Friday 6 December 2013

කොතල හිඹුටු ලoකාවෙන් වඳවෙන ලකුණු

                                     
                                      

                පාලනයකින් තොරව ජාවාරම්කරුවන් මෙරට ස්වභාවිකව වැවී ඇති කොතල හිඹුටු අපණයනය සදහා විනාශ කිර්‍රිම නිසා  කොතල හිඹුටු මෙරටින් තුරන් වීමේ අවධානමට ශ්‍රී ලoකාව මුහුණ දී ඇතැයි රේගු  ජෛව විවිධත්ව,සoස්කෘතික හා ජාතික උරුමයන් සුරකීමේ අධ්‍යක්ෂක  සමන්ත ගුණසේකර කියයි. මෑත කාලයේ කටුනායක ගුවන් ගැල් බඩු ගම්මානය හරහා  රටින් පිට කීරීමට තැත් කිරීමේදී රේගුව අත් අඩoගුවට ගත් කොතල හිඹුටු තොගයක් ආයුර්වේද දෙපාර්තමෙන්තුවට බාරදෙමින් ඔහු එසේ පැවසීය. කොතල හිඹුටු කිලෝ ග්‍රෑම් 323 ක් හා සුදු හඳුන් තොගයක් මෙහිදී ආයුර්වේදයට භාරදුණි.








           මෙරට ආයෝජනය ට පැමිණ ඇති ජපන් සමාගම් කීපයක් මෙම ජාවාරම පිටිපස සිටින බව ඔහු කියයි. ජපානය තුල කොතල හිඹුටු වලට ඇති විශාල ඉල්ලුම හා කොතල හිඹුටු වල ඇති ඖෂධීය වටිනාකම  එරටට මෙසේ කොතල හිඹුටු හොර රහසේ ගෙන යාමට හේතුවවී  ඇත. එසේම එමගින් නිපදවන ඖෂධ සඳහා පේටන්ට් බලපත් ජපානය හිමිකරගෙන සිටී. කොතල හිඹුටු වලට ලොවපුරා පේටන්ට් බලපත් 144 ක් පමණ දැනට ලබා ඇති අතර තවත් විශාල ප්‍රමාණයක්  අපේක්ෂිත  මට්ටමින් පවතී. මෙරට පාරම්පරික  වෙදකමේදී දියවැඩියාව පාලනය සදහා කොතල හිඹුටු භාවිතා කර ඇත. ඒ දැනුව උපයෝගී කරගෙන නවීන තාක්ෂණ ක්‍රම වලට අනුව ඖෂධ නිපදවූවත් ජාත්‍යන්තර වෙළද පොළේ අලෙවි කිරීමේදී නීතිමය ගැටලු ඇතිවේ.




             සැලේසියා රෙටිකිලාටා  (Salacia reticulata)  යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන කොතල හිඹුටු ශ්‍රී ලoකාවේ දේශීය ශාකයකි.මෙරටේ වැවෙන කොතල හිඹුටු වල ඖෂධීය ගුණය ඉන්දියාවේ හෝ අන් රටවල වැවෙන ප්‍රභේදයන්ට වඩා වැඩිවේ. එමනිසා ජාත්‍යන්තර වෙළද පොළ තුල දැඩි ඉල්ලුමක් ඇත.
කොතල හිඹුටු සෙමෙන් වැවෙන වැල් වර්ගයකි. මෙරට වියළි කලාපීය වනාන්තර තුල වැඩි ලෙසම වර්ධනය වේ.පරිණතවීමට බොහෝ කාලයක් ගතවේ. ජාවාරම් කරුවන් පාලනයකින් තොරව  කොතල හිඹුටු කපා දැමීම නිසා වර්තමායයේ වද වීමේ තර්ජනයකට ද මුහුණ දී ඇත.
2009 අoක 22 දරණ වන සත්ව හා වෘක්ෂලතා (සoශෝධිත ) පණත මගින් ආරක්ෂිත ශාකයක් ලෙස කොතල හිඹුටු නම්කර ඇත.ආරක්ෂිත ශාකයක් ගැලවීම, විනාශ කිරීම, හානි කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. එසේම  කොතල හිඹුටු අපණයනය ද තහනම් වේ

                                                                                                                                                                @ කුමාරසිරි ප්‍රසාද්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...