Monday 11 November 2013

උතුරු පළාත් සභාවේ වැඩ ආරම්භය


                        උතුරු පළාත් සභා දෙවන සැසි වාරය ඊයේ 11 ‍යාපනය කයතඩි පිහිටි පළාත් සභා ගොඩනැගිල්ලෙදි පැවැත්විණි යාපනය පොලිසිය මගින් සංවිධානය කොටතිබු දර්ශනිය උත්තමාචාර පෙළපාලියක් මධ්‍යයේ උතුරු පළාත් ආණ්ඩුකාර වරයා පළාත් සභා ගර්භය  වෙත රැගෙන එනු ලැබීය.
                     මෙවර පළාත් සභාව සාම්ප්‍රදායික ලෙස පැවැත්විම‍ට කටයුතු යොදා තිබුණු අතර  ආණ්ඩුකාරතුමන්ගේ  දේශනයත් සමග පළාත් සභාවේ වැඩ කටයුතු ආරම්භ කෙරිණ ආණ්ඩුකාරතුමන්ගේ දේශනය ආරම්භ වනවාත් සමගම පළාත් සභා ගර්භයෙන් පළාත් සභාවේ  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු පමණ ආණ්ඩුකාරතුමන්ගේ කතාව වර්ජනය කරමින් ඉවත්විගියහ.

එසේඉවත්ව ගියේ දෙමල ජාතික සංධානය එම්.කේ. සිවජිලිංගම් , ආනන්දිශෂිදරන් හා චන්ද්‍රලිංගම් සුගින්දරන් යන මන්ත්‍රි වරුන්ය , නැවත දේශනය අවසන් වනවාත් සමග ඔවුන් නැවත  සභා ගර්භය වෙත පැමිනියහ.මෙලෙස පළාත් සභාව පැවැත්වෙන අතර තුර පළාත් සභාව ඉදිරි පිට යාපනය  දිස්ත්‍රික්කයේ සවේච්චා ගුරු සේවයේ නිරතවන ගුරුවරුන් 200 පමන පිරිසක් උද්ඝෝශයක නිරත විය.මොවුන් පවසා සිටින්නේ යුද්ධය පැවති වසර ගණනාවක සිටම තමන් විශාල දුක් ගැහැටක් වදිමින් තම සේවය කරන බවත්  මෙ වන  විට තමන්ගේ සේවය ස්ථිර කිරිම වෙනුවට සේවයෙන් පහ කිරිමට කටයුතු කරන බවයි. එමනිසා තම සේවය ස්ථිර කර දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝශනයේ නිරිත විය.  මෙහිදි එම ස්ථානයට  ගිය පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකලරාජා මොවුන් සමග සාකච්චා කොට ඉදිරිකාලයේදි මේ සම්බන්ධව කටයුතු කරන බවට පොරොන්දු විමෙන් අනතුරුව උද්ඝෝෂකයින් විසිර ගියහ.











නිමල් රත්නායක

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...