Showing posts with label ක්‍රීඩා පුවත්. Show all posts
Showing posts with label ක්‍රීඩා පුවත්. Show all posts

Tuesday, 19 November 2013

යතුරු පැදියෙන් රට දිනවූ පුoචි හපනෙක්




ශ‍්‍රී ලංකාවට ගෞරවයක් අත් කරදෙමින් පිලිපීනයේ  මැනිලා නුවර පැවති 2013 ආසියානු  මෝටර් රථ ධාවන ශූරතාවලියේ යතුරු පැදි  කනිෂ්ඨ අංශයේ අනු ශූරතාව   ශ‍්‍රී ලංකාව නියෝජනය කළ  වන ජැක් ගුණවර්ධන දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකා යතුරු පැදි සංගමයේ වත්මන් සභාපති උපාලි දසනායක, හිටපු සභාපති ටී. රඝුනාදන් යන මහත්වරු සහ ජැක් ගේ පවුලේ අය හා හිතවත්තු ජැක් ගුණවර්ධනව  ගුවන්තොටුපොළේ දී  ඉතා උණුසුම් අන්දමින් පිළිගත්හ.



ශ්‍රී ලoකා යතුරු පැදි සoගමයේ සභාපති උපාලි දසනායක (වමේ සිට ) ජැක් ගුනවර්ධන, ඩ්වේන් ගුනවර්ධන , හිටපු සභාපති ටී රඝුනාදන් ගුවන්තොටුපොළේදී



ශ‍්‍රී  ලංකා යතුරු පැදි තරග ඉතිහාසයේ අන්තර් ජාතික තරගාවලියකින් පදක්කමක් දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය බව  ශ‍්‍රී ලංකා යතුරු පැදි සංගමයේ සභාපති උපාලි දසනායක මහතා පැවසුවේය.
පසුගිය 16 සහ 17 දිනවල රටවල් 23 ක සහභාගීත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවර පැවැති මෙම තරගාවලියේදී   කණිෂ්ඨ අංශයේ ශූරතාවය පිලීපිනය විසින් දිනාගන්නා ලද අතර අනුශූරතාව ශ‍්‍රී ලංකාවට හිමිවිය.
ජැක් නුගේගොඩ ලැයිසියම් විදුහලේ 9 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුගේ පුහුණුකරු වශයෙන්  පියා වන ඩ්වේන් ගුණවර්ධන මහතා කටයුතු කරයි. ඔහුට පුහුණු වීම සඳහා ධාවන පථ පහසුකම් ලබා දී ඇත්තේ හරේන් යටවක මහතාය.
ලබන වසරේ ආසියානු යතුරු පැදි තරගාවලියේ  ශූරතාවය දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් රට වෙනුවෙන් උපරිම දක්ෂාතා පෙන්වීමට බලා පොරොත්තු වන බව ඔහු ගුවන් තොටුපොළේදී කීය.
මෙම ජයග්‍රණ රටට ගෙන ඒමට අත දුන්  ක‍්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ,  පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, මැක්ලරන්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී රොහාන් ද සිල්වා, සියැට් ආයතනයේ නිලධාරීන් මෙන්ම ලැයිසියම් විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සෙසු සියළු දෙනාම ගෞරවයෙන් සිහිපත් කරන  බව ජැක් ගුනවර්ධන  පැවසීය.


                                                                                                              @  කුමාරසිරි ප්‍රසාද්












Monday, 18 November 2013

ගාල්ල මහින්ද විද්‍යාලයට නව ක්‍රිකට් පුහුණු කරුවෙක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් අරඔට නවමු ආකාරයේ දක්ෂයින් හදුන්වාදුන් ගාල්ල මහින්ද විද්‍යාලයට නව ක්‍රිකට් පුහුණු කරුවෙකුගේ සේවය ලබා ගෙන ඇතැයි වාර්තා වේ.
වාර්තා වන අන්දමට ඔහු ආදි මහින්දියෙකු වන හිටපු දක්ෂ ක්‍රීඩකයකු සහ මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති ධනුෂ්ක දෙනගම මහතා බව පැවසසේ.
ධනුෂ්ක දෙනගම මහතා මේ වන විට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 13 පහල හා 15 පහල පුහුණු කරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ කාල සීමාව තුල රිච්මන්ඩ් විද්‍යාලය පස් වතාවක් අවසාන මහා තරග සදහා සුදුසුකම් ලබා ඇත.
කෙසේ නමුත් ධනුෂ්ක දෙනගම මහතාට මහින්දයට පැමිණෙන බොහෝ දෙමාපියන් ගුරුවරුන් ඇතුඵ කිහිප දෙනෙකු කාලයක සිට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි.
මේ පිළිබදව ධනුෂ්ක දෙනගම මහතාගෙන් අප කල විමසුමක දී ඔහු කියා සිටියේ, එහෙම අරාධනාවක් ලැබිලා තියෙනවා.  ආදි මහින්දීයෙකු වන හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක උපුල් චන්දන මහතා සමග මම දැනට සාකච්චා කොට තිබෙනවා. මම යෝජනා කිහිපයක් කරලා තියෙනවා. ඒ යෝජනා ගැන සැහීමකට පත් වේ නම් පුහුණු කරු තනතුර භාරගෙන කටයුතු කිරීමට කැමතියි. යෝජනා මුදල් ගැන නම් නෙවෙයි.
@ ලංකින්ද නානායක්කාර

