Sunday 3 November 2013

ගජමුතු ළග තබාගත්තාට ලක්ෂය බැගින් දඩ

මීගලෑව ප්‍රදේශයේ  ගජමුතු සමඟ අත්අඩංගුව ගැණුනු දෙදෙනකුට ගල්ගමුව උසාවිය රුපියල් ලක්ෂය බැගින්  දඩ නියම කරයි.

මීගලෑව  ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු ළඟ ගජමුතු විකිණිමට ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මීගලෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී .පී ගුණසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ගජමුතු මිලදී ගැනීමට යන මුවාවෙන් ගොස්  මෙම  පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදී.ඉන්පසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු   වරද පිළිගැනීමෙන් අනතුරුව  උසාවිය මගින් මෙසේ දඩ නියම කර තිබේ. 

ගජමුතු ළඟ තබාගෙන මෙසේ උසාවිය ඉදිරියේ වරදකරුවන් බවට පත්වූයේ මීගලෑව ප්‍රදේශයේ ම පදිංචිකරුවන් දෙදෙනෙකි.
@ සකුන්තලා ජයසිංහ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...