Showing posts with label විදේශ පුවත්. Show all posts
Showing posts with label විදේශ පුවත්. Show all posts

Friday, 13 December 2013

වසර 60 කට පසු ජෙරුසලමට විශාල හිම පතනයක්


ශිත සමය ආරම්භයත් සමගම ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරය අධික හිම පතනයකින් වැසීගියා..මේ සතිය ආරම්භයේ පටන් තරමක් සිතලක් පැවතියත් ඊයේ උදෑසන තත්වය වෙනස් වුණා.. අද උදෑසන පටන් පාසල් , ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල උනා ජෙරුසලම සහ හර්මොන් කියන ප්‍රදේශ වල..මෙය වසර 60 කට පසු ජෙරුසලම නගරයේ සිදුවූ විශාලම හිමපතනය සහ මුළු රටටම වැඩිම සීතලක් දැනුන සිසිරය බව මාධ්‍ය වාර්ථා වල කියවුණා..අද උදෑසන 30 mm දක්වා හිම පතනයක් ජෙරුසලම අවට පැවතුනා.ඒ වගේම රෝහල් රෝගීන්ගෙන් පිරීගිය බවත් සදහන් වුණා..මේ ලිපිය ලියන මොහොතෙත් ..අයිස් කැට ජනෙල් වලට වදින සද්දේ මහා ඝෝසාවක් වෙලා ඇහෙනවා ... 
මිනිස්සු සීතල එක්ක කරන යුද්දේ දකිද්දී ...ඒ වගේම ගිම්හානේදී අධික රශ්ණයත් එක්ක හැප්පෙන හැටි දකිද්දී මගේ රටට සොබාදහම කොච්චර දේ දීලා තියෙනවද කියලා හිතෙනවා..ඒත් 1947 දී තමන්ට කියලා රටකවත් නොතිබ්බ .. 1948 අපි සුද්දන්ගෙන් නිදහස ලබද්දීම අපි එක්කම එකට රටක් ලබාගත්ත යුදෙවුවෝ දැන් ඉන්න තැනයි ශ්‍රේෂ්ඨ අතීතයක් හිමි අපි දැන් ඉන්න තැනයි දැක්කම මගේ රට ගැන හරිම කනගාටුයි ...









___________අපුර්වි________

Monday, 4 November 2013

දරුවන්ට පහර දුන් මවත් පියාත් උසාවි යයි ...


                             තමන්ගේ මවගෙන් සහ පියාගෙන් පහර කෑමට ලක්වුණ බිළිදුන් දෙදෙනෙක් අද රෝහල් කළා ,, මේ සිද්දිය ඊශ්‍රායල් වල සිද්ද වුනේ ,, මේ දරුවන් දෙදෙනාම බිළිදුන්,,, අම්මා තාත්තා  ඉතාම තරුණ දෙන්නෙක් ,,දරුවන් රෝහල් ගත කර දෙමාපියන් උසාවි දැම්මා ,, මේ රටේ දරුවන් වෙනුවෙන් රජය ගොඩක් කැප වෙනවා ,, වචන වලින් විතරක් නෙමේ ,, රජය නිතරම දරුවන් ගැන හොයා බලනවා ,, නිතර රුපවාහිනී වෙළද දැන්වීම් වල පවා දරුවන්ගේ වටිනාකම කතා කරනවා ,,,ඒ වගේම දරුවන් අඩන අවස්ථාවල මේ ආකාරයට අකාරුණික විදියට දරුවන්ට සැර කරන දෙමාපියන්ගේ ක්‍රියාවන් වීඩියෝ ගත කර පොලීසියට ඉදිරිපත් කරන්න කියලා නිතර මිනිස්සු දැනුවත් කරනවා ,, ඒ ආකාරයට තමයි මේ දෙමවුපියන්ටත් උසාවි එන්න සිද්ද වුණේ,, 
                                       මේ රටේ දූදරු  සබඳතා ඇත්තටම අපේ රටවල් එක්ක බලද්දී සෑහෙන්න වෙනස් ,, ඒ ගැන වෙන ලිපියකින් ලියන්නම් පුංචි කාලේ අහලා තියෙනවා අපි අයිති දෙමවුපියන්ට නෙමේ ආණ්ඩුවට කියලා ,, ඒ කථාව මතක් වුණා මේ පුවත දැකපු වෙලාවේ ,, "හරි වරද නොතේරෙන කිරිකැටියන්ට රිදවන සහ දඩුවම් කරන පුද්ගලයන් මානසික ව්‍යකුලතා ඇති අය කියලා මං මුලින් හිතන් හිටියේ ඒත් මේ දෙමවුපියෝ එහෙම අය නෙමේ ,,, කාලයත් සමග සියල්ල වෙනස් වෙද්දී දාරක ප්‍රේමයනුත් වෙනස් වෙනවද ,,, කියලා හිතුණා. හ්ම්ම්ම් ,, 




අන්තර්ජාලයෙන් 










Related Posts Plugin for WordPress, Blogger...