Sunday, 17 November 2013

සචින් ට ඉන්දියාවෙන් ඉහළම ගරු නාමයක්



ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ඉන්දියාවේ සිවිල් පුරවැසියෙකුට හිමිවන ඉහළම ගෞරව නාමය වන භාරත් රත්න නාමයෙන් පිදුම් ලබයි. අගමැති මනමෝහන් සින් එරට ජනාධිපතිවරයාට කල නිර්දේශ අනුව මෙම ගෞරව නාමය ඔහුට පිරිනැමේ.
සචින් තෙන්ඩුල්කාර්  වසර 24 ක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් තරග 664 කට සහභාගී වී ශතක සියයක් ලබා ඇත.
භාරත් රත්න ගරු නාමයෙන් පිදුම් ලබන පළමු ක්‍රීඩකයා මෙන්ම ලබාලම ඉන්දීය පුරවැසියා වීමේ ගෞරවයද සචින් තෙන්ඩුල්කාර් ලබා ඇත. ඔහුගේ වර්තමාන වයස අවුරුදු 40 කි.
තෙරේසා මව්තුමිය, ඉන්දියාවේ පළමු අගමැති ජවහල්ලාර් නේරු , හිටපු නායකයන් වන අගමැතිනි ඉන්දිරා ගාන්ධි , අගමැති රජීව් ගාන්ධි  හා දකුණු අප්‍රිකා ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා යන මහත්ම මහත්මීන් භාරත් රත්න නාමයෙන් පිදුම් ලබා ඇත.
2014 ජනවාරි 26 ට යෙදෙන ඉන්දීය ජාතික දිනයේදී රාජ්‍ය ගෞරව සහිතව භාරත් රත්න නාමය සචින් තෙන්ඩුල්කාර් වෙත පිරිනැමීමට නියමිතයි.
කුමාරසිරි ප්‍රසද්

Saturday, 16 November 2013

රජරටින් හා බටහිරින් කරාතේ තරු

නේපාලයේ පැවති 4 වන විවෘත අන්තර් ජාතික කරාතේ තරාඟාවලියේ දී පොලොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයේ ඒ එල් සී ලාලින්ද්‍රා  තරඟාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙස ජයග්‍රණය ලබා මව් රට පැමිණියාය. ශ්‍රී ලoකාව නේපාලය ඇතුලු රටවල් හතක සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 580 ක් පමණ සහභාගී වූහ.

ලාංකිය කරාටේ කණ්ඩායමට රන් පදක්කම් 10ක්

ඉන්දියාවේ කේරළයේ පැවති  19 වන දකුණු ආසියාතික කරාතේ ශූරතාවලිය ට සහභාගීවූ ශ්‍රී ලoකා කණ්ඩායම රන් පදක්කම් 10 ක් රිදී පදක්කම් 9 ක් හා ලෝකඩ පදක්කමක් දිනා කටුනායක ගුවන් තොටුපොළින් මව් රටට පැමිණියේය.ඉකුත් නොවැම්බර් 9 හා 10 දිනවල රටවල් 6 ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වුණු බව ජපන් කරාතේ ෂිතෝරියෝ සිම්බුකාන් සන්ගමයේ ශ්‍රී ලන්කා ප්‍රධාන උපදේශක සෙන්සෙ අනුර ප්‍රියන්ක පැවසීය. ඉන්දියාව , නේපාලය , බoග්ලාදේශය , භූතානය , දකුණු අප්‍රිකාව හා
ලoකාව මෙම තරගාවලියට සහභාගී වූ රටවල් වේ.
Related Posts Plugin for WordPress, Blogger...