් ඒකනායක මහතා. සහ අපේ විදුහලේ ආදි ශිෂ් සංගමය. අයට ස්තුතියි. අපි මේ දින කිහිපයේ රූපවාහිනී හා ගුවන් විදුලි වැජසටහන් කිහිපයක දී මෙම සංගීතය ලබා දුන්නා. පසුගිය සතියේ ස්වාධීන රූපවාහිනී සේවයේ වෙනස වැඩ සටහනට සහභාගී වුනා. අපි මේ කණ්ඩායම තවත් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි බදවා ගන්නේ නිවුන් නු විතරයි. මෙම සංගීතය ගැන උනන්දු එහෙම අය ඉන්නවා නම් අපි සමඟ සම්බන්ධ වන්න කියා අපි ඉල්ලා සිටිනවා. නමුත් මේක හුදෙක් ආර්ථිකමය කාර්යක් නොවේ.
තිලංක සංජුන, විහඟ සංජුන යන දරුවන්ගේ තවත් නව නිර්මානයක් මේ දිනවල ඔවුන් රියාත්මක කරමින් සිටී. ඒසේම රදේශයේ පන්සල් කිහිපයක වෙබ් අඩවි නිර්මානය මොවුන් අතින් සිදු කර තිබේ.

තිලංක සංජුන, විහඟ සංජුන යන දරුවන්ගේ පියා මෙලොව හැරගොස් ඇති අතර ඉමදු සෞඛ් මධ්යස්ථානයේ සේවය කරන තම මව තමන්ගේ මෙම සියඵ හැකියාවන් සදහා උපරිම උත්සාහයෙන් කටයුතු කරන බව ඔවුන් පවසයි.
මොවුන්ගේ උත්සාහය සුඵ පටු නොවෙයි. තාක්ෂනය දිනෙන් දින දියුණු වන ලෝකයේ ලෝකය සමඟ ඉදිරියට යන මෙවැනි දරුවන්ට සැබවින්ම අත හිත දිය යුතුය.
නමුත් තවමත් මෙම නව නිපැයුම් කරමින් අඵත් දේ සොයන මොවුන්ට එසේ උපකාරයක් ලැබී නොමැති තරම්ය. ඔවුන්ගේ මවගේ රජයේ වැටුපෙන් අදාල සියඵ දේ ලබා ගන්නා බව ඔවුන් පවසයි. මෙවැනි දරුවන් රටට ආඩම්බරයක් වනු නොවනු මානය. මෙවැනි දරුවන් රැක බලා ගැනීම අනාගතයට මහඟු ආදර්ශයකි.  
@ ලංකින්ද නානායක්කාර

Related Posts Plugin for WordPress, Blogger...